ආත්තම්මා………

leelawathi-4-blog-dsc_0147

භාගෙට ඇරිලා තියන ජනේලේ දිහා බලාගෙන ආත්තම්මා ලොකු කල්පනාවක. ජනේලෙන් හීන් හිරිකඩක් ගේ ඇතුලට ආවත් ආත්තම්මාගේ දැහැන බිඳින්න මට ඕන වුනේ නෑ…….

ආත්තම්මා වැහැරිලා ගියේ අපි නිසාම නේද කියල හිතෙනකොට මට මහා පුදුම දුකක් හිතට එනවා..අම්මයි අප්පච්චියි සුනාමියෙන් නැතිවුන දවසේ ඉඳන් අපිව උස් මහත් කරවන්න ආත්තම්මා දරපු දුක් කරදර මේ මහා මුහුද තරම්.

මම දන්න තරමින් ආත්තම්මා කියන්නේ ජීවිතේ සැපක් විඳපු කෙනක් නෙවෙයි… සීයා නැති වෙලා තියෙන්නේ අම්මලා පුංචි කාලේදී ලු. එදා ඉඳන් අම්ම, ලොකු අම්මා, පියල් මාමා ජීවත් කරේ අත්තම්ම තමා. හංදියේ ගාමන්ට් එකේ දවස පුරාවටම මැෂින් එක්ක ඔට්ටු වෙලා ඇවිත්, ආයේ උදේ පාන්දර නැගිටලා හැලප, පැණි ආප්ප විකුණලා තමා අම්මලාව බලා ගත්තේ.. ඒ ධයිර්යෙන් තමා පියල් මාමා කැම්පස් ගියෙත්. ඒත් අද පියල් මාමා, ආත්තම්මා ඉන්නවද මළාද කියල හොයල බලන්නේ නෑ..මාමට ලැජ්ජා ඇති අම්මා කියන්න..දැන් ලොකු මනුස්සයෙක් නේ..මට නම් පියල් මාමා ගැන තියෙන්නේ පුදුම කලකිරීමක්.

“මොනවද මයේ පුතේ උඹ කල්පනා කරන්නේ”

අත්තම්මා අහපු විදියට මම ගැස්සිලා පියවි සිහියට ආවා…..

“මුකුත් නෑ අත්තම්මේ”

“මම දන්නවා පුතේ…උඹට මම ගැන දුකයි නේද ??තව ටික දොහයි නේ පුතේ…උඹට ඉක්මනට පත්වීමේ ලියුම එනවා මට එක විශ්වාසයි ..ඊට පස්සේ උඹට පුළුවන් නේ නංගිවයි මල්ලිවයි බලා ගන්න….උඹලා මට බරක් නෙවෙයි පුතේ…මට උඹේ මූණ දැක්කම මගේ පොඩි එකීව මැවිලා පේනවා, උඹ මාව බලා
ගන්න කරදර වෙන්න ඕන නෑ, මට ඔය කොහොමහරි ජීවත් වෙන්න පුළුවන් නේ”

ආත්තම්මා එහෙම කියද්දී මගේ ඇස් දෙකට කඳුලක් ආවා…වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “අම්මා” කෙනෙක්…ආත්තම්මා කවදාවත් ළමයින්ගෙන් මුකුත් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි…මාමා අද ලොකු තැනක ඉන්න එක ගැන හැමෝටම කියන්නේ උජාරුවෙන්. කවදවාත් මාමා ගැන වැරද්දක් කාටවත් කියන්නේ නෑ…අර සින්දුවේ කියන එක හරි…

“දරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා
දුක සැපබලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුඳත් කඳුලක් කරවා
බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවා”

කවදාහරි ආත්තම්මව රැජිණක් වගේ බලා ගන්නවා. මට අම්මා, තාත්තා දෙන්න වෙනුවටම මගේ ජීවිතේට එලිය උනේ ආත්තම්මා. මෙච්චර කාලෙකට මගේ ලෝකෙම උනේ අත්තාම්මා තමා.

“පුතේ..හෙට පන්සල් හන්දියේ පොළ දවස…උදෙන්ම යන්න ඕන නිසා මම නිදන්න යනවා..උඹ නංගිවයි මල්ලිවයි ලැස්ති කරලා ඉස්කෝලේ යවපන්..මම කෑම හදල තියෙන්නේ”

පුදුම යකඩ ගැහැනියක්….උදේ පාන්දර නැගිටලා කාම හදල පොළට ගිහින් විකුනනවා… ඔය සොච්චමෙන් තමා අපිව උස් මහත් කලේ, මාව කැම්පස් යැව්වේ…සල්ලි ටිකක් වැඩිපුර ලැබුනොත් පන්සලට ටිකක් දීලා හන්දියේ හොටෙල් එකෙන් රයිස් එකක් අරන් එනවා අපිට කන්න…..

හරි අත්තම්මේ මම කරන්නම් කියල මමත් නින්දට වැටුනා…

පහුවෙනිදා උදේ නැගිටලා බලද්දී අත්තම්මා පිටත් වෙලා ගිහින්….මම මල්ලියි නංගියි ලෑස්ති කරලා වෙලාව දිහා බැලුවා…අත්තම්මට අද බුදු පහන තියන්න අමතක වෙලා…මම ගිහින් පහන තියලා ගෙදර අස් කරන්න ගත්තා..ඒ වෙලාවේ අත්තම්මගේ මගුල් ෆොටෝ එකට මගේ ඇහැ ගියා….ඒ කාලේ අත්තාම්මගේ ලස්සන….මට ඒ ෆොටෝ එක දකිද්දී හැමදාම මතක් වෙන්නේ අම්මව……අම්මගේ මතකයන් එක්ක මං අතරමං වෙද්දී ලියුම් මාමගේ බෙල් එකේ සද්දේ ඇහිලා මම එලියට ගියා….

දෙවියනේ….මගේ පත්වීමේ ලිපිය…මේක දැකපු ගමන් මේ ලෝකේ වැඩියෙන්ම සතුටු වෙන්නේ මගේ ආත්තම්මා, දැන්ම පොලට ගිහින් කියන්න ඕන කියල හිතල මම දඩිබිඩියේ ලෑස්ති වෙලා පොළ දිහාට ගියා…

පොළ ගාව වෙනදට වඩා අද සෙනග…අත්තම්මටත් අද සරු වගේ….තවත් ඉස්සරහට යද්දී පොලිසියෙනුත් ඇවිත්.දෙයියනේ මොකක්ද මේ වෙලා තියෙන්නේ…..

අනේ මයේ ආත්තම්මා ……..

පාරේ ගිහිපු කාර් එකක ඩ්‍රයිවර්ට නින්ද ගිහින්….මගේ මුළු ලෝකෙම කඩා ගෙන වැටෙනවා වගේ මට දැනුනා….මට සිහිය එද්දී මම හිටියේ ඉස්පිරිතාලේ….අනේ මගේ අත්තාම්මා අපිව දාලා ගිහින්……………

ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි ….
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත ..

ආත්තම්මා…………..

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

One thought on “ආත්තම්මා………”

  1. මේ post එක කොයි තරම් මාව සංවේදී කලාද කියන්න වචන නෑ සර්.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s