
මේක ටිකක් ලොකු හෑල්ලක්.. ඒ වුනාට මේ දවස්වල වෙන දේවල් වල හැටියට මේක දාන්නම හිතුනා
මේ වගේ දේවල් වෙලා නැද්ද?
අවුරුදු පන්සීයකින් විතරක්වත් අපි උන්නද මළාද බලපු නැති උන්
“මචන් ගොඩ යන්න නියම විදියක් තියෙනවා…..මමත් ළගදි පටන් ගත්තේ….මම දැන් හොඳ ගාණක් හොයා ගත්තා…. උබ ඒ දවස්වල ඉඳන් නියම පොරක් නිසා උබට විතරමයි කියන්නෙ…..මේක අපේ රටේ විතරක් නෙවෙයි තියෙන්නෙ….. බිල් ගේට්ස් ගොඩ ගිහින් තියෙන්නෙත් මේකෙන්…..අපේ සර් එහෙම හොරෙක් නෙවෙයි බං…..උබ මම කියනවට මේකට වරෙන්…….ලොකු කම්පැනිවල ලොක්කො ඔක්කොම මේකෙ ඉන්නව බං……උබ මම කියනවට ඇවිත් බලපන්…….නිකන් ඉඳන් සල්ලි බං….කැම්පස් කොල්ලොත් ගොඩක් දැන් මේක කරන්නෙ….අපේ එකෙක් ගොඩ යනවා කියන්නෙ මටත් සතුටුයි…මම මේ උබට තියෙන ෆිට් එකට කියන්නෙ….උබ ඔය මිස් කරගන්න හදන්නෙ ලයිෆ් ටයිම් ඔපචුනිටි එකක්….මේකේ සල්ලි හම්බ කරන්න මහන්සි වෙන්න ඕන නෑ බං…ඊසි මනී!!!!!!!
ඕවා ඇහිලා තියෙනවනම් උන් වාතයක් වෙලා තියෙනවා නම් උන්ගෙන් අනිවාර්යයෙන් පරිස්සම් වෙන්න……
අපේ පොඩි උන්ගෙ මොළ හෝදලා විසබීජයක් දාන එක මහා අමාරු වැඩක් නෙවෙයි….ඒක පට්ට ලේසි වැඩක්…මම ඒකට අහු වෙන උන්ට වැරැද්දක් කියන්නෙ නෑ….ගොඩක් උන් ජීවත් වෙන්නෙ full stress and tension එකේ….උන්ට ලොකු හීනයක් පෙන්නලා ලස්සන හීනයක් විකුණලා මේකට ඇදලා ගන්න පට්ට ලේසියි…..ඉතිං ගොඩක් උන් මේකට නිකන්ම අහුවෙනවා…
කාලෙන් කාලෙට මුන් එක එක fancy නම් දාගෙන මේවා පටන් ගන්නව pyramid selling, multi level marketing, network marketing……ඔක්කොම එකයි…..හැබැයි Ponzi scheme කියන්නේ වෙන එකක්….ඒක අපි පස්සේ කතා කරමු
කොහොමද මේවා වැඩ කරන්නෙ…..
හිතන්න මම අලුතෙන් කම්පැනි එකක් පටන් ගන්නවා ඉලෙක්ට්‍රොනික් ගැජට් විකුණන්න…ඊට පස්සේ මම කරන්නේ Products ටිකක් එකතු කරලා පොඩි බන්ඩ්ල් (Bundle) එකක් හදනවා (ලැප්ටොප් එකයි, ෆෝන් එකයි,හොඳ අත් ඔරලෝසුවයි)…මේ තුනම මට හොඳ Profit එකක් තියාගෙන ලක්ෂ එකහමාරකට විකුනන්න පුළුවන් (150,000)…..ඊට පස්සේ මම කරන්නේ හොඳ මාකටින් කැම්පේන් එකක් පටන් ගන්නවා….මොළ හෝදන….
“නිකන් ඉඳන් සල්ලි හම්බකරන්න කැමතිද කියලා”
ඕක දැකපු ගමන් ගොඩක් පොඩි උන් මේකට ජොයින් වෙන්න අහනවා……හිතන්න මට 10ක් සෙට් උනා කියල….මම උන්ට කියනවා මගේ මේ products ටික දෙනවා ලක්ෂ දෙකහමාරකට (250,000) මට එතැනින්ම ලක්ෂයක් වාසියි…. මේ බන්ඩ්ල් එකේ තියෙන බඩු වලට පොඩි උන් කැමතියි….ගොඩක් කැමැත්තෙන් ගන්න හිතන් ඉන්න ගැජට්..උන් නිකන්ම ඒවා ටික දැක්කම කැමති වෙනවා
හරි…දැන් ඔලුවට එන ප්‍රශ්නේ ඇයි උන් වැඩි ගානක් දීලා මේක ගන්නේ කියල නේ?
