ඇටිටියුඩ් (Attitude) දුන් ළමයා වෙත ලියමි

ආදරණීය පුතේ,

පාඩම කියල දෙන වෙලාවේ උඹ කතා කර කර ඉඳලා ඩිස්ට්ර්බ් කරන්නේ මට විතරක් නෙවෙයි….අමාරුවෙන් හම්බ කරලා ණය වෙලා පුතාව දූව ගොඩ දාන්න මහන්සි වෙන අම්මලා තත්තාලගේ හීන වලට…..උඹට සල්ලි තියෙනව ඇති…උඹ මේක කරන්නේ ෆන් එකට වෙන්න ඇති..එත් මතක තියා ගනින් මේ වෙලාවෙත් තව අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් රැයක් දවාලක් නොබලා මහන්සි වෙනවා කියලා…

මට ඩිස්ට්ර්බ් කරපු එකට මට සමාව දෙන්න පුළුවන්.මම දෙවියෝන්ටත් කියන්නම් ඒකට උඹට සමාව දෙන්න කියලා … ….මම කොහොමත් බනින්නේ ඒ වෙලාවට විතරයි…මගේ හිතේ කිසි තරහක් නෑ උඹල ගැන….මට උඹල ඔක්කොම පොඩි ළමයි ටිකක් විතරයි…බනින්නේ හදන්න මිසක් වෙන කිසි දේකට නෙවෙයි…මම බැන්නම මට ඔරවලා බැලුවේ සමහරවිට වයසේ වැරැද්ද වෙන්න ඇති….නැත්නම් ඒ උඹේ හැටි වෙන්න ඇති.උඹේ ඇස් දෙකේ පිරිලා තිබුන තරහ මම හොඳට දැක්කා …මට ඒ වෙලාවේ හිතට ආවේ කේන්තිය මම පිට නොකළේ මගේ අම්මා තාත්තා මාව හදපු විදිය නිසා වෙන්න ඇති….නැතනම් මගේ පරිණත කම වෙන්න ඇති….

උඹ මෙහෙම හිතන්න ඇති…. “ඌ කව්ද යකෝ මට බනින්න…මම අහවලාගේ පුතා….මම සල්ලි ගෙවල එන්නේ…එක එකා ගෙන් වචන අහන්න මම කැමති නෑ..උඹලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලි වලින්…..උඹල ඔය නිකන් හම්බ කරන සල්ලි”

නිකන් එන සල්ලි නම් අපි ගාව නෑ පුතේ..නිකන් හම්බවෙන රුපියල් 100ට වඩා අමාරුවෙන් හම්බකරන රුපියලත් වටිනවා කියලා අම්මල තාත්තලා අපිට උගන්වලා තියෙනෙව….උඹ හිතනවනම් මෙතන ඇවිත් පැය පහක් නිකන් කියවලා ගියාම සල්ලි හම්බවෙනවා කියලා එතනත් වැරද්දක් උඹ කරන තියෙන්නේ….ඔය පැය පහ ඔතන කතා කරන්න අපි පැය 15ක් වත් ලෑස්ති වෙන්න ඕන….

මම එක අවවාදයක් දෙන්නම්….කැමති නම් ඔලුවට ගනින් නැතනම් අනිත් කනෙන් පිට කරලා දාපන්…..උඹේ ඔය Attitude එක වෙනස් කර ගනින්….ඕක එක්ක ඉස්සරහට යන්න අමාරු වේවි..ජිවිතේ උඹ එක තැනක හිර වේවි…අනික මතක තියා ගනින්….උඹ තාම මට “පොරක්” නෙවෙයි…මම “පොර” කට්ටිය ඕන තරම් දැකලා තියෙනවා එයාල එක්ක වැඩ කරලත් තියෙනව…එතනට යන්න ඕන නම් අනිවාර්යෙන් ඔය Attitude හදා ගනින්….එදා උඹේ හිත රිදුනා නම් සමාවෙයන්….දැන් ඕක අමතක කරලා පාඩම් කරපන්

-සර්-

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

7 thoughts on “ඇටිටියුඩ් (Attitude) දුන් ළමයා වෙත ලියමි”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s