
පොඩි කාලේ අම්මගෙන් බැනුම් අහගෙන, ගුටි කාගෙන (නිල් පාට පනාවෙන් ගහන්නේ), අඬා ගෙන ඉස්කෝලේ හොම්වර්ක් කරද්දී වදයක් විදියට දැනුනත් ඒ කරපු ඒවායේ අගේ තේරෙන්නේ අද…..කාටවත් අත පාලා පීච්චන් වෙන්නේ නැතුව කොන්ද කෙලින් තියන් වැඩ කරන තැනට අපිව ගෙනාව….
අම්ම විතරක් නෙවෙයි…තාත්තා තමයි කොඳු නාරටිය වගේ හිටියේ…..
අම්මලාගේ ආදරේ වගේ නෙවෙයි තාත්තලාගේ ආදරේ…..ඒක මාර වෙනස්…අම්මලාගේ ආදරේ අපිට ඇස් දෙකට පෙන්න තියෙනවා…එක හොඳටම දැනෙනවා….ඒත් තාත්තලාගේ ආදරේ අපිට කවදාවත් ඇස් දෙකට පෙන්නේ නෑ…ඒ වුනාට ඒක මහා සාගරයටත් වඩා ලොකුයි….තාත්තගෙන් මම ජීවිතේ හදා ගත්ත හැටි මම පස්සේ කියන්නම
තාත්තා අපි ඉස්කෝලේ යන කාලේ ගෙදර රෙස්ටුරන්ට් එකක් පටන් ගත්තා…..ඒකේ කෑම දුන්නේ විදේශිකයන්ට විතරයි…..පටන් ගත්ත මුල් දවස්වල දෙන්නම ටිකක් බිසී වුනා….ඒ දවස්වල ඉන්ටර්නෙට් නෑ නේ අපිට…ඉතින් අම්මයි තාත්තයි රෙසිපි පොත් හොයාගෙන ඒ දෙන්නගේ එක්ස්පීරියන්ස් දාලා වැඩේ කරගෙන ගියේ…..
තාත්තා බිසී උන නිසා අපි ඉස්කෝලේ ඇරිලා හවස් වෙනකම් හිටියේ ලොකු තාත්තලාගේ ගෙදර….තාත්ත වැඩ ඉවර උනාම හවස රෑට ඇවිත් අපිව එක්කන් යනවා….ලොකු තාත්තයි ලොකු අම්මයි කියන්නේ අපිට දෙවෙනි අම්මයි තාත්තයි වගේ…කවදාවත් අපි ලොකු තාත්තා ලොකු අම්ම කියල කතා කරලා නැ….ලොකු තාත්තට අපි කියන්නේ තාත්තාත්ති, ලොකු අම්මට අපි කියන්නේ මමාමි කියල..
.
අද අපි තුන් දෙනා (මම,අයියා,මල්ලි) තැනක ඉන්නවනම් ඒ ගෞරවයෙන් 50%ක් යන්න ඕන ඒ දෙන්නට….වෙන පවුල් වල නම් ගොඩක් වෙලාවට ලොකු තාත්තට එහෙම මල්ලිගේ ළමයිට සලකනවානම් සලකන්න වෙන්නේ හොරෙන්….ඒත් අපේ ලොකු අම්මා එයාලගේ ළමයින්ට කන්න තියෙන එක හරි දෙනවා අපේ බඩ ගින්න නැති කරන්න….(ඒ දෙන්න ගැන මම වෙනම කතාවකින් කියන්නම්)
ඉතින් තාත්තා අපිව රෑ වෙලා එක්කන් යන්න ආවත්, අම්මා කොච්චර මහන්සියෙන් හිටයත් අපිව ආදරෙන් පිලිගන්නවා…..අම්මා රෑ ජාමේ වෙනකම් රෙස්ටුරන්ට් එකේ වැඩ ඉවර කරලා…ආයේ ඊළඟ දවසේ උදේ පාන්දරින් නැගිටිනවා අපි තුන් දෙනාගේ වැඩ කරන්න
අම්මා කවදවාත් කම්ප්ලේන් කරලා නැ ඒවා කරන්න වෙන එක ගැන….ඉස්සර කොටසක කිව්වා වගේ අපි ඒ දේවල් ඒ දවස්වල අගය කරලත් නැ…..
අම්මා මාරම යකඩ ගැහැනියක්…..එයාට ඔහොම වැඩ කරන්න ශක්තියක් ආවේ කොහොමද??? එයාගේ එකම මෝටිවේෂන් එක උනේ අපි තුන් දෙනා…එයාට එයා ගැන බලන්න වෙලාවක් තිබුනද???
