රත්තනපිටිය බෝඩිම-2

ගොඩ දෙනෙක් කියපු නිසා බෝඩිමේ තව සිද්දි ටිකක් ලියන්න හිතුනා….

බෝඩිමේ අයිති ඇන්ටි හිටියේ පිළියන්දල… මාසෙකට පාරක් තමා ඇන්ටි එන්නෙ සල්ලි එකතු කරන්න…ඇන්ටි ඇත්තටම දන්නෙ නෑ බෝඩිමේ කීයක් ඉන්නවද කියලා…තුන් දෙනෙක් ඉන්න පුළුවන් කාමරෙක හය හත් දෙනෙක් ඉන්නවා..ඇන්ටි ගනන් කියලා තිබුනේ එක එක කාමරෙට… අපේ කාමරෙ මාසෙට 6,000යි..ඒ දෙන්නෙකුට ඉන්න පුළුවන් කාමරයක්…ඒත් අපේ කාමරෙ හතර දෙනෙක් හිටියා…එතකොට එකෙක්ට වැටෙන්නෙ 1,500යි… ඇන්ටිට ඉන්න උන්ගේ මූනු මතකත් නෑ…ඇන්ටි ඕවා දන්නෙ නෑ… අහළ පහළ ගෙවල් උන් ඒක දන්නවා.. ඒත් කවුරුත් ඇන්ටිට ඕවා කියන්න ගියේ නෑ අපිත් එක්ක ෆිට් නිසා…..

එක අතකින් සමීරයා විතරයි හරියට හිටියේ…ඒ කාමරෙ පොර විතරයි….පොර දොරේ බෝඩ් එකක් ගහන් හිටියේ
“කරුණාකර නිශ්ශබ්දව හැසිරෙන්න” කියලා….ඕක ඉස්සර කොල්ලොන්ට පේන්න බෑ…මුලටම නැගිටින එකාගේ වැඩේ උනේ ඕක ඉරලා වීසී කරන එක… සමීරයා ඒක හැමදාම ගහනවා…අපි හැමදාම ඉරලා වීසී කරනවා.. පොර හැදුනෙත් නෑ…අපි හැදුනෙත් නෑ… සමීරයා කියන්නේ වෙනම පරිච්ඡේදයක්…ඒක පස්සෙ කතා කරමු…

ඉතිං හැම මාසෙම පළවෙනි සතියේ ඉරිදා උදේට ඇන්ටි එනව සල්ලි එකතු කරන් යන්න…
ඇන්ටි එනකොට මුලු ගමම දන්නවා ඇන්ටි එනව කියලා…අන්කල්ගෙ හුචක්කු වෑන් එකේ සද්දෙ නිසා….ඒ වෑන් එකේ මොකෙක් හරි වැදුනොත් මැරෙන්නෙ පිටගැස්ම හැදිලා… එච්චරටම මලකඩ

ඒ බර කරත්තෙ සද්දෙ එනකොටම හොරාට නැවතිලා ඉන්න සෙට් එක ටග්ගාලා ටොයිලට් ඇතුලට ගිහින් දොරවල් ලොක් කර ගන්නවා…ඇන්ටි යනකන් එලියට බහින්නෙ නෑ…

මේ සිද්දිය වෙච්ච දවසේ උදේ ඇන්ටි ආවා උදෙන්ම සල්ලි එකතු කරන්න… එදා වෙද්දි මහපොළ වැටිලා තිබුනේ නැති නිසා ඇත්තටම නැවතිලා ඉන්න කොල්ලො ටිකකටත් සල්ලි හොයා ගන්න බැරුව ටොයිලට් අස්සෙ රිංගලා…..

බෝඩිම පටන් ගත්ත මුල් දවස්වල ඉඳලා මම හිටපු නිසා ඇන්ටි මාත් එක්ක ෆිට්..

එදා උදේ ඇන්ටි මට ඇවිල්ලා කියනවා…

“අනේ පුතේ ඊයෙ රෑ ඉඳලා අංකල්ට බඩේ අමාරුවක් හැදිලා….දැනුත් පොඩ්ඩක් ටොයිලට් එකට යන්න ඕන කියනවා…පුතාලගෙ බාත්රූම් එකේ විතරයි නෙ කොමොඩ් එකක් තියෙන්නේ…අන්කල්ට අනිත් ටොයිලට් එකක වාඩි වෙන්න අමාරුයි….පොඩ්ඩක් බාත්රූම් එක පාවිච්චි කරන්න පුළුවන්ද කියල ඇහුවා…..

