තව එක දවසක් ජීවත් උනා නම්……

ගිහානි කියන්නෙ මගෙ පන්තියට 2017දී ආපු ළමයෙක්…..ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලට මූණ දීලා තැලිලා පොඩිඋනු ළමයෙක්….

හැමදාම නැතත් මට ඉඳලා හිටලා හරි මැසේජ් එකක් දාලා “සර් කොහොමද ජීවිතේ…හොඳින් ඉන්නවා නේද” කියලා අහලා එයාගේ ජීවිතේත් මොනවහරි අලුත් දෙයක් උනානම් ඒකත් මාත් එක්ක කියනවා….කොහොම උනත් අපි දෙන්නගෙ සංවාද අන්තිමට ඉවර වෙන්නෙ….
“තාම exam කලේ නෑ නේද කියලා” මගෙන් බැනුම් අහලා…..

මාසයක් විතර ගිහානිගෙන් කිසිම සද්දයක් තිබුනෙ නැති නිසා මම නිකමට වගේ මැසේජ් එකක් දාලා ඇහුවා කොහොමද ජීවිතේ කියලා….

“අනේ සර්…මට ගොඩක් ප්‍රශ්න ආවා….මට සර්ව හම්බවෙලා කතා කරන්න ඕන කමක් තිබුනා… දැන් සති දෙකකට කලින් අපේ තාත්තා නැති උනා සර්….කැන්සර් එකක්…අපි දැන ගත්තෙත් මරණ පරීක්ෂණයෙන්…..මම මේ ලෝකෙ තනි උනා සර්”

මම දන්න තරමින් ගිහානිගෙ අම්මා ඉන්නවා… ඒක නිසා මම ඒක අහන්න හදද්දීම ගිහානි මට මෙහෙම කිව්වා….

“මාව අරන් හදා ගත්ත ළමයෙක් සර්”…..

තාත්තා විතරයි මට ආදරෙන් හිටියේ…..දැන් ඒකත් නෑ….. ප්‍රශ්න ගොඩක මම ඉන්නෙ…මට තවත් මේ ගෙදර ඉන්න බෑ සර්…මම රෙන්ට් එකට ගෙයක් අරන් යනවා සර්”

මගේ ඔලුවට නිකන් පොල්ලෙන් ගැහුවා වගේ…මොකක්ද කියන්න ඕන කියලා හිතා ගන්න බැරුව මම ගොළු උනා…කියන්න දෙයක් කල්පනා කරන ගමන් මගේ හිත කිව්වා ෆෝන් එකේ ගැලරියට පලයන් කියලා…. මම ගැලරියට ගිහින් අපි පස්දෙනා ඉන්න (අම්මා, තාත්තා, අයියා,රවී,මම) ෆොටෝ එකක් ඕපන් කලා…
මගේ ඔලුවෙ ඇත්තටම කියනවනම් වැඩ කලේ මම අරන් හදා ගත්ත එකෙක්ද කියන එක…
නෑ නෑ මම තාත්තා වගේ…කියලා මම හිතෙන් සැනසුම් සුසුමක් හෙළුවා….

“සර් ඇයි මුකුත් කියන්නෙ නැත්තෙ…මම සර්ව හම්බ වෙලාම කතා කරන්නම්”

මගේ ඔළුව හොඳටම බර වෙලා හිටියේ….

ජීවිතේ හොඳටම කළුවර වෙලාවක හැවනැල්ල මාව දාලා ගියත් අම්මයි තාත්තායි මාත් එක්ක ඉන්නව කියලා මම දන්නවා….මොන ප්‍රශ්නයක් ඇවිත් මම අතරමං උනත් උඩ බැලුවම මට පාර කියන්න ඒ දෙන්නා ඉන්නවා කියලත් මම දන්නවා…

ඒත් ජීවිතේ කවදහරි ඒ දෙන්න මගේ නෙවෙයි වෙන කෙනෙක්ගෙ කියලා කිව්වොත් මොකද කරන්න ඕන කියලා මම දැනන් හිටියෙ නෑ…මට ඒක දැනගන්න ඕනත් නෑ..

