
කොළඹ පාරවල් ඔක්කොම පාලු වෙලා…මූසල වෙලා ගිහින් වගේ….
තනියම ඉඳල කම්මැලි නිසාම මම බැල්කනියට ආව..
බැල්කනියට ආවම එන මුහුදු හුළඟ මාව පොඩි කාලෙට අරන් ගියා…වැලිගම මහා ගෙදර දෙවෙනි කාමරේ ජනේලේ ඇරියම එන ඒ මුහුදු හුළඟට මම හැමදාම ආදරේ කළා…ඒ හුළගේ මොකද්දෝ ලෙන්ගතුකමක් ගැවිලා තියෙනවා….මුහුද දිහා බලන් හිටියත් ජීවිතේ තියෙන ප්රශ්න ඔක්කොම ටික වෙලාවකට අමතක කරන්න පුලුවන්….
ඉක්මනට ගිහින් තේ එකකුත් හදාගෙන ආයේ බැල්කනියට එනකොට මේසේ උඩ තිබ්බ සිගරට් පැකට් එකට ඇහැ ගියා…..
සීතල හුළඟ, මුහුදේ සද්දේ, කිසිම සද්ද බද්දයක් නැති මහ පාර ඔක්කොම මගේ මොළේට සිග්නල් එකක් දෙන්නේ එකක් බීපන්…එකයි නේ එක අවුලක් නෑ….එත් බොන්න හිතෙන්නෙත් නෑ…..
මොන මගුලක් ද…නෑ මම අද බොන්නේ නෑ….
ආයේ ඇතුලට ගිහින් ලැප්ටොප් එකත් අරන් ආවා… අම්මගේ කතාවේ තුන්වෙනි කොටස ලියනවා කියල හිතා ගෙන..ඒක ලියන්න හිතෙන්නෙත් නෑ………
එලියට වෙලා සින්දුවක්වත් අහන්න්න ඕන කියල හිතුනු නිසා “සිංහබාහු” කතාවේ “ගල් ලෙන බිඳලා” සින්දුව දැම්ම….ඒ සින්දුව යද්දී මගේ මතකය 2011ට ගියා…
මම කලින් වැඩ කරපු ඔෆිස් එකක කුමාරව මතක් උනා…කුමාර වැඩ කලේ සිකුරිටි විදියට…පොර මම ඔෆිස් ගිහිපු දවසේ ඉඳලම මාත් එක්ක හොඳටම ෆිට්…ගෙවල් තිබුනේ රත්නපුරේ පොඩි ටවුන් එකක….පොරට අවුරුදු 50ට විතර කිට්ටුයි….වයිෆ් අවුරුදු ගානකට කලින් සවුදු ගිහින්…..අවුරුදු 15න් කිසිම ආරංචියක් නෑ..කුමාරනං කියන්නේ එයාට එහෙ වෙන පවුලක් ඉන්නවා කියලා ආරංචියක් ආව කියලා
කුමාර මෙහෙ ළමයි දෙන්න එක්ක මෙහෙ තනි උනා…පොරට වෙන කසාදයක් කර ගන්න හිතුනෙත් නෑ කිව්වා….ඒ දවස්වල කෙල්ලට අවුරුදු 19 කොල්ලට 17යි….කුමාර ළමයි දෙන්නට පන ඇරලා ආදරේ…එකෙනුත් වැඩියම ආදරේ කෙල්ලට….රස්සාව කොළඹ කලාට පොරගේ ඔලුව හිත ඔක්කොම තිබුනේ රත්නපුරේ…මේ කෙලලා යාන්තම් O /L පාස් උනා…කුමාර ඒ දවසේ හිටියේ පුදුම සන්තොසෙකින්..ඔෆිස් එකේ වැඩ කරන හැමෝටම කේක් ගෙනල්ලත් දුන්නා..
පොර වැඩ කලේ කොළඹ නිසා ළමයි දෙන්න හිටියේ එයාගේ අක්කා එක්ක…නිවාඩුවක් ලැබුණු හැම වෙලේම කුමාර ගෙදර දුවනවා
බදාදා දවසක උදේ ඔෆිස් ගිහින් මම සිකුරිටි පොයින්ට් එක ඇතුලට ඔලුව දාල ගුඩ් මොර්නින්ග් කිව්වා….වෙනද එන කටහඬ නෙවෙයි….අද හිටියේ විජේරාම….
මම විජේරාමගෙන් ඇහුව කෝ කුමාර කියලා…..
