මාලක

මම මාලකව අඳුර ගත්තෙ විස්ඩම් එකේ ලෙක්චරින් වලට ගියාම….අපි දෙන්නම එකම පැනල් එකේ….පොර උගන්වන්නේ P2 මම උගන්වන්නෙ F1

අපි දෙන්න අම්බානක ෆිට් උනේ MBA ක්ලාස් එක නිසා….

ජැන්ඩියට ඇඳලා ෆුල් ස්මාට් එකට තමා පොර බහින්නෙ….හෙමින් ගමනක් ඇත්තෙම නෑ…ෆුල්ම ෆුල් ඇක්ටිව් චරිතයක්….කොයි වෙලාවෙ බැලුවත් හිනා වෙලාම ඉන්නෙ..ලේසියෙන් මල පනින්නෙ නෑ….හැබැයි මල පැන්නොත් විනාසයි….

පොරගෙන් මම ජීවිතේට අම්බානක දේවල් ඉගෙන ගත්තා

අපිට ජීවිත් වෙන්න ඕන “ප්‍රැක්ටිකල් තියරි” අහගන්න නම් සුපිරිම පොර තමා මාලක….. තෙල් බෙහෙත් පොරවල් පරාදයි

1. තැනේ හැටියට ඇනේ ගහන තියරි

2.ශේප් න්‍යාය

3. හැමෝම සතුටින් තියෙන තියරිය

4. අහක යන නයි රෙද්ද අස්සෙ නොදා ගෙන වැඩ කරන විදිය

5. දීමෙන් සැනසීමේ තියරිය

6. ප්‍රැක්ටිකල් මාකටින් තියරිය

ඔය ඔක්කොම දේවල් පොර ප්‍රගුණ කරලා තියෙන්නෙ….

පොරගේ ජීවිතේ මාර සිම්පල් තියරි ටිකක් තියෙන්නෙ….කවදාවත්  වෙන එකෙක් කපන් ඉස්සරහට යන චරිතයක් නෙවෙයි…තව එකෙක්ට තැනක් දීලා උන් එක්කම ඉස්සරහට යන චරිතයක්…..මාලක දිහා බලද්දි අපේ කැම්පස් එකේ කැන්ටින් එකේ ගහල තිබුන එකක් මතක් උනා….

“අප මිනිසුන් තැනිය යුත්තෙ අප සමග යෑමට නොව අප පසු කර යෑමටය”

අලුතෙන් එන එකෙක්ට තැනක් දෙන්න ගොඩක බය වෙන උන් අස්සෙ මාලකය කලේ අලුතෙන් එන උන්ට චාන්ස් දීලා උන්ව හදල ගත්ත එක…එහෙම උන් මේ දවස්වල පට්ට අඩුයි…

ජීවිතේ අපිට හැම තිස්සෙම චාන්ස් ලැබෙන්නෙ නෑ…එන චාන්ස් එක අරන් ඒක අපිට ඕන විදියට වෙනස් කරන්න ඕන කියල පොර මට ඉගැන්නුවා…..

ඉස්සෙල්ලා මම කිව්ව වගේ පොරගෙ තියරි හෙන සිම්පල්….පොර කියලා දීපු තව පාඩමක් පොරගෙ වචනෙන්ම මම කියන්නම්….

“උබට ඔය බොක්ක දීගෙන උබ එක්ක ඉන්නව වගේ පෙන්නුවට එකෙක්වත් උබ ගාව ඉන්නෙ උබට තියෙන ආදරේට නෙවෙයි…උබ උබේ වැඩේ කරපන්…එච්චරයි…කොටින්ම කියනවනම් උබ මාවවත් විශ්වාස කරන්න එපා…උබට උබ විතරයි…..අන්න ඒක ඔලුවෙ තියන් වැඩ කරපන්”

දොඩන් ගොඩම බදාගෙන වැඩ කරන චරිතයක් නෙවෙයි මාලක කියන්නෙ…පොරගේ ජීවිතේ ෆස්ට් ප්‍රයෝරිටි එක තමා පවුල් ජීවිතේ….