අන්තිමට ගිහානි කියපු කතාව මගේ ඔළුවෙ දෝංකාර දෙන්න ගත්‍තා…

“අනේ සර් තාත්තා තව එක දවසක් ජීවත් උනා නම්”

ඒ කතාව මට එහෙමම කිව්වෙ ගිහානි විතරක් නෙවෙයි….

මගේ යාළුවෙක්ගේ තාත්තා නැතිවුනා මාතර හොස්පිට්ල් එකේදි..ඒ අන්කල් නැති වෙන්න කලින් මගේ යාලුවගෙන් වතුර වීදුරුවක් ඉලල්ලා තිබුනා ..පොර ඒක අරන් එද්දිම තාත්තා නැති වෙලා තිබුනා….පොර අදටත් තාම පසු තැවෙනවා තාත්තාට අන්තිමේදී වතුර වීදුරුවක් දෙන්න බැරි උන එකට

ගිහානිටත් සමහර විට එහෙම ප්‍රශ්නයක්ද දන්නෙ නෑ….සමහරවිට එයාට අර අරන් හදා ගත්ත කතාව තාත්තගෙන්ම අහ ගන්න ඕන කමක් තියෙන්න ඇති….

නැත්නම් හැමදාම තාත්තාට කියන්න ඕන කියල හිතපු කවදාවත් කියන්න බැරි උන මොනවහරි ඇති…..

අපි හැමෝගෙම ජීවිත මෙහෙම තමා…ඕනම දෙයක අගේ තේරෙන්නෙ අපිට ඒක නැති උනාම…තියෙන කාලෙදි අපිට කිසිම අගයක් නෑ….පස්සෙ අපි පසුතැවිලි වෙනවා….

අම්මටයි තාත්තටයි ආදරේ කියන එක කියන්න….ඒ දෙන්නා කොච්චර වටිනවද කියලා කියන්න….සමහරවිට අපි ඕක නොකිය ඉන්නෙ අපි ඔලුවෙන් හදා ගත්ත අහංකාරකම නිසා වෙන්න පුළුවන්…..
ඒත් ජීවතකාලේම පසු තැවිලි වෙනවට වඩා ඒක හොඳයි….පරක්කු වෙන්න එපා….ජීවිතේ කොටයි ❤️❤️

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

6 thoughts on “තව එක දවසක් ජීවත් උනා නම්……”

  1. සමහර තැන්වලදී අපි අපේ හිත් හදා ගන්න එකම බොරුව ආයෙ ආයෙ අපිටම කියා ගන්නව. ජීවිතේ ප්‍රශ්න වලට මූන දෙන්න වෙන කිසිම දෙයක් අදාල නෑ වගේ අපි උන්න උත්සහ කරනව. ඒත් ඇත්තටම අළු යට ගින්දර තියාගෙන ගෙවන ජීවිතේට due date එකක් තියෙනව.
    #පවුලක්තිබුනනම්

    Liked by 2 people

  2. තාත්තා කියන්නේ මහ මෙරක් ආදරේ හංගගෙන හරිම සුලුවෙන් ආදරේ පෙන්නන හරි අහංකාර ආදරණීය චරිතයක්❤ .ඒ පපුව අස්සෙ තියන ආදරය දුක වේදනාව හරියට දරුවෙක් තේරුම් ගන්නව නම්,කවදාවත් සිතුවිල්ලකින් වත් දරුවෙක්ට වරදක් කරන්න බෑ…❤

    Like

  3. තාත්තා කියන්නෙ මහ මෙරක් ආදරේ හංගගෙන හරිම සුලුවෙන් ආදරෙ පෙන්නන හරි අහංකාර ආදරණීය චරිතයක්❤. ඒ පපුව අස්සෙ තියන ආදරේ දුක වේදනාව හරියට දරුවෙක් තේරුම් ගන්නව නම්, කවදාවත් සිතුවිල්ලකින් වත් දරුවෙක් ට වරදක් කරන්න බෑ❤

    Like

  4. ඇත්තටම … මගේ ජීවිතයෙත් මගේ රත්තරං අප්පච්චි අම්මයි මගේ මුලු ලෝකයම ….. 🧡 රස්තියාදුකාර ඇදුරුතුමනි , ඇත්තටම ගොඩාක් ස්තුති , නෑ ඇත්තටම ගොඩාක් පින් ජීවිතයේ යතාර්ථය මෙහම කියලා දෙනවට 🙏🧡

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s