අම්මා 1 කොටස….

ගෙදර ඉස්සරහ තිබ්බ වතු සුද්ද ගහ නාටු වෙලා ගිහින්….අපි පොඩි කාලේ අම්මා ඔය පැලේ ආදරෙන් බලා ගත්තා…හවසට බුදුන් වඳින්න අම්ම මල් කඩා ගන්නේ ඒ ගහෙන්…

අම්ම ගැන ලියන්නමම හිතද්දී රවී (මල්ලි) එයාගේ බ්ලොග් එකේ එයා අම්ම ගැන ලියපු එකක් මට මතක් වුනා

“මට මෙහෙට හේවිසි හඬක් නම් ඇහෙන්න නැහැ අම්මෙ… ඒත් පල්ලියේ යාතිකා, කෝවිලේ ගීතිකා ඇහෙනකොට මට ගමේ පන්සල මතක් වෙනවා.. සුදු සිල් රෙද්ද ඇඳන් පිච්ච මල් සුවඳක් ඇඟේ තවරන් පෝය දවසට අම්ම ඉන්න හැටි එතකොට මට මතක් වෙනවා.. කොච්චර වැඩ කරලා ආවත්.. මගේ මහන්සිය ආගිය අතක් නැති වෙනවා අම්මේ එතකොට…”

හැමදාම තාත්ත ගැන විතරක් ලියන්නේ ඇයි? ඇයි අම්ම ගැන ලියන්නේ නැත්තේ?

අම්මා කියන්නේ කවදාවත් කියවල ඉවර කරන්න බැරි පොතක්….ඒ පොතේ ඔක්කොම පරිච්චේදවල ලියවෙලා තියෙන්නේ පවුල වෙනුවෙන් කරන කැප කිරීම් ගැන…

මේක අපේ අම්මගේ කතාවම විතරක් නෙවෙයි….හැම අම්මම මේ වගේ තමා….පොඩි පොඩි වෙනස්කම තියෙන්න පුලුවන්…එත් හැම අම්මකෙනේක්ග්ම කතාව ඇතුලේ තියෙන්නේ එකම දෙයයි…………..

අපේ කාලේ වගේ නෙවෙයි, අම්මලාගේ කාලේ…පවුල් ජීවිතේ මොන ප්‍රශ්න ආවත් මොන හැල හැප්පීම් ආවත් ළමයි වෙනුවෙන් ඒවා ඉවසන් පවුල ඉස්සරහට ගෙනිච්ච ඒ පරම්පරාව…ඒකට අපේ පරම්පරාව..හොස්ස ගාවින් මැස්ස යන්න බෑ….පොඩි ප්‍රශ්නයක් ඇති ඔක්කොම ඉවර කරලා දාන්න

අම්ම කසාද බඳින්න කලින් වැඩ කලේ ටීචර් කෙනෙක් විදියට අම්බලන්ගොඩ ප්‍රජාපතියේ…බැන්දට පස්සේ වැලිගම පදිංචියට එන්න වෙන උන නිසා එයා ජොබ් එකේනේ අයින් වෙනවා…ඒක තමා එයාගේ පලවෙනි කැප කිරීම…

(අම්මා රස්සාවෙන් අස් වෙච්ච එකේ ලොකුම වාසිය ලැබුනේ අපි තුන්දෙනාට…අයියාටයි,මටයි,මල්ලිටයි…ඒ වුනාට කසාද බැන්දම රස්සාවෙන් අයින් වෙච්ච එකට අපි ඒ දවස්වල සතුටු උනාට, අපේ සතුට හරිම ආත්මාර්ථකාමීයි…අම්මා ඒ කරපු කැපකිරීම අපි හරියට අගය කලේ නැ කියල මට හිතෙනවා)

අපි මේ දැන් ඉන්න ජෙනරේෂන් එක දිහා බැලුවම නම් මට කියන්න තියෙන්නේ කසාද බැන්දා කියලා, ළමයි හැදුවා කියලා ජොබ් එකෙන් අයින් වෙන්න හොඳ නෑ…හැමතිස්සෙම මතක තියා ගන්න ඕන තමා හිසට තම අතමය සෙවනැල්ල කියලා..මේක මගේ පෞද්ගලික මතය විතරයි…..

අම්මා එයා කැමති ඔක්කොම දේවල් ඇත ඇරලා වැලිගමට ඇවිත් අලුතෙන්ම ජීවිතේ පටන් ගත්තා තාත්තා එක්ක..ඒ දෙන්න කසාද බැන්දේ 1983දී….අක්කව හම්බවෙන්නේ 84දී…අක්ක ඉපදෙද්දීම අපිව දාලා යනවා… ඊටපස්සේ අයියා 85දී මම 87දී මල්ලි 89දී…. ඒ කාලේ ජේවීපී කලබල වැඩිම කාලේ…අපි තුන් දෙනාම පොඩියි… ජේවීපි එකෙන් ගේ ඇතුලේ ලයිට් දාන්න දෙන්නේ නැති නිසා අම්මා කරලා තියෙන්නේ ගෙදර ජනෙල්, කවුළු ඔක්කොම ඇතුලෙන් රෙදි දාලා වහල එක ලයිට් එකක් දාලා….කොහොම හරි ඒ කාලේ දෙයියන්න්ගෙන් පිහිටෙන් පන්න ගත්තා…

ඊටපස්සේ තමා අම්මගේ හොඳම කැප කිරීම් ටික පටන් ගන්නේ…

මතු සම්බන්දයි…..

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

10 thoughts on “අම්මා 1 කොටස….”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s