හීන…… ලස්සනයි මවනකොට දුකයි බිඳෙනකොට

shattered-dreams15907050989325853294.jpg…………………………………

ත්‍රී වීල් මල්ලි :සර් කොහෙටද යන්න ඕන?

මම : කොල්ලුපිටිය හන්දියේ ස්ටේෂන් රෝඩ් එකට මල්ලි

ටික දුරක් යද්දී තිබ්බ නිහඬතාවය බිඳින්න මම ඇහුවා ” මල්ලි ගොඩක් කල් වෙනවද මේ ජොබ් එක පටන් අරන්”

නෑ සර්… දැන් අව්රුද්දක් විතර…..
සර් මගේ කථාව විශ්වාස කරන එකක් නෑ……මම ගියේ තර්ස්ටන් එකට….රගර් ගැහුවා සර්…. මගේ ජීවිතේම උනේ රගර් සර්……ලේ වල දිවුවේත් රගර්…..විභාගේ හරියට කලෙත් නෑ…. ඉස්කෝලෙන් පස්සේ එයාර් ෆෝස් එකේ රගර් ටීම් එකට ගියා සර්…. පඩි හොඳයි නේ…එත් සර් එක මැච් එකකදී මගේ බෙල්ලට පාරක් වැදෙනවා… මම අවරුදු 2ක් හොස්පිටල් එකේ….මට අම්මා තාත්තවත් අඳුරන්න බැරි උනා….ඩොක්ටර්ස්ලා මට කිව්වා රගර් නවත්තන්න කියලා…නැත්නම් මම පැරලයිස් වේවි කිව්වා….ඒක කියද්දී සර් මගේ ඔලුව ඇතුලේ අකුණු ගහන්න වගේ උනා….මගේ ජීවිතේම උනේ රගර්…..

මම : ඉතින් වන්දියක් ලැබුනේ නැද්ද?

ලැබුනා සර් …… ලක්ෂ 4ක් දෙන්නම් කිව්වා….මම මදි කිව්වම තව රුපියල් දහදාහක් ලැබුනා….මම තව ඉල්ලන්න ගියේ නෑ සර්…. ඊට පස්සේ ජීවත් වෙන්නත් විදියක් තියෙන්න ඕන නේ සර්….ඉතින් මේ රස්සාව පටන් ගත්ත….ජීවිතේ අලුතෙන්ම පටන් ගත්තා සර්…. අමාරුයි තමයි….ඒත් මොනව කරන්නද සර්…. දැන් කාටවත් අත පාන්නේ නැතුව ජීවත් වෙනවා….ඒ කාලේ හිටපු සමහර යාලුවෝ දැන් අහක බලන් යනවා සර්….එයාලට ලැජ්ජ ඇති….

සර් මෙතනට නේද එන්න ඕන කිව්වේ?

මම : ඔව් මල්ලි මෙන්න සල්ලි (නියමිත ගානට වඩා මම වැඩිපුර දුන්නේ මට හිතුනා මට ඒ වෙලාවේ කරන්න පුළුවන් උදව්ව ඒක කියල)

ඒත් ඔහු….. “සර් මෙතන වැඩිපුර සල්ලි තියෙනවා”

මම : කමක් නෑ මල්ලි තියා ගන්න…….

“එපා සර්…එහෙම හරි නෑ…මේක මම අද ගත්තොත් මම කම්මැලි වෙනවා…මට මගේ ගාන විතරක් දෙන්න… ඒ ඇති…. බොහොම ස්තුතියි සර්….මේක පුංචි රටක් නේ…. අපි ආයේ හම්බවේවි”…….

තව කෙනෙක් පාගා ගෙන කොහොමහරි නැගිටින්න හදන මිනිස්සු අතරේ…..අවංකවම ජීවිතේ ජය ගන්න හදන මිනිස්සු කීප දෙනෙක් හරි ඉතුරු වෙලා ඉන්නවා කියලා මතක් කරලා දීපු ඔබට….ජයෙන් ජය සහෝදරයා!!!!!

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

6 thoughts on “හීන…… ලස්සනයි මවනකොට දුකයි බිඳෙනකොට”

  1. සරල ජීවන අත්දැකීමක් අපූරැවට අකුරැ කරලා. හරිම ලස්සනයි සරී

    Like

  2. සරල ජීවන අත්දැකීමක් අපූරැවට අකුරැ කරලා. හරිම ලස්සනයි සර්..

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s