පාට දුන්නු කට්ටිය

පස්සෙ පුරවන්නම් කියලා
හිස් පිටු ගොඩක් තියන්
අපි ජීවිතේ ඉස්සරහට ගියා
තිත් ටික යා කරලා
ඔක්කොම ටික
සම්බන්ධ කරන්න
යද්දි තමා තේරුනේ
ජීවිතේ හිස්තැන් වැඩියි කියල

වෙන කව්රුහරි ඇවිත්
පාට කරලා යාවි කියලා හිතපු
පිටු ටික එක පාටකින් මම
තනියම පාට කලා
තාම එයලාගෙ චිත්‍ර
පාට පාටයි ලස්සනයි
මගේ චිත්‍රෙ එකපාටයි

මම පාට ගාපු එයලාගෙ
චිත්‍ර දිලිසෙනවා
මගේ චිත්‍රෙ හැඩ කරන්න
පාට පොඩ්ඩක් ඉල්ලුවම
මට කලුපාට විතරක් දුන්නා
තාම එයලාගෙ චිත්‍ර
පාට පාටයි ලස්සනයි
මගේ චිත්‍රෙ කලුපාටයි

හිස්තැන් වැඩියි දැන්
ඉස්සරහට යන්නත් බෑ
චිත්‍ර ටිකත් හිස්
පාට කරන්න පාටත් නෑ
වැරදුන තැන්
පේන්නෙත් නෑ
හොයන්නත් බෑ

අම්මටයි තාත්තටයි
දුක කිව්වා
ඒ දෙන්නගේ පොත්වල
පිටු ටික ඉරලා
පාටත් එවලා
මට කිව්වා
“උබේ චිත්‍රෙ පාටකරන්
හිස්තැන් පුරවන්
ඉස්සරහටම පලයන්
අපේ ජීවිතේ එකම
ලස්සන පාට තමා
උඹ
❤️

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

9 thoughts on “පාට දුන්නු කට්ටිය”

  1. It is such a penetrating writing. If there’s a person who is seeking the success or overwrought person who needs the path to come up, this kind of message will be really useful.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s