
අහසත් හරියට
අම්මයි තාත්තයි වගේ
පසොළොස්වක දවසට
හඳෙන් එළිය දෙනවා
අමාවක දවසට
තරු වලින් එලිය දෙනවා
ඉඩෝරයක් ආවොත්
ඒක ඉවර කරන්න
වැස්ස ගෙනත් දෙනවා….
තද වැස්සක් ආවොත්
ඒක ඉවර කරන්න
ඉර ගෙනත් දෙනවා
ආදරයක්
ඉවර කරන්න
නැවතීමක් තියන්න
අපි හේතු හොයන කාලෙක
සතයකවත් දෙයක්
බලාපොරොත්තු නොවී
නොනිමි
සෙනෙහසක්
ආදරයක්
රැකවරණයක්
දීලා
ජීවිතේට
අරුතක් දුන්නා
අහස ඔය හැම විපර්යාසයක් ම
දරාගෙන ඉන්නෙ කොහොමද කියලා
රස්තියාදුකාර ඇදුරුතුමන් හිතලා තියනවද….
LikeLike
පට්ට 💪💪
හැගීම් දැනීම් කෝටියක් එකට❤❤❤
LikeLike