රත්තනපිටිය බෝඩිම-3

සමීරයාත් අපි ආපු මුල දවස්වල නම් අපිත් එක්ක ෆිට්….

මිනිහට ජීවිතේ මුල්ම වතාවට කෙල්ලෙක්ට හිත ගිහින්….පොර ඉතිං හෙනම ගැම්මෙන් ඒකට හිටියේ….ඒක පොරගේ කුළුඳුල් ක්‍රශ් එක උනාට අපේ අනිත් සෙට් එක නම් අම්බානක බූට් කාලා ෆුල් හන්ටර් වුනු සෙට් එකක්…

පොර ඉතිං මේ ලව් ස්ටෝරි එකට අපෙන් උදව් ඉල්ලුව…අපෙන් කිව්වට හරියටම උදව් ඉල්ලුවෙ අත්තියගෙන්…..

අත්තිය කියන්නෙ හිත හොඳ එල කොල්ලෙක්…සුපිරිම චරිතයක්….නියම බොක්කක්…ඒ වුනාට සමහරවෙලාවට ට්‍රැක් අවුට්….

මම එක උදාහරණයක් දෙන්නම්…

දවසක් අපි සෙට් එකම එකතු වෙලා බර දේශපාලන සාකච්ඡාවක්…. ඒ දවස්වල තමා ෆොන්සේකා මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තිබුනේ…. ඉතිං කට්ටියක් ෆෝන්සේකා මහත්තයට සපෝර්ට්…අනිත් කට්ටිය මහින්ද මහත්තයට සපෝර්ට්….දැන් මේ සාකච්ඡාවක් එන්න එන්නම උනුසුම් වෙනවා…අත්තියත් වාඩිවෙලා කතාව අහන් ඉන්නව…
ඔහොම සාකච්ඡාවක් නැගල යද්දි අත්තිය එක පාරටම කිව්වා

“ඒ වුනාට බං අපේ පැත්තේ මිනිස්සු නම් හවස හයෙන් පස්සෙ පාරෙ බුදියන්නෙ නෑ”

ඔක්කොම එක පාරට සයිලන්ට් උනා…. පන්නාට මල පැන්නා…

මොන මිනිහද ගොනෝ පාරෙ බුදියන්නෙ?
තොට පිස්සුද ඒ කියන්නෙ තොපිලගෙ පැත්තේ මිනිස්සු හවස 6ට කලින් පාරෙ නිදියනවද?
ගොං කතා කියන්න එපා යකෝ…..

අත්තිය කියන්නෙ ඔහොම චරිතයක්

ඔක්කොම හිනා වෙන්න ගත්තා…

හරි අපි දැන් සමීරයාගෙ ලව් සීන් එක බලමුකො

සමීරයා කියන්නෙ කලාවට ලැදි මනුස්සයෙක්…. ඒක නිසා අත්තිය කියලා සිංදුවල කෑලි මැසේජ් කරන්න කියලා කෙල්ලට….

කොහෙන් කොහොමහරි මුල් දවසෙ මේක වැඩ කලා….

මූ සිංදුවක පොඩි කෑල්ලක් මැසේජ් කරනවා…ඒකිත් ඒකට රිප්ලයි කරනවා සිංදුවකින්….
පොරට මේක මාර කික්….

අපිටත් හෙනම සීන් එක දාගෙන හිටියේ පළවෙනි දවසෙ….

ඒ වුනාට දෙවෙනි දවස බලද්දි පොර හෙනම ටෙන්ෂන් එකේ…

වේගෙන් එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා….බලන් ඉන්න බැරිම තැන පන්නා ඇහුවා සීන් එක මොකක්ද කියලා..

“ඒ කෙල්ලා එක්ක මූ පොඩ්ඩක් වලියක් දාගෙන..

ඒකෙන් පස්සෙ මූ කපුගේ මහත්තයගෙ “මංමුළාවි” සිංදුවේ කෑල්ලක් ගහල යවලා…

“අපේ ගමන අද නවතනු බැරි නම්…අප යන ගමනද අද මෙතනින් නිමි”

නෙදකින්….

