පෝය දවස….

ඉස්සර පොඩි දවස්වල පෝය දවස කියන්නෙ ඉස්කෝලෙ නිවාඩුවක්….ඉස්කෝලෙන් නිවාඩුවක් ලැබුනා කියන්නෙ මාරම ආතල් එකක්….ඒ වුනාට ඒ ආතල් එක කුඩු වෙන්න හේතු දෙකක් තිබුනා….

1. අම්මා පෝයට සිල් ගන්න එක :

මෙහෙම කියන එක හරි නෑ….ඒ වුනාට අම්මා සිල් ගත්තම ගෙදර මාරම පාළුයි…..කිසිම ගතියක් නෑ ගෙදර, මොන මගුලකට නිවාඩුවක් ලැබුනද කියල හිතෙන්නෙ ඒ වෙලාවට

2. ටීවී එකේ බලන්න මුකුත්ම නැති එක :
දැන් වගේ නෙවෙයි…ඉස්සර ටීවී චැනල් ගොඩක් නෑ….ඉන්ටනෙටුත් නෑ…..ටීවී එකේ හැම චැනල් එකකම යන්නෙ බණ වැඩසටහන් (මම දන්නව මම මෙහෙම කියන එක වැරදියි හෙනම පව්කාර අදහසක් කියල)

ඒ දවස්වල පෝය කියලා ආසවෙන් හිටියෙ අම්මටයි ආච්චිඅම්මටයි පන්සලට දානෙ අරන් යන එක….(ආස හිතුනෙ පන්සල් ගිහින් බුදුන් වඳින එකට නෙවෙයි අම්මව දකින්න ලැබෙන එකට)

ටික ටික ලොකු වෙද්දි පෝය නිවාඩුවට මාර විදියටම ආදරෙ කලා…ඒ කලෙත් බණ දහම් කරන්න නෙවෙයි.( ඒ වෙද්දිත් මට්ටු වෙලා නෑ….සසර කෙටි කරන් යන තැනකට දෙයක් කරන්න ඕන කියලා හිතෙන්න ගත්තෙ නෑ….ඒක මගේ පවුකාර ගතිය වෙන්න ඇති)….මේ මම කියන්නෙ කැම්පස් කාලෙ,ජොබ් පටන් ගත්ත මුල් කාලෙ….ඒ දවස්වල පෝය නිවාඩුව කියන්නෙ යාලුවො හම්බ වෙන්න තියෙන දවස…..මාසයක් වැඩ කරල කරලා ස්ට්‍රෙස් එක නැති කරන්න යාලුවො හම්බවෙන දවස……

ඒ කාලෙත් දැන් ගෙවිලා ගිහින්….දැන් පෝය එනකම් නොඉවසිල්ලෙන් ඉන්නෙ ගෙදරට වෙලා මුකුත්ම නොකර පොඩි රෙස්ට් එකක් ගන්න….යාලුවො හම්බවෙන්නවත් එලියට බහින්න හිතෙන්නෙ නෑ….( ඔව් තාම හැදිලා නෑ…පව්කාරයෙක්ම තමා…පෝයට නිවාඩු දෙන්නෙ ඕකට නෙවෙයි නෙ)

කාලෙන් කාලෙට පෝය ගැන මට හිතෙන දේවල් වෙනස් වුනාට නොවෙනස් වෙච්ච දේවල් දෙකකුත් තියෙනව…

1. අම්මා සිල් ගන්න එක….( අම්ම ගැන මට මාර සතුටුයි….අම්මා ජීවිතේ අවබෝධ කරන් වැඩ කරන එක) ඒ වුනාට පෝය දවසේ අම්මා නෑ කියන එක මාර පාලුයි

2. ඒ දවස්වල ඉඳන් හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන්නෙ පෝය දවස සතියේ දවසකට වැටෙන්න කියන එක……

මෙහෙම හිතන මට නිවන අම්බානක දුරයි…මම ඒක දන්නවා…ඒත් පවට පින දෙන්න බෑ නෙ..මේ මගේ ලැබීම….ඒක නිසා මම කියන්නෙ හදිසියෙන් වත් මම එක පාරට මැරුණොත් “නිවන් සුව ලැබේවා” කියලා පෝස්ටර් ගහන්න එපා…මට ඒක දැන්ම හම්බවෙන එකක් නෑ….ඒක නිසා පෝස්ටර් ගහනව නම් ගහන්න “සසරෙ දුක් අවබෝධ වේවා” කියලා

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

2 thoughts on “පෝය දවස….”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s