ආ…සර් පොර ඊයේ හවස හදිස්සියක් කියල ගෙදර ගියා…මමත් ඒක ඒ වෙලාවේ වැඩිය ඔලුවට ගත්තේ නැ…
දවස් තුනක් ගියා එත් පොරගෙන් සද්දයක් නැ…මොකක් හරි කරදරයක්ද දන්නේ නැ කියලා මට හිතුනා පොරට කෝල් එකක් දෙන්න………
පොරගේ කටහඬ හොඳටම අවුල් වෙලා වගේ…එයා කියපු වචන ටික මට තාම එහෙම්මම මාතකයි
සර්…මගේ මැණික මාව දාල පැනල ගිහින්…..මගේ ලෝකෙම කඩන් වැටිලා සර්…..ඇයි මෙකි මට මෙහෙම කලේ???මම හිතුවේ කවදාහරි මට බැරි වෙච්ච දවසක මේකි මාව බලා ගනියි කියල….කොල්ල ඉන්නවා තමා සර්..ඌට මම ගැන ගානක්වත් නෑ…මම නිවාඩුවට ගෙදර ආවාම මෙකි තමා මට කෑම හදල දෙන්නෙත්…මගේ රෙදි ටිකත් ඔක්කොම හෝදලා දීලා ඔක්කොම හොයල බලන්නේ මේකි…ගෙදරින් ගිහින් දැන් දවස් හතරක් වෙනවා තාම පෝන් එකක්වත් දුන්නේ නෑ…මේකිට ඒ තරමටම මාව එපා වෙන්න මම මොකක්ද මේකිට කරපු වැරැද්ද??? මෙකි ආයේ ඒවිද සර්??සර්ට පුලුවන්ද මට උදව් වෙන්නේ මේකිව හොයා ගන්න……
කුමාර ඉතින් කොහොමද හරියටම දන්නේ දුව පැනල ගිහින් කියල???
එක දිගට කුමාර කියවගෙන යද්දී මම බාධා කළා
හන්දියේ වීල් පාක් එකේ කොල්ලෙක් එක්ක මේකිගේ සම්බන්දයක් තියෙනව කියල මට දෙන්නෙක් තුන්දෙනෙක් කියල තිබුනා,,එක ගැන මම ඕකිට බාන්න සර්….මම කැමති උනේ නැත්තේ සර් ඌ මුකුත් ඉගෙන ගත්ත හාදයෙක් නෙවෙයි….
ඔය අස්සේ බොස් මගේ නම කියල කතා කරපු නිසා මම ෆෝන් එක තියල ටග්ගාල බොස් ගාවට ගියා…ඔෆිස් එකේ වැඩත් එක්ක මටත් එක අමතක වෙලා ගියා
හවස ගෙදර ආවම මම ආයේ කුමාරට කෝල් එකක් දුන්නා
මම ආයේ ඔෆිස් එන්නේ නෑ සර්…මට දැන් ඇති…මම මේ ඔක්කොම කලේ මුන් දෙන්න වෙනුවෙන් නේ සර්..දැන් මේකිත් මාව දාල ගියා…කොල්ලත් දැන් පතලක වැඩ….මම දැන් මෙහෙට වෙලා ඉන්නවා….මම එන්නම් දවසක සර්ව බලල යන්න….මෙකි ආයේ මොන දීපන්කරේක ගිහින් ආවත් මම භාර ගන්නවා….
එක තමාතාත්තලාගේ ආදරේ කියන්නේ…
ළමයි දෙන්න ගාව මුල ඉඳලම කුමාර හිටියනම් ඔය තත්වේ වෙනස් වෙන්නත් තිබුනා…අම්මා තාත්තාගෙන් ඒ බලාපොරොත්තු වෙච්ච සෙනෙහස නැති උනාම ඔහොම වෙන්න පුළුවන්….මේ කෙල්ල පැනල ගිහිපු එක මම සාධාරණිකරණය කරන්න හදනවා නෙවෙයි…කුමාරත් අසරණයි….පොර ඔහොම කොළොඹ ඉඳන් කරන් ඔට්ටු වුනේ මුන් දෙන්න වෙනුවෙන්….අන්තිමට උන් දෙන්නත් නෑ…පොරත් හරියට අපේ කාලේ පටාචාරා කෙනෙක් වගේ
සිංහබා සින්දුව පොරටම ලියපු එකක්…අහල නැති අය ඉන්නවනම් වචන එක්කම අහන්න….පණ වගේ ආදරය කරපු තමන්ගේ පවුලම නැති උනාම මොන වගේ හැඟීමක් මිනිහෙකුට දැනෙන්න පුලුවන්ද??? තමන්ගේ ජීවිතේම කර ගත්ත දුව තමන්ව දාලා ගියාම මිනිහට මොනවා හිතෙන්න ඇද්ද…..
ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
සිංහබා සිංහබා සිංහබා
මා සොදුර මා සොදුර මා සොදුර
සිංහ සීවලී මා ප්රිය දියණිය
ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්
මම දැන ගතිමි මම සැක කලෙමි
සිංහබා සිංහබා සිංහබා
ලෙන තුල නොවෙති
පෙරලා නොඑති
මම දැන ගතිමි මම සැක කලෙමි
සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය
අහර පිසන්නිය
සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය
අහර පිසන්නිය
කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය
කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය
ඈත් ගොසින්ය ඈත් ගොසින්ය
ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ
ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ
සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත
සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත
ඔහුගේ අණටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී
ඔහුගේ අණටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී
නිමි
දෙමව්පියෝ ළමයි එක්ක ඉන්න තරම් වටිනා දෙයක් නැත. 🥺❤️
LikeLike
දෙමාපියන් ගෙ කැප කිරීම් දරුවන් ට දැනෙන දවසක් එනවා
LikeLike