අනේ මැණිකේ…
දෝණි අද පරක්කුයි
මගේ හිතටත් ටිකක්
බයයි වගේ…….
ඔයාට විකාර
විභාගේ ළඟ නිසා
පන්ති ගොඩයි
තව ටිකකින් ඒවි…..
මැණිකෙට මතකද?
මම ඉස්සර ගාල්ලේ
ඉඳන් හැමදාම
කොළඹ ආවා
දෝණිගේ හිනාව බලන්න
මට නින්ද යන්නේ නෑ
මැණිකේ ඒ හිනාව
දකින්නැතුව….
මතකද?
මේකි පොඩි සංදියේ
ලෙඩ උනා
මම මැණිකේට
නොකිව්වාට
අපේ මගුල් මුද්ද
උගස් කළා
බෙහෙත් ගන්න
සමාවෙයන් මට
නොකිව්වාට
මතකද?
හන්දියේ නානාගෙ කඩේ?
හැමදාම මොනවහරි
ගේනකම් දෝණි
බලන් ඉන්නවා
මම ණයට කෑම
ගෙනාවා මැණිකේ
මේකි සතුටින්
තියන්න……
මට විශ්වාසයි මැණිකේ
අපිව කවදාහරි
දෝණි ගොඩ දානවා ….
අපේ දෝණි
හොඳ තැනකට එනවා…..
අර කව්ද බලන්න එන්නෙ
මැණිකේ ….
පොලිස් ජීප් එක නේද?
“මේ සිල්වා මහත්තයාගේ
ගෙදර නේද?
පොඩි කරදරයක් වෙලා
තියෙනවා
දුව කෝච්චියට බෙල්ල තියල
මේ ලියුම තිබ්බේ එතන
“අනේ තාත්තේ
මට සමාවෙන්න
මම යනවා”
අනේ දුවේ……
සමාවෙයන් මට
උඹව බේරා නොගත්තාට
උඹට ගොඩාක් රිදුනද
මයේ පුතේ
සමාවෙයන් මට
උඹේ ඔය හිනාව
අන්තිම වතාවට
නොදැක්කාට
හැබැයි පුතේ
දෙවියො උඹට
සමාව දෙයිද
මාවයි අම්මවයි
නුඹ නැති
සොවින්
මැරි මැරි
ඉපැද්දුවාට
තාවකාලික පෙම්වතෙකුට මුවා වී තමන් ආදරයෙන් හැදූ දෙමාපියන් අමතක කරන අය කියවිය යුතුම කතාවක්..
LikeLike
නොනා මේ පුංචි සපත්තු දෙක
මගෙ දොණි බදින දවසට
මට දෙන්න
පරිස්සමින් අරං තියන්න….
අප්පච්චිලා එහෙමයි.
LikeLike