ඕක දැක්කට පස්සෙ මොන කෙල්ලද රිප්ලයි කරන්නෙ…

පොරගෙ කුළුඳුල් ප්‍රේමය ලප් තැනම ලොප් උනා…

පොර අපිට දීපු හොඳම ආතල් එක තමා ඇස් ලෙඩේ….
ඕකා කොහෙන්ද මන්දා ගිහින් ඇස් ලෙඩ හදාගෙන ඇවිත් මුලු බෝඩිමටම ඇස් ලෙඩ දුන්නා…පොර ලෙඩේ අපිට දීලා හීන් නුලෙන් ගෙදර පැන්නා… ඔක්කොම ෆුල් ඩව්න්..මස්ත ගහලා….ඇස් ලෙඩ හැදිලා….

එකෙක්ටවත් උයන්නවත් ෆිට් එකක් නෑ….
අපි ඒ බෝඩිමේ ඉන්නකොට ගොඩක් දවස්වල අපිම කෑම හදාගෙන කෑවෙ… රයිස් කුකර් එකේ බත් එක හදලා… තව මොනවහරි ජාති දෙක තුනක් හදලා…. පාඩම් කරන පොඩි මේසයක් තිබුනා…ඕකට කෙහෙල් කොළයක් දාලා වටේට ඉඳගෙන හැමෝම එකට බත් කෑවෙ….ඒක වෙනම සුපිරිම ආතල් එකක්…
ඇස් ලෙඩ නිසා අපි සතියක් දෙකක් ඉව්වෙ නෑ.. කඩෙන්මයි කෑවෙ…ඔක්කොටම හොඳ වෙච්ච දවසේ උදේ කට්ටියම කතා වුනා අද් උයමු කියලා…
සෙට් එකම දැන් හෙනම මොරාල් පිට…ටික දෙනෙක් කඩේ ගියා බඩු ගේන්න..තව දෙන්නෙක් එහා වත්තට පැන්නා කෙසෙල් කොළ කඩන්න…අත්තියා බාර ගත්තා බත් එක තියෙන්න….
දැන් ඉතිං කට්ටියම ෆුල් ගැම්මෙන් බොරු කිය කිය උයනවා…
පොල් සම්බෝලයි සැමන් එකයි දැන් හරි…..සුවඳ එද්දි ඉවසන් ඉන්නත් අමාරුයි….
අත්තියා ආවා රයිස් කුකර් එක උස්සගෙන….හැමෝම් දැන් වට වෙලා කන්න බලාගෙන ඉන්නව….

රයිස් කුකර් එකේ පියන ඇරියා… බත් එක වෙනද වගේ නෙවෙයි…සුදුම සුදු පාටයි…….පෙන පෙන වගේත් උඩ්න්….හැමෝම කොයිල් වෙලා අන්දුන් කුන්දුන් වෙලා…පන්නා බත් හැන්ද ඇතුලට දැම්මා…ආයෙ බත් හැන්ද උඩට ගනිද්දි හැන්දෙ ඇමිනිලා ආවා තඩිම තඩි ගෝස් කෑල්ලක්….

රයිස් කුකර් එක තියල තිබුනේ කල්පයාගෙ ඇඳ ගාව….පොර ඇස් ලෙඩ දවස්වල ඇහැ වහපු ගෝස් කෑල්ල රයිස් කුකර් එකේ පියන උඩින් තියලා…

ගෝත අත්තියා ඒක බලන්නෙ නැතුව පියන වහලා….හම්බේ ඉතිං බත් එකත් කල්පයාගේ කබ පිරුණ ගෝස් කෑල්ලත් අපි උයලා….

ඕක දැකපු ගමන් කෑම එක නහුතෙටම එපා වුනා….කොච්චර බඩගින්නෙ හිටියත් එලියෙන් කෑම ගෙනල්ලවත් කන්න නිකමටවත් හිතුනෙවත් නෑ….මාරම අප්පිරියාවක්… කොටින්ම කියනව නම් අපි තව සති දෙක තුනක් යනකම් ආයෙ ඉව්වෙ නෑ

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

3 thoughts on “රත්තනපිටිය බෝඩිම-3”

  1. හැම සෙට් එකකම ඉන්නව ට්‍රැක් පැනපු ඩයල් එකක් ඒ වගේ

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s