
සිකුරාදා උදේ ක්ලාස් එක ඉවර වෙලා දවල්ට තඩි බත් එකක් කෙලලා මම ඇඳට වැටුනා…..
පැය භාගයක් ගියේ නෑ….
පුස් පුස්…
කියලා පිඹින සද්දයක් ඇවිත් මම ඇහැරිලා නැගිට්ටා….
දෙයි හාමුදුරුවනේ….තඩි නයෙක් මගේ ඇඳ ගාව…
පොර මගේ දිහා බලාගෙනම ඉඳලා උගේ හඬ අවදි කලා….
“දොරේ…මේ…ඔහේ බය උනැයි”????
මම යකෝ පුදුම උනා…අපේ බාසාව නේ මේක….මමත් ඇහුවා
“ඔහේ මාතරෙයි?”
“ඔව් දොරේ..අපේ මහ ගෙවල් මාතර”…..දැන් ඉන්නෙ කොළඹ….
මම : “ඉතිං අහවල් එහෙකටෙයි ඔහේ මාව හොයන් ආවෙ? ඔහේ මාව කන්නෙයි ආවෙ?
නයා : “ඔහේ මේ මගුලක් කතා කරන්න එපා දොරේ…..මට ආරංචියක් ආවා මේ තව මාතර ඩෑල් එකක් ඉන්නවයි කියලා…
ගමේනෙ…
කොල්ලොනෙ…
පොඩි බිස්නස් එකක් කතා කරගන්න ආවෙ”
මම : “මට මක්කයි ඔහෙත් එක්ක කරන්න තියෙන බිස්නස්..මට ඔය නයි ටෝක්ස් දිරවන්නෙ නෑ”
නයා : “ඔන්න ඔන්න ඔහේ ඉතිං රෝන්ග් සයිඩ් එනෝනෙ….වැඩිය පුස් ටෝක්ස් ඉශූ කලොත් දශ්ට කරනවා මෙතනම් සෙත්තපෝච්චි වෙන්න”….කටයි..*කයි වහන් මම කියන එක අහන් ඉඳින්”
ඒම කිව්වම මාත් අම්බානක බය උනා….පොර කිව්වා වගේ මාත් කටයි *කයි වහ ගත්තා…
නයා: “මේකයි දොරේ….මම අඳුරන තව ඩෑල් එකක් ඉන්නව මොරවක දුලංග කියලා….පොර කරන්නෙ මී පැණි බිස්නස්…මේ දවස්වල ෆුල් හන්ටර් වෙලා ඉන්නෙ කොරෝනා කේස් එක්ක…පොර තමා මේ අයිඩීයා එක දුන්නෙ…….අපි අලුතෙන් පොඩි ප්‍රොඩක්ට් එකක් හැදුවා…..මී පැණි වලට ගංජා දාලා….
මම: “ඒ මොන අලුකෙත්තුරුවක්ද????ඔහේ මේ මක්කයි දොඩන්නෙ?…
නයා “පොඩ්ඩක් කට වහගනින්කො යකෝ කියලා ඉවර වෙනකම්…*බ්බ…
මම: හරි හරි…මම ආයෙ නිහඬ උනා
නයා “සුපිරි පැණිය දොරේ….ගහන ඕන එකෙක් සැපෙන් ඉන්නෙ….පුල් ආතල්….මමත් දවස් දෙක තුනක් හඳටත් ගිහින් ආවා…..
මම: “ඉතිං ඔහේ මගෙන් මොනැවැයි බලාපොරොත්තු වෙන්නෙ?”
නයා: “මේකනෙ දොරේ….ඔහේගෙ පේස්බුක එකේ රීච් එක හොඳයි නේ…අපි පොඩි ගේමක් ගහමු” ඔහේ ප්‍රෙස් කොන්පරන්ස් එකක් තියලා කියනෝ ඔහේ බෙහෙතක් හොයා ගත්තයි කියලා කොරෝනා වලට”….. මාත් ඔහෙත් එක්කම එන්නම් ප්‍රෙස් කොන්පරන්ස් එකට…ඔහේ කියනෝ මේ බෙහෙත හොයල දුන්නෙ මම කියලා….මාවත් පොඩ්ඩක් මාකට් කරනෝ හොඳේ?????
මම :”ඉතිං මේක බොරු බේතක් නෙ?? මිනිස්සු මේවා විස්වාස කරයිද??? අනික මේකෙන් ලෙඩ හොඳ වෙන්නෙ නෑ නෙ”
නයා: “මේ ලංකාව දොරේ….මුන් ඕන දෙයක් ගිලිනවා….ඕන නම් අපි ෆස්ට් රවුන්ඩ් එක නොමිලේ දෙමු….අපේ උන් නිකන් දෙනව නම් මන්න පාරක් උනත් කනවා දොරේ…..අනික දොරේ නයෙකුත් ප්‍රෙස් කොන්පරන්ස් එකේ ඉන්න නිසා ගැම්ම වැඩියි…..ඕනනම් අපි කියමු මම රාවණා ගාව හිටිය නයෙක් කියලා….නැත්නම් කියමු නාග ලෝකෙන් වැඩම කලා කියලා..අපේ උන් පට්ට ගොං දොරේ…ලෙඩේ හොඳ වෙන එකක් නෑ දොරේ….ඒ උනාට මේක බොන එවුන් සැපෙන් ඉඳිවී නේ දොරේ….අපි සල්ලි බෙදා ගමු…මාතර ගැම්ම දොරේ මාතර ගැම්ම…ගේමක් ගහමු දොරේ…ගේමක් ගහමු….
මම: “ගේමක් ගහමු…ගේමක් ගහමු…කියාගෙනම ෆුල් මොරාල් එකේ මම ඇස් ඇරියා….ශික් ඒක හීනයක්…..
කමක් නෑ….මේක තමා ඇත්ත පැණිය.. කාලක් 6999/=
❤️❤️
LikeLike