චන්න සර් ❤️

සර් මට ජොබ් එකක් හොයල දෙනවද?

(ඒක තමා මම චන්න සර් එක්ක කතා කරපු පලවෙනි වචන ටික…එතකොට මම හිටියේ කැම්පස් එකේ පලවෙනි අවුරුද්දේ…ගෙදර තිබුන ප්‍රශ්න එක්ක තාත්තටත් සල්ලි දෙන්න අමාරු නිසා ජොබ් එකක උවමනාව මට තදින්ම දැනිලා තිබුනේ)

සර්..මගේ දිහා ටික වෙලාවක් බලන් ඉඳලා ඇහුවා…

“ඇයි පුතා ජොබ් එකක් හොයන්නේ කියල”

මම ඉතින් මගේ විස්තරේ කෙටියෙන් කිව්වම සර් මට කිව්වා

“පුතා ඔයා දැන්ම ජොබ් එකක් කරන්න යන්න එපා…එතකොට ඔය ඉගෙන ගන්න තියෙන ආසාව නැති වේවි.ඔයා ඉස්සෙල්ල ඉගෙන ගන්න….මම ඔයාට උදව් කරන්නම්…ඔයා පාර්ට් ටයිම් ටියුෂන් පටන් ගන්න….අපේ අක්කගේ ළමයි දෙන්න ඉන්නවා ඔයා ඇවිත් ඒ දෙන්නට උගන්වන්න”

ඒක තමා මගේ පලවෙනි ජොබ් එක උනේ…. 5වසර 7වසර ගණිතය….සර් මගෙන් ගාණ කීයද කියල ඇහුවම මම ඒ දවස්වල තිබුන සාමාන්‍ය රේට් එක කිව්වා…කොහොමහරි සර් ඒ රේට් එක වගේ ඩබල් මට ගෙව්වා…..මම ඒ ගාණ ගැන සර්ට කිව්වම සර් මට කිව්වා

“දැන් මා ගාව සල්ලි තියෙනවා ඒක නිසා කමක් නෑ”

(සර්ට තියෙන දැන හැඳුනුම්කම් අනුව මට ගෙවපු ගාණට හොඳම සර් කෙනෙක් ගෙන්න ගන්න තිබුන)

එතනින් තමා මම චන්න සර්ව හරියටම අඳුර ගත්තේ

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවනම් චන්න සර් කියන්නේ “පට්ටම පොරක්”

සර් තරම් ප්‍රායෝගිකව හිතන කෙනෙක් මම දැකලම නෑ…..

සර් මට උගන්වපු දේවල් වලින් මම කැමතිම දෙයක් තමා ඕනෑම දෙයක් කරන්න කලින් හිතෙන් ඒක ගැන තර්ක කරලා උත්තරයක් හදා ගන්න හැටි….

“මේක මම කරොත් මොකක්ද වෙන්නේ….එකත් එක්ක මේකත් උනොත් මොකද වෙන්නේ…මේක මේ විදියට විසඳුවොත් අනිත් එකට මොකද වෙන්නේ”

එහෙම කියා කියා තර්කයක් ගොඩ නගලා තීරණයක් ගන්නේ කොහොමද කියල සර් තමා මට ඉගෙන්නුවේ….

ටිකක් ඉක්මනට තරහ ගියත් සර් කවදාවත් තරහ හිතේ තියන් ඉන්න මිනිහෙක් නෙවෙයි……..

සර්ගේ මම දකින කැමතිම දේ තමා සරල බව…. දැන් සර් ලංකාවේ ලොකුම කම්පනියක උසස්ම නිළය දැරුවත් ඕනෑම කෙනෙක් එක්ක සර්ට ඉන්න පුළුවන්

සර් හැමදෙනාටම සලකන්නේ එකම විදියට

“ඒ මනුස්සයෙක් විදියට”

ලොකු ලොක්කගේ ඉඳන් පොඩි මිනිහා වෙනකම්ම එහෙම තමා… කව්ද කියන එක සර්ට අදාළ නෑ

2018 මට ඩෙංගු හැදිලා මාව ජයවර්ධනපුර හොස්පිටල් එකට ඇඩ්මිට් කරනවා……සර්ට ඒ නිව්ස් එක ආරංචි උන ගමන්ම වගේ මට කතා කරලා මගේ දුක සැප අහලා…සර් පස්සෙන්දම ආවා මාව බලන්න පොත් ටිකකුත් උස්සගෙන

“උබ හොදට දැන් රෙස්ට් කරපන්…ඉන්න ගමන් මේ පොත් ටිකත් කියවපන්”

හොඳ වෙලා යනකම් හැමදාම වගේ කෝල් කරලා මගේ සැප දුක අහන්න සර් අමතක කලේ නෑ.

ලියනවනම් පොත් පිරෙන්න ලියන්න පුළුවන් සර්ගේ මනුස්සකම් ගැන…මිනිස්සුන්ට කරපු උදව් ගැන….විශේෂයෙන්ම මට කරපු උදව්…….

මට චන්න සර් ගැන ලියද්දි සුගීත් සර් කියපු කතාවක් මතක් උනා

“උබ පොරක් උනාට කමක් නෑ…උබ පොරක් කියලා උබ හිතන්න ගත්ත දවසට උබට කෙල වෙනවා”

චන්න සර්ට කවදාවත් වරදින්නේ නැත්තේ ඔය විදියට හිතන නිසාත් මිනිස්සුන්ට හරියට සලකන නිසාත් තමයි කියල මට හිතෙන්නේ….. ❤️❤️❤️

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

4 thoughts on “චන්න සර් ❤️”

  1. හොඳ කතාවක් :– “උබ පොරක් උනාට කමක් නෑ…උබ පොරක් කියලා උබ හිතන්න ගත්ත දවසට උබට කෙල වෙනවා”

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s