විනාඩි 3ක් අද පරක්කු උනා…
සුපර්වයිසර් සර් බැන්නේ මම හැමදාම පරක්කු වෙනවා වගේ….
මොනවා කරන්නද…
වතුර බිල වැඩීයි කියල බෝර්ඩිමේ ඇන්ටි ලිඳෙන් වතුර ගන්නලු..
ලිඳ ගාව පුදුම පෝලිමක්…
ලබන මාසේ ඉඳන් බෝර්ඩිමේ ගාණ වැඩි කරනවලු…
නංගි ගේ මගුල් ගෙදරත් ලඟයි…
ඒකෙ වියදමට තියන් හිටපු සල්ලි වලින් අම්මගේ බේත් ගත්තේ…
බේත් වලටම මාසෙට 15000ක් යනවා..
මල්ලි එහෙන් අඬනවා පන්ති සල්ලි ඉල්ලලා…..
ලබන මාසේ ඉඳල ඕ.ටී නැතිලු…
ඕර්ඩර් නැති නිසා සෙනසුරාදා වැඩ කරන්නේත් නෑලු
පපුව හෝස් ගාලා ගියා ඒක ඇහුවම
අනේ තාත්තාවත් හිටියා නම්…..
සල්ලි නම් මොනවද?
මිනිස්සු හම්බ කරපන්….
තාත්තා කිව්වා මතකයි
තාත්තා හම්බ කරපු මිනිස්සු….
මම පොඩි කාලේ මවපු හීන…
අපේ මහ ගෙදර…..
ඔක්කොම දේවල්
තාත්තා එක්කම ගියා
අම්මා කියනවා
උඹ ඔච්චර මහන්සි වෙන්න එපා කියල…
පොඩි කොල්ලට රස්සාවක් හොයලා
දීපන් උබලගේ වැඩපලෙන්ම
උඹ ඉගෙන ගනින් පොඩ්ඩෝ
මම උඹව ගොඩ දාන්නම්
මම, මම ගැන දැකපු හීන…..
උඹ සැබෑ කර ගනින්
දැන් ඉතින් මට…
කොහොමත් ඒවා හීන විතරයි…
එක දෙයක් පොරොන්දු වෙයන්
මට බැරි කාලේක
අම්මට හොඳට සලකපන්
මට සැලකුවේ නැතත්
– ලොකු අක්කා-
හරිම හැඟීමබරයි…
LikeLiked by 1 person
තමන්ට හමු වෙච්ච මෙවන් ලොකු අක්කලා හැමෝටම පුලුවන් උපරිමෙන් කරැණාවන්ත වූ ඔබ ගැන අවංකවම ආඩම්බරයි සුරාන් සර්.
LikeLiked by 1 person
නොසැලී ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා…
LikeLike
❤️
LikeLike