ඒ දවස්වල අපි මාර මෝඩයි….අම්ම ඉටු කරපු යුතුකම් අපි අයිතිවාසිකමක් විදියට සැලකුවේ……
අම්ම උයන කෑම මාරම රසයි….ඉස්සර මගේ යාළුවො, අයියගේ යාළුවො, මල්ලිගේ යාළුවො එනවා අම්මගේ කෑම කන්න…වැඩිපුරම එන්නේ මගේ යාළුවො තමා…ඒකත් එක්කෙනා දෙන්න නෙවෙයි එන්නේ..20-30 එන්නේ….කී දෙනෙක් ආවත් අම්මා තනියම උයලා උපරිමෙන්ම සලකනවා…
ඒත් දැන්….. අපි ගෙදරට යාළුවො එක්කෙනා දෙන්න ගෙන්න ගන්නත් කලින් හිතනවා….
කැම්පස් ගිහිපු මුල් කාලේ හැම සති අන්තෙටම මම වැලිගම ගෙදර ආවා.. මම ගෙදර එනවා කියලා දැනගත්තම ගෙදර මොන ආර්ථික ප්‍රශ්නයක් තිබ්බත් මම කැමති මොනවමහරි ස්පෙෂල් කෑමක් හදනවා….එයාට මොනවත් ගන්න සල්ලි නැත්නම් අඩුම තරමේ ජෙලි පැකට් එකක් හරි හදනවා…..
අම්මා මේ සලකපු විදිය අපිට වචන වලින් විස්තර කරන්න අමාරුයි කියල මම දන්නවා…ඒත් අම්මා ඒ කරපු දේවල් කවදාවත්ම අමතක වෙන්නේ නැ….ඒවායේ ණය කවදාවත් ගෙවල ඉවර කරන්නත් බැ
සති අන්තේ ගෙදර ආවම අම්මා වැඩිය කැමති නෑ අපි එලියට යනවට….ඒ වුනාට අපි කැමති උනේ එලියට ගිහින් යාළුවො එක්ක කාලේ ගත කරන්න… ඒක නම් මම දැන් දකින්නේ ඒ වයසේ වැරැද්ද කියල….
අම්මට ඕන උනේ අපිත් එක්ක වෙලාව ගත කරන්න….අපිට ඕන උනේ යාළුවො එක්ක වෙලාව ගත කරන්න…අම්මා ඒ දවස්වල අපෙන් ඉල්ලුවේ වෙලාව විතරයි…අපිට ඒකවත් හරියට දෙන්න බැරි උනා අම්මා වෙනුවෙන්….
එත් කල් යද්දී යද්දී අපිට මේක තේරුම් ගන්න පුලුවන වෙනවා…පස්සේ පස්සේ අපි නිවාඩුවට ගෙදර ගියාම ගෙදරින් එලියට බහින්නේත් නැතිව හිටියා…ඒක එක අතකට පරිණතකම වෙන්න ඇති…අපි පරක්කු වෙන්න කලින් එක තේරුම් ගිය එකත් ලොකු දෙයක්…….
අම්මා අපෙන් මොනවමහරි බලාපොරොත්තු උනා නම් බලාපොරොත්තු උනේ එයා වෙනුවෙන් පොඩි වෙලාවක් විතරයි……
අපි අපේ ජීවිත අම්බානක සංකීර්න කරගෙන ඉවරයක් නැති රේස් එකක දුවද්දී එයා අපෙන් බලාපොරොත්තු උනේ පොඩි ඇටෙන්ෂන් එකක් විතරයි…..හවස තේ එක බොනකොට එයා එක්ක වාඩි වෙලා පොඩ්ඩක් කතා කරන්න….කෑම කද්දී එයා එක්ක පොඩ්ඩක් කතා කරන්න…ඒවා තමා එයාට අපෙන් ඕන වුනේ
මට මතකයි දවසක් මම නිවාඩුවට ගෙදර ගිහින්…හවස තේ එක බොන්න මායි අම්මයි එළියේ වාඩි වෙලා කතා කර කර හිටියා….මම තේ එක බොන ගමන් අම්මා කියන දේවල් වලට වඩා වැඩි අවධානයක් දීලා තිබුනේ මගේ ෆෝන් එකට…..එයාට එකට මාර අප්සට් ගියා…..
“ඔයා එන්නෙත් සතියට දවස් දෙකයි…එහෙම ඇවිල්ලත් ෆෝන් එකෙමයි…..
මට ඒ කතාව හොඳටම හිතට කා වැදුනා…එයාල වයසට යන්න යන්න අපෙන් ඉල්ලන ඇටෙන්ෂන් එක වැඩි වෙනවා…..එයාල අපි පොඩි කාලේ අපිට දෙන්න පුළුවන් උපරිම අවදානය දුන්න…ඇයි අද ඒක අපිට දෙන්න බැරි?
මතු සම්බන්දයි
අම්මා ලියලා ඉවර කරන්න බැරි මතුසම්බන්දය
LikeLike