එදා මෙදා තුර

වෙලාව හවස 5.15
කොල්ලුපිටිය ස්ටේෂමේ පරණ මළකඩ කාපු පුටුවක වාඩි වෙලා තාම මග බලන් ඉන්න මගේ හිත තාම පිළිගන්නෙ නෑ උඹ ආයේ එන්නේ නෑ කියලා….
උඹේ අත් අල්ලගෙන ඉස්සර පඩි පෙළ නැගපු මම අද තනියම නැග්ගා…උඹත් එක්ක ඉස්සර දොඩමළු වෙවී මුහුද දිහා බලන් හිටපු මම අද කඳුළු පුරවන් තනියම බලන් හිටියා….
ඔක්කොම දේවල් වෙනදා වගේ එහෙම්ම වෙනවා…වෙනසකට තියෙන්නෙ උඹ ළඟ නැති එක විතරයි…. ඔව්…
ඒක තමා ලොකුම වෙනස..ජීවිතේ තියෙන්නෙ විඳින්න කියලා උගන්වපු උඹ අද මට මහමෙරකට විඳවන්න දුක් දුන්නා…
අන්තිම දවසේ උඹේ කලු ගැහිලා සුදුමැලි වෙලා ගිය මූණ තව එක පාරක් ඉම්බින්න තිබ්බනම්…..
ඇත්තමයි….
පපුවෙ අත් දෙක බැඳන් සුදු ඇඳුමක් ඉන්න උඹව මම දැක්කේ දෙව් දුවක් වගේ….
උඹව එහෙම ඉන්නව දැක්කම එක පාරටම කැඩිල ගිය අපේ හීන ලෝකේ කෑලි මම තාම එකතු කරනවා කවදහරි එකතු කරන්න පුලුවන් වේවි කියලා….
දැන් හැමෝම කියන්නෙ වෙච්ච දේ උනා උඹව අමතක කරලා අලුත්ම පිටුවක් පෙරලන්න කියලා….
ඒ කවුරුත් දන්නේ නෑ මගේ පොතේ තිබුන එකම ලස්සන පිටුව උඹ කියලා…
උඹ කොහේ ගියත් හොඳින් ඉන්නවා කියලා මම දන්නව….
පුලුවන් නම් මට එකම එක උදව්වක් කරපන්
හීනෙන්වත් ඇවිත් කියලා පලයන් උඹ නැතිව මම ජීවිතේ ඉස්සරහට ගෙනි යන්නෙ කියලා….
අර කතාව ඇත්ත….
උඹේ ආදරෙත් ඇත්තටම හුළඟක් වගේ…. මට හොඳටම දැනෙනවා තේරෙනවා….
ඒත් කවදාවත් පේන්නෙ නෑ……

ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ

හීයේ වේගේන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ

ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැති ඇයි මේ ලොව මා තනිව ගියේ

ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

10 thoughts on “එදා මෙදා තුර”

  1. හදවතට හුඟක් දැනෙන්න, සියුම් විදිහට අකුරැ කරලා තියෙනවා.

    Like

  2. ජිවිතේ එක එක්කෙනාට ලැබීම වෙනස් කියලා දැනෙන්න ගත්තා සර්…keep it up sr..

    Like

  3. මගේ හිත තාම පිළිගන්නෙ නෑ උඹ ආයේ එන්නේ නෑ කියලා….
    උඹේ අත් අල්ලගෙන ඉස්සර පඩි පෙළ නැගපු මම අද තනියම නැග්ගා…උඹත් එක්ක ඉස්සර දොඩමළු වෙවී මුහුද දිහා බලන් හිටපු මම අද කඳුළු පුරවන් තනියම බලන් හිටියා….
    ඔක්කොම දේවල් වෙනදා වගේ එහෙම්ම වෙනවා…වෙනසකට තියෙන්නෙ උඹ ළඟ නැති එක විතරයි…. ඔව්…
    ඒක තමා ලොකුම වෙනස..ජීවිතේ තියෙන්නෙ විඳින්න කියලා උගන්වපු උඹ අද මට මහමෙරකට විඳවන්න දුක් දුන්නා…
    අන්තිම දවසේ උඹේ කලු ගැහිලා සුදුමැලි වෙලා ගිය මූණ තව එක පාරක් ඉම්බින්න තිබ්බනම්…..

    අවසන් හුස්ම ගිලිහෙන මතුයම් දිනක
    අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න
    නුඹ නැති දාක මේ ජීවන මග යන්න
    මට සවි නොමැත නුඹ මා ගිය පසු එන්න

    Like

Leave a comment