අනේ නැගිටපන් බං
රිදුනාද උඹට
ඔහොම ඉන්න එපා බං
නැගිටලා වරෙන්
පාලුයි බං……………
උඹ කිව්වා හරි මචං
මම නෑ කිව්වට
අපි වල් බල්ලො තමා
පාරෙනේ ඉපදුනේ
ඉඳුල් නේ කෑවේ
පෙඩිගිරිය නැහැනෙ
දඩාවතේනේ ගියේ
ඒකයි අපි “වල්”
මම පිළිගන්නම්…..
අනේ දැන්වත් නැගිටපන්
පුරුදු උණුහුම
නුපුරුදු වෙනකොට
අමාරුයි මචං

කුමන තරාතිරමක හිටියත් මේ ලෝකෙ හැමෝටම තමන් ආදරේ කරන අය ගොඩක් වටිනවා..
LikeLike