ගොඩක් උන්ගෙ ෆස්ට් ප්‍රයෝරිටි එක වෙන්නෙ ජොබ් එක..වෙලාවක් තිබුනොත් තමා පවුල් ජීවිතේ ගැන බලන්නෙ…ඒ වුනාට පොර එහෙම නෙවෙයි….කොටින්ම කියනවනම් පොර ලෙක්චරින් කරන්නෙත් පවුල ගැන හිතලා (සල්ලි ගැන හිතල නෙවෙයි) දවසක් පොර මට මෙහෙම කිව්වා

“සුරා…මට කලම්බු කැම්පස් එකේ ඩිග්‍රියක් තියෙනවා, නෝතැම්ප්ටන් එකේ එම්බීඒ එකක් තියෙනවා, සිමා එකේ මම ඇසෝසියෙට් මෙම්බර්, සිම් එකෙත් ඇසෝසියෙට් මෙම්බර්….ඒ උනාට මගේ බිස්නස් එක නිසා මම නිකන් මුදලාලි කෙනෙක්. (මට කියන්න අමතක උනා…පොර තමා සිංහ ෆර්නිචර් එකේ CEO) ලෙක්චරින් කරන එකෙන් මට මාර ගැම්මක් තියෙනවා ….මම කැමති නෑ සුරා  මුදලාලි වෙන්න….පොඩි උන් තුන් දෙනා උනත් කැමති මගේ තාත්තා ලෙක්චරර් කෙනෙක් කියන එකට…උන් ටිකක් තේරෙන වයසට ආවාම මම මේක නවත්වනව කොහොමත්……
කවදාවත් වැරදි කතාවක් හැදිලා නෑ මාලකගෙ කැරියර් එකේ…ඒ පොර හැමදාම පවුලට ෆස්ට් ප්‍රයෝරිටි එක දීපු නිසා….

මුලටම දකින එකෙක් හිතන්නෙ…මුගෙ නම් %& ඇඩ් එක කියලා…හැබැයි ආස්‍රය කරන්න ගත්තම තමා උන්ට තේරෙන්නෙ මූ එලම පොරක් කියලා…..

අපි කොහොමද අපිවම මාකට් කරගන්නෙ කියන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න නියම කෙනා තමා මාලක

“සුරා මේ…. වැඩේ කරන එක එකක්….කරපු වැඩේ මාකට් කරන එක එකක්…පඩයක් ගියත්  මාකට් කරන්න අපි දැන ගන්න ඕන”
 
ඉස්සෙල්ලා කිව්ව වගේ දොඩන් ගොඩම බදා ගන්නෙ නෑ අනික දන්නෙ නැති දේවල් කරන්න යන්නෙත් නෑ….මට මතකයි මම දවසක් මොකක්හරි බිස්නස් එකක් ගැන කීවම පොර කිව්වා..
“අනේ මේ ඔය දන්නෙ නැති ලබ්බවල් මම කරන්නෙ නෑ”
මාලකය දෙයක් කරත් කරන්නෙ හොඳට හිතලා….
පොර ළඟදී නියම විලා එකක් දැම්මා..මරු කන්සෙප්ට් එක.කියන්න දෙයක් නෑ…නියමෙටම වැඩේ කරල තියෙනවා….මම දන්න තරමින් අම්බානක ස්ටඩී කරලා තමා වැඩේට අත ගැහුවෙ.(හිතටම වදින චෙෆ් කෙනෙක් හොයන්න අමර කට්ටක් කෑවා)..අලුත් බිස්නස් එකට බොක්කෙන්ම මම සුභ පතනවා

කොරෝනා ලොක්ඩව්න් එකෙන් පොරට හිට් එකක් ආවත් වැඩ කරපු උන්ගෙ පඩි කැපුවෙ නෑ….උන් ඔක්කොටම තුන් වේලටම කන්න දුන්නෙත් මාලකයා

මම විශ්වාස කරන, ගරු කරන නියම පොරක් තමා මාලක.ඕන ප්‍රශ්නයක් පොර එක්ක කතා කරන්න පුළුවන්..එකම අවුල තියෙන්නේ ෆෝන් එක ආන්සර් කරන්නෙ නැති එක තමා.. ආ…අනිත් අවුල මට හැමදාම බනින එක..
“උබ පටන් ගන්න එක වැඩක්වත් හරියට ඉවර කරන්නෙ නෑ”….උබ උබේ ටැලන්ට් එක නිකන්ම වේස්ට් කරල දාන ගොනෙක්”

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s