කොළඹ ජීවිතය…..

අම්මේ…..
එහා ගෙදර සිල්වා අංකල් නැතිවෙලා
හත් දවසේ දානේ අනිද්දලු…
එත් අපි දන්නේ අද….
මල් ශාලාවේ තිබිලා තියෙන්නේ
අපිට කරදර කරන්න ඕන නැති නිසා
කිව්වේ නැහැලු
මේ වගේ වේලාවටවත්
උදව් කරන්න බැරි මනුස්සකමින්
වැඩක් තියේද අම්මේ?
අම්මට මතකද?
එහා ගෙදර සීයා නැති වුන දවස්වල
අපේ තාත්තා
ගෙදර තාප්පෙන් කෑල්ලක් කඩලා
වත්තේ ටෙන්ට් ගහලා
එන කට්ටියට කන්න දුන්නා?
අපිට වැරදුනාද?
අපි වරද්ද ගත්තාද?
පොඩි කාලේ
හීන දැක්ක ජීවිතය
මේක නම්
මට නම් වැරදුණා
අම්මේ!!!
නිදහසට කරුණක්
කියන්නද මම
කොළඹ හරි නපුරුයි අම්මේ

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

2 thoughts on “කොළඹ ජීවිතය…..”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s