අපි හිතන විදිය හරිද???

මිනිස්සු හිතන විදිය හරි වෙනස්..ඒක අපි හැමෝම දන්නවා…ඒකෙනුත් ලංකාවෙ මිනිස්සු හිතන විදිය පට්‍ටම වෙනස්..ඒ ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ….

කැම්පස් එකෙන් අවුට් වෙලා මගේ දෙවෙනි ජොබ් එක කරන්න මම මගේ උපන් ගමට ආවා…මාතරට…ඒ ජොබ් එක තෝර ගත්තෙත් මම ගෙදර ඉඳන් යන්න පුලුවන් නිසාත් සහ ඒ ඔෆර් එකත් හොඳ නිසා…

මේ සිද්දිය උනේ මම ඔෆිස් එකට ගිය මුල් දවස්වල…. මම වැඩ ඕෆ් වෙලා කාර් එකේ ගෙදර එන්න පිටත් උනා…. ටික දුරක් ඉස්සරහට ඩ්‍රයිව් කරන් යද්දි මම දැක්ක පොල්හේන හංදියේ බස් හෝල්ට් එකේ මගේ පොඩි කාලෙ ගමේ යාලුවෙක් ඉන්නව..

මට ඉස්කෝලේ යාලුවො අම්බානකා හිටියට ගමේ වැඩිය යාලුවො හිටියෙ නෑ… අපේ ආච්චිඅම්මා කැමති උනේ නෑ අපි ගමේ අයව ආස්‍රය කරනවට (ඔව් තවත් හිතන විදිය ගැන උදාහරණයක්)

ඉතිං මම කාර් එක නවත්තල පොරව නග්ග ගත්තා…..

අම්බෝ සුරා…..ඔහෙව දැක්ක කල්…..දකින්නත් ආසයි බොලේ…..මම දැන් පොල්හේන හෝටලෙක වැඩ….ජොබ් එක නියමයි…මගේ පඩියත් හොඳයි.මට මෙච්චරක් හම්බවෙනවා…ගමේ උන් එක්ක බලද්දි මගෙ ජොබ් එක සුපිරි…උබ දන්නවනෙ උන් ඔක්කොම ටැංකි යන්නෙ (මාලු අල්ලන්න)….මේක ඉතින් චොර ජොබක් නෙවෙයි….මම ඩිප්ලෝමා එකක් පටන් ගත්තා…වීල් එකක් ගන්න ඉන්නෙ බං…සුපිරි එකක් ගන්නවා…

කොහොමද මචන් ජීවිතේ උබ හොඳට ඉන්නවද කියලවත් අහන්න පොරට මතකයක් නෑ…..අපි දෙන්න හම්බවෙන්න ඇත්තෙ අවුරුදු 7ට විතර පස්සෙ…..ආගිය තොරතුරු කතා කරන්න පොරට ඕන උනේ නෑ…..

පොරට මම දැක්කම පොඩි ඉන්සිකියුරිටි එකක් ආවද නැත්නම් ඒක පොරගෙ හැටිද කියලා මම කල්පනා කරද්දි පොර එක පාරට මගෙන් ප්‍රශ්නයක් ඇහුවා…

“කාගෙද බං කාර් එක….තාත්තගෙ එකද මේ…..”

මම – නෑ බං…මම ගත්තා….

ලීසිං ද? දැන් ෆුල් ලීසිං තියෙනව නේ? ඕන එකෙක්ට ගන්න පුලුවන්……

බොරු කියන්න ඕන නෑ…මට ඒකට හිත යටින් ටිකක් දුක හිතුනා….මම මුකුත්ම කියන්න ගියේ නෑ….

ඊටපස්සෙ පොර ආයෙත්..

කොහෙද බං වැඩ කරන්නෙ? ජොබ් එකක් තියෙනවද?

මම-ඔව් බං…මම වෙයාවෙල් ගාමන්ට් එකේ වැඩ

පොර- උබට පිස්සුද යකෝ ඔච්චර ඉගෙන ගෙන ගාමන්ට් එකක වැඩට යන්න…උබට අඩුම ගානෙ 20000ක්වත් පඩි හම්බවෙනවද? අපරාදෙ බං ඉගෙන ගත්ත ඒවා…මම උබට හොටෙල් එකෙන් ජොබක් සෙට් කරන්නද?

මට ඒ වෙලාවෙ නම් මළම පැන්නා…20000න් මගේ පෙට්‍රල් අලවන්ස් එක කවර් වෙන්නෙත් නෑ….ඒ වෙලාවෙ මට අම්බානක තරහ ගියත් දැන් ඒක මතක් කරල බලද්දි තමා මිනිස්සුන්ගෙ හැසිරීම් තේරෙන්නෙ…..

ඇයි පොරට ඉස්සර අපි ක්‍රිකට් ගහපු හැටි කතා කරන්න බැරි උනේ? ඇයි පොරට දහම් පාසලේ අපි කරපු පිස්සු වැඩ ගැන කතා කරන්න බැරි උනේ? ඇයි පොර ගමේ අනිත් උන් ඔක්කොම මාලුකාරයො මම විතරයි හොටෙල් එකේ රෙස්පෙක්ටබල් ජොබ් එකක් කරන්නෙ කියලා කියන්න හිතුනෙ? ඇයි මම ගාමන්ට් එකේ වැඩ කරද්දී ඒක චොර ජොබක් කියලා කිව්වෙ?

ඒ දවස්වල මට ඕවට උත්තර හොයන්න බැරි උනා…පොර දැක්කත් මට තරහ යනවා…බස් හෝල්ට් එකේ හිටියත් මම දැක්කෙ නෑ වගේ යනවා…නැත්නම් පොඩ්ඩක් වෙලාව පහු වෙලා යනවා…. ඒ දවස්වල ඉතිං මගෙත් ගොංකම…දැන් තමා ඒකත් තේරෙන්නෙ…..අපරාදෙ මම තරහ ගත්තෙ….ඒ පරිණත බවත් වයස එක්කම එන්න ඇති…ඒත් දැන් ඕකත් වෙලා අවුරුදු 10ට කිට්ටුයි….

මේ වගේ සිද්දි අපි ගොඩ දෙනෙක්ගේ ජීවිත වල වෙලා තියෙනව….අපිව පහත් කරලා දෙකේ කොලේට දාලා පොරවල් වෙන්න හදන ගොඩක් මිනිස්සු හිත යටින් බයයි අපිට…. ඉරිසියයි අපි ජීවිතේ ළඟා කරගත්ත දේවල් වලට….උන්ට ඕන කොහොමහරි අපිව රිද්දලා පොඩි ලල් එකක් ගන්න….අපිට නැති දෙයක් උන්ට තියෙනව කියලා පෙන්නන්න…..ඒක තමා මනුස්ස ස්වභාවෙ…… ඒ වෙලාවට උන්ගෙ ආතල් එක ගන්න දෙන්න….ඒකත් පිනක්…අනුකම්පා කරන්න…මුලදි ටිකක් අමාරු වේවි….අම්බානක මල පනීවි…..ඒත් ඒක හුරු කරගන්න බලන්න….ඒක පට්ට

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

One thought on “අපි හිතන විදිය හරිද???”

  1. පට්ට තිත්ත ඇත්ත….

    සුරන් සර්, තවත් මෙවැනි කාලෝචිත ලිපි ලිවීමට ඔබට හැකි වේවා…

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s