ඇයි මයේ පුතේ එහෙම අහන්නේ?
එදා අම්මා එක්ක අන්තිමට ඉස්කෝලේ
ගිහිපු දවසේ යාළුවො
කථා වෙනවා මට ඇහුණා
මට කැන්සර් එකක් ලු
පිස්සු…මයේ පුතාට තියෙන්නේ
වෛරස් උණක්
අනේ අම්මේ
මෙහෙම තට්ටේ තියන් නම්
ඉස්කෝලේ යන්න බෑ
ළමයි අමුතු විදියට මං දිහා බලන්නේ
මේ බස් එකට නගිද්දීත්
දැක්ක නේ?
මම නම් ආයේ ඉස්කෝලේ
යන්නේ කොණ්ඩෙ වැවුනම තමා
දින කිහිපයකට පසු….
ඇයි අම්මේ අපි ගෙදර යන්නේ නැත්තේ….
මට මෙතන ඉඳල ඇති වෙලා
ලේ ගන්නවා ඉවරයක් නෑ
බඩ රිදෙන එක අඩු වෙන්නෙත් නෑ
තවත් දින කිහිපයකට පසු……..
අම්මා මට බොරු නේද කිව්වේ
මට කැන්සර් එකක් තමයි…..
මට ඇහුණා….
මං මැරෙයි අම්මේ
මම දවස් කීයක් තියෙනවද?
අම්මා ඔහොම අඬලා
කඳුළු පිහිදන් එන්න එපා…
අඬලා ඉන්නේ කියල පේනවා
තාත්තා වගේ ඉන්න
අක්කට කියනවද
මම ගාව දවසක් දෙකක්
නවතින්න කියල?
මට ආයේ ගෙදර
යන්න බැරි වෙයි නේ අම්මේ?
මගේ සෙල්ලම් බඩු ටික
මල්ලිට දෙන්න….
එයාට කියන්න
මගේ සෙරෙප්පුව කැඩුවට
මම තරහ නෑ කියල
ඔහොම දුකෙන් බලන්න එපා
අම්මේ…
මට ඕන හැම වෙලාවේම
අම්මා ළඟ හිටිය නේ…
දැන් නම්
හොඳටම අමාරුයි
අම්මේ…
මට යන්න වෙලාව
හරි වගේ….
අම්මා මට
පොරොන්දු වෙන්න
ආයේ අඬන්නේ නෑ
කියලා?
ආදරෙයි අම්මේ
හැමදාමත් මම
යන්නම් මම දැන්……
පපුව පිච්චිලා ගියා ඒක කියවලා.
බොක්කටම වැදුනා 😢
LikeLike
Emotional story sir.😪😔
LikeLike
Suran sir it is really difficult for me to read these stories without crying . 😭😭😭😭😭
LikeLike
❤️
LikeLike