ඇන්ටි එහෙම කියද්දි මම අන්කලයා දිහා බැලුවා….පොර ඇඹරී ඇඹරී ඉන්න හැටි දැක්කම මට හොඳටම දුක හිතුනා…කන් දෙකත් රතු වෙලා…මූනෙන් දාඩිය බේරෙනවා…

තුශාරි එක එහා පැත්තේ කඩෙන් කොත්තු කන අපිට අන්කල්ගෙ වේදනාව හොඳට තේරෙනෙව… බඩ දඟලගෙන මුලු බඩම කළඹවාගෙන ඒ වේදනවා අපි හැමෝම දන්නවා…අපි ඒ වේදනාවට සියුම්ව ආදරේ කලා…. ඒත් අංකලයාගේ වයසත් එක්ක පොර හිටියේ ඒකට ආදරෙ කරන්නවත් ඉවසන් ඉන්නවත් වයසක නෙවෙයි….

මම “හා ඇන්ටි එන්න… පුළුවන්” කියලා කිව්වට පස්සෙ තමා මතක් උනේ අපේ ටොයිලට් එකේ අත්තියයි, පන්නයි, කැලුමයි හැංගිලා ඉන්නව කියලා….

ඒක ඔලුවට ගිය ගමන් මටත් හීන් දාඩිය දාන්න ගත්තා…ඇන්ටි දැක්කොත් නෝන්ඩි හතයි….අන්කල්ට දොර ඇරලා යන්නෙ දුන්නෙ නැත්නම් අපිට කාමරේ හෝදන්න ලයිසෝල් ගන්න බෝඩින් ගාස්තු වගේ තව ගාණක් ගෙවන්න වෙනවා….

අපේ වෙලාවටම ඇන්ටි බෝඩිමේ අනිත් පැත්තට ගියා සල්ලි එකතු කරන්න…

මම ෆුල් අසරණ වෙලා… අන්කල් ගේ මූණ බැලුවා… පොර මගේ දිහා බලන් හිටියේ
” තෝ මොන $%6ද #&$&කෝ කරන්නෙ දොර ඇරලා දීපන් වගේ” කියන බැල්මට් එකක්…

මම දොරට තට්ටු කරලා අරුන්ට එන්න කිව්වා….උනුත් ඒ වෙලාවෙ කරුමෙට කියන්නෙ පොඩි ගල්ශෝට් තුනක් ඇඳන් හිටියේ…උන් තුන් දෙනා එලියට එද්දිම අන්කල් මගේ මූණ දිහා අමුතුම බැල්මක් දාගෙන ඇතුලට දිව්වා….අරුන් තුන් දෙනා කොහොමහරි දඩ බඩ ගාලා ඇන්ටිට පේන්නෙ නැති වෙන්න එලියට පැනගත්ත…

අන්කලයා දැන් පැයක් විතර තිස්සෙ ඇතුලේ….පොර එන පාටක්වත් නෑ…එලියට ඇහෙන සද්දෙන් තේරුනේ ටොයිලට් එක හෝදනව වගේ සද්දයක්…එතකොට මට තේරුනා හත් පොලේම ගාගෙන කියලා

පොර පව් කියලා හිතුන නිසා මම දොරට තට්ටුවක් දාලා ඇහුවා අන්කල් කොහොමද කියලා….

පොර දාඩිය දාගෙන දොර ඇරියා…

අම්මටසිරි මට ඒ ගඳ තාම මතකයි…. මොනාද ඕයි කෑවෙ කියලා අහන්න හිතුනත් ඒක එහෙම අහන්න හොඳ වෙලාවක් නෙවෙයි නිසා මම සද්ද නැතුවම හිටියා…..

“නෑ පුතේ මේ ටොයිලට් එක හොඳටම ජරා වෙලානෙ…මම ඒක හෝදන්න ගත්තා….පොර අහිංසක විදියට බිම බලාගෙන කිව්වා…. මට තවත් දුක හිතුනා…

මම කිව්වා “අන්කල් යන්න….මම හෝදලා දාන්නම් කියලා”

එදා ඉඳලා අන්කල් සල්ලි එකතු කරන්න ආවම මගේ මූණවත් බැලුවෙ නෑ…මාව දැක්කම අහක බලන් යනවා… එක්කො පොරට ලැජ්ජ ඇති මගේ දිහා බලන්න…

නැත්නම් පොර හිතන්න ඇති අර පොඩි කලිසන් තුනක් ඇඳන් කොල්ලො තුන් දෙනෙක් ටොයිලට් එකේ හිටපු නිසා මම සීන් එකේද දන්නෙ නෑ කියලා…. 😂😂😂

කොහොම උනත් එකක් නම් මට ශුවර්….පොර ඔය කතාව ඇන්ටිට ලොවෙත් කිව්වෙ නෑ ❤️

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

One thought on “රත්තනපිටිය බෝඩිම-2”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s