හරක් කතා වස්තුව

ඔන්න එකෝමත් එක රටක හරක් පට්ටියක් සතුටින් සමාදානයෙන් ජීවත් වුනාලු….උන් හැමදාම කෑවේ තනකොළලු හොඳේ …..ඉතින් මෙහෙම කාලයක් ජිවත් වෙනකොට උන්ට හිතුනලු හැමදාම තණකොළ කන එකේ තේරුමක් නෑ නේ අපිත් බත් කන හරක් ටිකක් වෙමු කියලා..

එහෙම බත් කන හරක් ටිකක් වෙමු කියලා තීරණය කලාට පස්සේ තමා උන්ට දැනුනේ එතනට දක්වන් යන්න කව්රුත් නෑ නේද කියලා….ඉතින් දැන් හැමෝම උඩ බිම බලන් කල්පනා කරනවා කවුද පත් කරන්න ඕන කියලා.

දැනට ඉන්න හරක් නායකයා පත් කරන්න ටික දෙනෙක් යෝජනා කළා…එත් ඌ මී හරක් වැඩ කරලා හිටපු නිසා ගොඩක් දෙනෙක්ට ඌව එපා වෙලා තිබ්බේ.. තවත් කට්ටියක් යෝජනා කළා වෙන හරකෙක්ව නායකයා කරන්න…ඒ හරකා එල හරකෙක්…මෙලෝ රහක් නෑ…

ඉතින් මෙහෙම තීරණේකට එන්න බැරි වුන නිසා හරක් පට්ටිය දෙකට කැඩිලා රණ්ඩු සාරවුල් ඇති වුනාලු…..දැන් තැන් තැන් වලට වෙලා ඉද්දි….එල හරකගේ කට්ටිය එකතු වෙලා තීරණය කළා ලු නරියෙක්ව නායකයා කරන්න..මේ නරියා කලින් හිට්යේ හරක් නායකයාගේ ගෙදර වැඩ කාරයෙක් විදියට

..අලුත් රූපයක් නිසාත් හැමෝටම වෙනසක් ඕන වුන නිසාත් හැම හරකම වගේ කැමති වුනාලු මේ නරියට….මූ නරියෙක් වුනාට කලේම ගොන් වැඩලු….බත් කන හරක් වෙන්න හිතන් මේ නරියව පත් කරපු හැමෝටම දැන් එපා වුනාලු….කාලයක් යද්දී නරියව කව්රුත් ගණන් ගන්නේ නැති තැනට ආවලු කරන ගොන් වැඩ නිසා …..

එතකොට නරියා තීරණය කලාලු හැමෝගෙම අවදානය ගන්න ලොකු හොඳ ගොන් වැඩක් කරන්න ඕන කියල ආයේ අර කලින් හරකගෙ ගෙදර වැඩ කරන්න ආයෙ ගියාලු…..

දැන් එල හරකට කරන්න දෙයක් නැති වෙලා නන්නත්තාර වෙලා ගියා….

හරක් පට්ටියේ හැමෝම එකතු වෙලා බත් කන්න හිතන් එකතු කරලා දීපු සල්ලි වලට වෙච්ච දෙයක් නෑ…

ඒ අස්සේ බත් කන එක ගැන උපදෙස් ගන්න හිතාගෙන ගෙන්න ගත්ත රට හරක් ටිකක් තියෙන තණකොළත් කන්න අරන්….මේ රට හරක් ටික පුදුම වේගෙන් තියෙන තණකොළ ටික කා ගෙන කාගෙන යනවලු….එත් මේ පට්ටියේ ගොඩක් වුන්ට එක ගානක්වත් නෑ…උන් තාම අර හිවල නිසා එක එකා මරා ගන්නවා

අන්තිමේදී ගොඩක් හරක් ඒ පට්ටිය අත ඇරලා වෙන රටවල් වලට ගියාලු……..ඉතුරු වෙච්ච හරක්ට කර ගන්න දෙයක් නැති වෙලා ඉන්නකොට අර රට හරක් ටික එකතු වෙලා මේ පට්ටිය සල්ලි දීල ගත්තලු උන්ගේ පක්කිලි වැඩ ටික කර ගන්න

නිමි.

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

3 thoughts on “හරක් කතා වස්තුව”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s