බෝඩිමේ ජීවිතේ

රත්තනපිටිය බෝඩිම

ජීවිතේට සුන්දර මතකයන් ගොඩක් එකතු කරපු, අව්‍යාජ යාළුවො ගොඩක් එකතු කරපු නියම තැනක්.
අත්තියා, පන්නා,කැලුමා,ජෙටා,ඇල්ටෝ,හිරියා,ඩෝරා හෙන සෙට් එකක් හිටියා….ඉස්සර අපි ඔක්කොම ලොකු ෆිට් එකකින් හිටියේ..දැන් ඔක්කොම වෙන් වෙලා ගිහින් තැන් තැන්වල.. ඉස්සර එහෙම ෆිට් එකේ ඉන්න ලොකු හේතුවක් උනේ සමීර අයියා…පොර තමා අපේ පොදු හතුරා…මම ඒ විස්තර පස්සේ කියන්නම්.
අද මම කියන්න යන්නේ රත්නා ඇන්ටිගේ කඩේදී වුන සිද්ධියක්… ඇන්ටිගේ කඩේ තිබුනේ අපේ බොඩිමට එහා පැත්තෙ…ඇන්ටි අපේ බෝඩිමේ කොල්ලොන්ට හරිම ආදරෙන් හිටියෙ….කඩේ ඉතුරුවෙලා කුණු වෙන්න යන්න පලතුරු, බනිස්, පාන් ඔක්කොම ඉතිං අපිට තමා හැමදාම නිකන් හම්බවෙන්නෙ…
අපිටත් ඉතිං නිකන් කෑමක් හම්බනවා කියන්නේ රජ මගුල් වගේ….ඔය වගේ කුණු වෙන්න යන කෑමක් ලැබුනත් සෝමාලියාවට පාන් දැම්මා වගේ….ඒ පැත්ත බලල මේ පැත්ත බලද්දි ඉවරයි…

මේ සිද්ධිය වුනේ කැම්පස් එකේ 3 අවුරුද්දෙදි….මම එතකොට ජොබ් එක කලේ s&d එකේ.. ( 3,4 වසරේදී ලෙක්චර්ස් තිබුනේ හවස නිසා අපිට ජොබ් එකක් කරන්න චාන්ස් තිබුනා)…මට ඒ දවස්වල ඔෆිස් එකෙන් ලැප්ටොප් එකක් දීලා තිබුනා…අම්මටසිරි ඒ දවස්වල ලැප්ටොප් එකක් තියෙනවා කියන්නේ පට්ට පොරක්…දැන් කාලේ වගේ නෙවෙයි හැමෝටම ලැප්ටොප් නෑ ඒ දවස්වල….ඉතිං ලැප්ටොප් එකක් අරන් යනවා කියන්නෙ චරිතයක් තමයි….

මම ඉතිං හවස ඔෆීස් ඉවරවෙලා ලැප්ටොප් බෑග් එක දාගෙන බෝඩිමට එන ගමන්….ඈත ඉඳන්ම දැක්ක ඇන්ටිගේ කඩේ ගාව කෙල්ලො දෙතුන් දෙනෙක් ඇන්ටි එක්ක බර කතාවක…ඉතිං මටත් හිතුනා එතනට ගිහින් ඇඩ් එකක් දාලා පොරක් වෙන්න ඕන කියලා….
මාත් ඉතිං ඔෆිස් කිට මරන් පොර සේ එතනට ගියා….
මාව දැක්ක ගමන් ඇන්ටි කියපි…
“අනේ පුතේ ඔයා ආපු එක හොඳයි, මේ කලු ගැහිච්චි කෙසෙල් ඇවරි දෙකක් තියෙනවා…පුතාලා අරන් ගිහින් කන්න…මේක කුණු වුනොත් කොහොමත් හරකට කන්න දාන්න වෙන එක නේ…ඊට වඩා හොඳයි පුතාලා කන එක”

ඇන්ටි එහෙම කියද්දි මට ඉබේම වගේ අර කෙල්ලො දිහා බැලුනා…උන් මූනට මූන බලන් හිනා වෙනවා….නෙදකින් ඔයිට වඩා හොඳයි ඇන්ටි මට පොල්ලකින් ගැහුවනම්….

ඇඩ් එකක් දාන්න ලැප්ටොප් එක අරන් සිංහයා වගේ ගිය මම පූසා වගේ මූණ බෙරි කරන් කුණු කෙහෙල් ඇවරි දෙක අරන් බෝඩිමට ගියා

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

15 thoughts on “බෝඩිමේ ජීවිතේ”

  1. ඔය එක කතාවක් විතරයි. එතන ඉදපු අවුරැදු 5 මතකයන් නම් ගොඩයි.. කොහොම උනත් ඉසුරැ අයියා තමා අපේ වීරයා ඔන්න. හැබැයි රස කතා ගොඩයි. දොරවල් වහගෙන පාඩම් කරනකොට එහෙමත් අපිට මාට්ටු වෙලා තියනවා..
    -ජෙටා-

    Like

  2. ඕන නම් අපට ඔවා ඇත්ත කියල පෙන්නන්න පුලුවන්….සාක්ශි තියනවා… මෙස් කතාව ලින්න බැරිද…?

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s