ගං වතුරත් බැහැල ගියා……
ඒත් තාත්තා………
තාම මඩ පාට
මැලවිලා ගිය
කුඹුර දිහා බලන්
හූල්ලන හැටි දැක්කම
මගේ ඇස් දෙකේ කඳුළු පිරුණා
ලොකු නැන්දගෙ ණය….
මගේ පන්ති සල්ලි…
අම්මගේ බෙහෙත් වියදම්…..
ගිය මාසේ තාත්තා කිව්වා
ඔන්න පුතේ මේ පාර නම්
අපි විභාගෙට කලින්
අනුරාධපුරේ යමු
මේ පාර නම්
දෙයියන්ගේ පිහිටෙන්
අස්වැන්න හොඳ වේවි
අපි පොඩි හෝටලේක
නවතිමු….
හැමදාම පන්සල්වල
නවතින්න බැහැ නෑ
අපිට හැමදාමත්
වරදින්නේ නෑ මයේ පුතේ
කියල මගේ ඔලුවත්
අත ගෑවා…..
එත් දැන් තාත්තගේ මූණෙ
තියෙන අසරණකම
වැහි දෙයියෝ දැක්ක නම් ……..
මගේ ඇස් දෙකේ කඳුළු
පිරෙද්දීම
අම්ම අඬගැහුවා
ලොකු පුතේ මේ තේක
දීපන් තාත්තට
මම තේක අරන් යද්දී
තාත්තා මට නොපෙනෙන්න
කඳුළු පිහිදන්න හදන හැටි
මම හොඳට දැක්කා……
අපි ආයෙම අලුතෙන්
පටන්ගමු තාත්තේ
මම ඊළඟ අවුරුද්දේ
විභාගේ කරන්නම්
මේ පාර මම තාත්තට
උදව් කරන්නම්………
අනේ උඹේ පණ්ඩිතකම්
උඹ ගිහින් පාඩම් කරපන්
මට හයි හත්තිය තියෙනකම්
මම උඹට උගන්වන්නම්
හැබැයි මට එක දෙයක්
පොරොන්දු වෙයන් පුතේ
“මම වගේ නම් වෙන්න එපා”
එහෙම කියද්දීත් තාත්තගේ
ඇස් දෙකේ කඳුළු
ඔව් තාත්තේ….
මට තාත්ත වගේ දෙවියෙක්
වෙන්න බැරි වේවි….
ඒත් මට
මනුස්සකම
ආදරය
කැපවීම
උගන්වපු
තාත්තා වගේ වෙන්න බැරි නම්
ලෝකය දිනලා මොකටද
මේ ලෝකෙ හැම උතුම් තාත්තා කෙනෙකුටම උපහාරයක්..
LikeLike
“අනේ උඹේ පණ්ඩිතකම්
උඹ ගිහින් පාඩම් කරපන්
මට හයි හත්තිය තියෙනකම්
මම උඹට උගන්වන්නම්”
ඒ වචන ටික..තාමත් මතකයි. ❤️තාත්තා❤️
LikeLike
අනෙ උඹ ගාමන්ට් යන්නෙ එහෙම නෑ
ඉගෙන ගනින් මං පුළුවන් විදිහට කරන්නං …
තාත්තා ඇත්තටම මට එහෙම කිව්වා
😶
LikeLike