- උන් දන්නෙ නෑ මම විකුණන්නෙ වැඩි මිළට කියලා
- මම උන්ට කියනවා ඒ එක එකාට තව හතර දෙනෙක් එක්කන් එන්න (එක්කෙනෙක් හතර දෙනෙක්)…අලුතෙන් එන උන්ට මගේ මේ බාස්කට් එක (බඩු ටික) Promote කරන්න….. උන් ගන්න හැම එකටම මම 10% කොමිෂන් එකක් දෙනවා….
අම්ම්ටසිරි පොඩි උන්ට මාර හැපී…..උන් හිතෙන් ගණන් හදලා බලනවා (යකෝ හතර දෙනෙක් එක්කන් ආවොත් මට ලක්ෂයක් ලැබෙනවා නේ = 250,000* 10% * 4) එක මාර මැගී නුඩ්ල්ස් (Instant) රිටර්න් එකක්….ඉතින් උන් බොක්කෙන්ම බහිනවා ගේමට……ඉතින් උන් කොහොමහරි 40ක් සෙට් කරන එනවා
කොහොම ගියත් මම ගොඩ….මගේ සේල් එක කොහොමත් වැඩි වෙනවා…අනික මම විකුනන්නේ නෝමල් මිලටත් වඩා වැඩියෙන්…..
දැන් ඉතින් මට තියෙන්නේ අලුතෙන් ආපු 40 මොළ හෝදන එක……මේ 40 දෙනාගේ මොළ හෝදන එක එච්චරම අමාරු නෑ…මොකද උන්ව සෙට් කරපු යාළුවො දහදෙනා මුන්ගේ ඔලුව හෝදලා ඉවරයි….ඉතින් මගේ වැඩේ තවත් ලේසියි….දැන් උන් 40 දෙනාත් මගේ බඩු ටික ගන්නවා…මම තව ගොඩ
මට කරන්න තියෙන්නේ අලුතෙන් ආපු උනාට එකාට තව හතර දෙනෙක් එක්කන් එන්න උන්ට මේක වාසියි කියල ඔලුවට දාන එක විතරයි……
උනුත් කොහොමහරි තව 160 දෙනෙක්ගේ ඔලු හෝදලා මට තව අලුතෙන් බිස්නස් 160ක් එනවා……මෙව්වනේ බොලේ බිස්නස්…..මම ගොඩ
හරි දැන් ඔලුවට එන ඊළඟ ප්‍රශ්නේ මුලින්ම සෙට් උන 10 දෙනාට මොකක්ද තියෙන රිටර්න් එක කියල නේ?
අලුතෙන් එන ගේන බිස්නස් එකට උන්ට තාම කොමිෂන් එක ලැබෙනවා…හැබැයි මේ පිරමිඩ් එක ලොකු වෙන්න ලොකු වෙන්න උන්ට ලැබෙන කොමිෂන් එක අඩු වෙනවා
පලවෙනි රවුන්ඩ් (Round) එකේ උන් ගෙනාපු බිස්නස් වලට උන්ට 100,000 කොමිෂන් ආව….ඊලග රවුන්ඩ් එකේ එන්නේ 40,000……ඊට පස්සේ රවුන්ඩ් ඕක තව අඩු වෙනවා
ඇයි මේකට පිරමිඩ් කියන්නේ???
බලන්න මේක පටන් ගත්තේ මම….ඊට පස්සේ තව 10ක් සෙට් උනා….උන් තව 40ක් ගෙනාව….ඒ 40දෙනා තව 160ක් ගෙනාවා….පිරමිඩ් එකේ ශේප් එක තියෙන්නේ
හිතන්න අලුත් සාමාජිකයෝ එන හැටි
10 X 4 = 40
40 X 4 = 160
160 X 4= 640
640 X 4 = 2560
2560 X 4 = 10240
10240 X 4 = 40960
කොහොමද ඉතින් මුන් Survive වෙන්නේ???? Rounds 13-14 යද්දී ලෝකේ ජනගහනයත් ඉවරයි
හැබැයි මම ඕක උන්ට කියල (කොමිෂන් එක අඩු වෙනවා) මගේ බිස්නස් එක අල කරගන්නේ නෑ…උන්ගේ ඔලුවට මම දාන්නේ මේක ලොකු වෙන්න ලොකු වෙන්න වාසි ඔයාලට තමා කියලා…….
