හාල් මැස්සාගේ මළ ගෙදර

තෝරෙකුයි මෝරෙකුයි
වලියක් ගිහින්
හාල් මැස්සෙක්
තැලිලා මැරිලා
තෝරයි මෝරයි
වැරැදි නැහැලු
හාල් මැස්සා
බීලාලු ඉඳලා
තියෙන්න….
මෝරාගේ ශෝක
පණිවිඩය
“මුහුද හඬයි
ඔබ නිහඬයි”
තෝරාගේ ශෝක
පණිවිඩය
“කඳුළු ගඟට
මුහුද යටයි”
මළ ගෙදර
පැත්තකට
කොණකට
වෙලා අඬන
අම්මා කියනවා
“අලි කෙළිනකොට
අපි තැලෙනවා
කියලා උඹ
ඇහුවනම්
අදත් උඹ
ජීවතුන්
අතර පුතේ”

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

2 thoughts on “හාල් මැස්සාගේ මළ ගෙදර”

  1. සංකීර්ණ සමාජ යතාර්ථයක් සියුම් විදිහට ලියලා තියෙනවා..

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s