“සර් මට උදව්වක් කරල දෙනවද?”
මොකක්ද?
“සර් අපේ ගෙදර විකුණන්න හදන්නේ, මට පොටෝ ටිකක් ගහල කොම්පියුටරේ ඇඩ් එකක් දාල දෙන්නකෝ. පුතා කිව්වා එහෙම කලාම ඉක්මනට විකුනන්න පුළුවන් කියලා”
ඇයි ඉතින් හදිස්සියෙන් විකුනන්නේ? පුතත් ලංකාවේ නැහැ නේ, කොහෙද ඉන්න යන්නේ?
අනේ සර් මේ පාරත් ගං වතුරට අහු උනා නේ, පුතා කියනවා ඕක විකුණලා දාල අපේ මහ ගෙදර තියෙනවා දෙවුන්දර, එහේ යන්නලු. මම වැඩි කැමැත්තක් නෑ සර් යන්න, ගියොත් මට තනියම එහෙ ඉන්න වෙන්නේ, අඳුරන කවුරුත් ඇත්තෙත් නැහැ….පුතා තව අවුරුදු අටකින් ලංකාවට එනවලු…ආවම කොළඹින් ගෙයක් ගමු කිව්වා සර්”
එතකොට සල්ලි?
“පුතාගේ පොතට දාන්න කිව්වා, එයා ඒක බලාගන්නම් කිව්වා”
……………………………………………………………………………………………………………………………………………………………………………………………..
මට එක වරම ඔහුගේ දෑස දෙස බැලුණි…දරු සෙනෙහසින් පිරි තිබුණු දීප්තිමත් ඇස් අමුතුම ආඩම්බරකමක් එක්ක මගේ දිහා බලා සිටියි……පුතාව රට යවන්න මිනිහ ගත්ත උත්සාහයක්….මෙතන වැඩ ඉවර වුනාම හවස පත්තර ඒජන්සියේ වැඩට යනවා……උදේ පාන්දර නැගිටලා වැවේ මල් කඩල විකුනන්න දෙනවා……දැන් අවුරුදු 3ක් වෙනවා ගිහින්, ගිය අවුරුද්දේ අම්මගේ මළ ගෙදරට ආවෙත් නෑ නිවාඩු නෑ කියල…..දැන් ගේ විකුණලා ඒ සල්ලිත් ගනීවිද? මිනිහා පාරට වැටෙයි ද?මටත් ඒ පවට කර ගහන්න වේවිද?
…………………………………………………………………………………………………………………………………………………………………………………………………
“සර්!! ඇයි සද්ද නැත්තේ? මගේ වැඩේ කරල දෙනවද? ලොකු උදව්වක් සර්
හා…….
(මම වැරදි වෙන්නත් පුළුවන්….කොල්ල ඇත්තටම හොඳ එකෙක් කියලා හිතලා මම මාව සාධාරණිකරණය කර ගත්තා)
මවකට මුවා වී නුබ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමනද මතු බුදුවන්නේ
ලිවිල්ල…
LikeLike
♥️👨👧
LikeLike
පිය සෙනෙහස ට කවි ගී ලියවුණා මදී…..
LikeLike