කොහෙන් කොහොමහරි ජොයින් වෙච්ච මුල් සෙට් එකට එයාලගේ Cost එක ශේප් එකේ Cover කර ගන්න පුලුවන් උනත් අන්තිමට සෙට් වෙන ගොඩක් උන් නන්නත්තාරයි……
ගොඩක් උන් දන්නේ නෑ උන් ඇන්දුනා කියලා….ඉතින් උන් කට පියන් ඉන්නවා….සමහරු තියෙන යාලු ෆිට් එකට කට පියන් ඉන්නවා….ඔන්න ඕක තමා කෙස් එක…..
හරි…ඊළගට අපි බලමු කොහොමද මෙහෙම ජල්තර සීන් එකක් අඳුර ගන්නේ කියලා
- එන්න දැන්ම අපිත් එක්ක සම්බන්ද වෙලා ගෙදර ඉඳන් නිකන් සල්ලි හම්බ කරන්න
- ජීවිතේටම නොලැබෙන වාසියක් ගන්නේ කොහොමද
- ලේසියෙන් පෝසත් වෙන්න කැමතිද
- ජීවිතේ වෙනස් කරන ආදායමක් ලබා ගන්න කැමතිද?
ඔන්න ඔය වගේ එකක් දැක්කොත් අනිවාර්යෙන්ම ඕක බොරුවක්….හම්බෙන ඉටි ගෙඩියක් නැ…අන්තිමට ලඟින් හිටපු යාලුවොත් නැ……
ඊළගට……
යාලුවෙක් මේක Promote කරන් ආවොත් අපි මොකක්ද කරන්න ඕන?
ඒක බලන්න ඔහොම මෙහෙමයි…..
- ගොඩ කාලෙකින් අපිට කතා කරපු නැති එකෙක් නම් වැඩේ ලේසි…..ඉස්සෙලම කියන්න මම කැමති නෑ මචන් කියලා…..ඔව් මම දන්නවා පොර එතනින් නවතින්නේ නැ….ගොඩ කාලෙකින් කතා කලේ උගේ වාසියට, නැතුවට අපිට තියෙන ආදරේට නෙවෙයි….ඉතින් ඌව කෙලින්ම බ්ලොක් (Block) කරලා දාන්න
- ළඟ ඉන්න හොඳ යාලුවෙක් වාතයක් උනොත් කියන්න තියෙන්නේ…. “මචන් උබ දැන් ඕකෙන් හොඳ ගානක් හොයාගෙන නේ තියෙන්නේ…මට පොඩි සල්ලි හදිස්සියක් තියෙනවා….පොඩි අතමාරුවක් කර ගමුද….උබ ගාව සල්ලි තියෙනව නේ පොඩි ලෝන් එකක් දීපන් කියන්න……. ඕකා ආයෙත් ලොවෙත් එන්න කියන්නේ නැ….වදෙන් බේරුනා කියල Confirm කරගන්න ඕන නම් පොරට ආයේ කෝල් එකක් දීලා සල්ලි ඉල්ලන්න….වැඩේ ඉවරයි
මම ඉස්සෙල්ල කිව්වා වගේ Ponzi Scheme කියන්නෙත් මේ වගේ ජල්තර සීන් එකක් තමයි….හැබැයි මීට වැඩ ටිකක් වෙනස්..ඒක පස්සේ කියල දෙන්නම්
අන්තිමට මට මතක් උනා සර් ඒබ්‍රහම් ලින්කන් එයාගේ පුතාගෙ මුල් ගුරුතුමාට ලියපු ලියුමේ පොඩි කෑල්ලක්
“It will take time, I know, but teach him, if you can, that a dollar earned is of far more value than five found…”
මම මේක අපිට හරියන විදියට පරිවර්තනය කරන්නම්
“මම දන්නවා….මේකට කාලයක් යාවි….ඒ වුනාට මගේ පුතාට කියල දෙන්න අමාරුවෙන් හම්බ කරන රුපියල අම්බානක වටිනවා කියල නිකන් හම්බවෙන රුපියල් පහකට වැඩිය”
මේක තමා අපේ අම්මල තාත්තල අපිට පොඩි කාලේ ඉඳන් උගන්වන්නේ…එක නිසා ටිකක් ඔලුව කල්පනා කරලා වැඩ කරන්න පුරුදු වෙන්න
If it seems too good be true, it probably is……..❤️❤️❤️
EASY COME, EASY GO ❤
What a timely article. Thank you so much sir.
LikeLike