
මේ සිද්ධිය උනේ 2013දී… ටිකක් ගොං පාට් එකක් මම දාපු….ටිකක් නෙවෙයි ගොඩක් ලොකු ගොං පාට් එකක්….
සිද්දිය වෙච්චි දවසෙ ක්ලාස් එකේ ළමයි පාටි එකක් ඕගනයිස් කරලා තිබුනා….ඉතිං ඒ ළමයි අපිටත් ඒකට ආරාධනා කරලා තිබුනා…වල්ගම “සරසි” කියලා හෝටලේක තමා මේ පාටිය තිබුනෙ…මාත් ඉතිං උදේම ලෑස්ති වෙලා පිටත් උනා….
මම ටිකක් කලින් ඇවිත් තිබුනු නිසා ලොකු තාත්තලාගේ ගෙදරත් පොඩ්ඩක් ගිහින් ඉඳලා ආයේ හෝටලේ පැත්තට එන්න ආවා..හෝටලේ තිබුනේ පාරෙන් එහා පැත්තේ….මම වාහනෙ ස්ලෝ කරලා හරියට සිග්නල් දාලා හරවනකොටම කොහේ හරි ඉඳලා ආපු බයික් එකේ හිටපු හරකෙක් මගේ සිග්නල් ලයිට් එකෙත් වද්දගෙන නවත්තන්නෙම නැතුව ගියා….
මට පට්ටම මළ….2013 කියන්නෙ ඉතිං මට වයස 26යි….හොඳටම උණ තියෙන කාලේ..
මම එහෙම්ම ආයෙ වාහනේ රිවස් එකට ගහලා මූව ෆලෝ කරන්න ගත්තා…කොහොමහරි ලයිට් ගහලා හෝන් ගහලා ඌව ඕවටේක් කරල නැවැත්තුව…
බයික් එකේ දෙන්නෙක් හිටියා…. පිටිපස්සෙ හිටපු එකා හෙන ගැම්මෙන් බයික් එකෙන් බැහැල මගෙන් “ඇයි” කියලා ඇහුවා…
ඌ එහෙම ඇහුවම මට තවත් මළ…ඇයි යකෝ වැරැද්ද කරලා තව කට ගහන් එද්දි….
මම කිව්වා
“උබ නෙවෙයි නේ එලෙව්වෙ…උබ කට වහපන්”
මගේ ටෝන් එක ටිකක් දරුණු උන නිසා ඌ ශේප් එකේ කට වහ ගත්තා…
මම ඊටපස්සෙ බයික් එක එළවපු එකාට හොඳට දෙසා බාන්න ගත්තා…මට ශුද්ධ සිංහල වලට A+ තියෙන්නේ…වඳුරු කුණුහරුප පවා මම දන්නවා…
මූ ඊටපසේ කියනවා
“නෑ අයියෙ එතන නවත්වන්න බෑ නේ..අනික අපිට හොඳටම පරක්කු වෙලා තියෙන්නේ අද ලක්ෂ්මන් මහත්තයා පිළි ගන්න යන්න තියෙනවා
(මට කලින් කියන්න අමතක උනා..එදා ලක්ෂ්මන් යාපා මහත්තයාට මොකක් හරි ඇමතිකමක් ලැබිලා පළවෙනි පාරට මාතරට එන දවස….ඉතිං එයාව පිළිගන්න අම්බානක උත්සව සංවිධානය කරලා මාතර)
අරූ ඔය විස්තරේ කිය කිය ඉද්දි තව බයික් එකක් ඇවිත් නැවැත්තුව…උන්ගෙ සෙට් එකේ… දැන් උන්ගෙ හතරයි…මම තනියම…
(ළාවට ශර්ට් එක අස්සෙන් හීනියට දාඩිය දාන්න ගත්තත් මම බය පෙන්නන්න ගියේ නෑ….
මොකද ඔය ඒරියා එකේ ඉස්කෝලෙ යාලුවො අම්බානක හිටිය….
ඔය අස්සෙ අර පස්සෙ බයික් එකේ හිටපු එකෙක් තව කාටහරි කෝල් එකක් අරන් කියනවා
“මචං පොඩ්ඩක් හරවන් වරෙන් සුසිදුට පොඩි කරදරයක්”
දැනටමත් හතරක් ඉන්න එකේ තව සෙට් එකක් ආවොත් රජ කෑමක් සෙට් වෙයි කියලා හිතත් කියන්න ගත්තා….
ඒ කෝල් එක ගත්ත එකා…. කෝල් එකේ ඉන්න ගමන් මගෙන් ඇහුවා
“අයියෙ මේ හරියට කියන්නෙ මොකක්ද?
(ඒරියා එක මොකක්ද)
අම්මටසිරි ඒක අහපු ගමන් මගේ බය කොහෙන් ගියාද දන්නෙ නෑ….මුන් මේ පැත්තේ උන් නෙවෙයි කියලා තේරුනාම බෝලේ මගේ පැත්තට ආයෙ ආවා…දැන් ආයේ මම රජා වගේ
(ඕක තමා මනුස්ස ස්ව්භාවෙ)
ඔය අස්සෙ තව එකෙක් මට කියාගෙන ආවා
“අපි කුලවීර ඇමතිගෙ මිනිස්සු” කියලා
මට ඒක කිව්වම තව ඌරුජුවල්….(කුලවීර කියන්නෙ ඇමති කෙනෙක් නෙවෙයි…වැලිගම ප්‍රාදේශීය සභාපති…අපේ තාත්තගෙ යාලුවෙක්)
මම ඒක කියපු එකාට කිව්වා “කුලවීර කොහෙන්ද *&$% ඇමති කෙනෙක් උනේ”
මුන් එතකොට තව ඇඹරෙන්න ගත්තා…මුන් හිතුවා මම හෙන පොරක් වෙන්න ඇති එහෙම කතා කරන්න කියලා…මට ඉතිං හෙනම ආතල්
(දැන් තමා තේරෙන්නෙ මම කලේ ගොං වැඩක් කියලා…ඒ දවස් නේ ඉතිං…තරුණ කාලෙනෙ)
ඊටපස්සෙ පොරම ආයෙ කියනව..
“නෑ නෑ අයියෙ…අද ලක්ෂ්මන් මහත්තයා දිවුරුම් දෙනවනේ අපි එයාව පිළිගන්න යන්නෙ කියලා….
මට මළ වැඩි උනේ මුන් උන්ගෙන් උන වැරැද්ද ගැන කතා නොකර පොර ටෝක්ස් දීපු නිසා….
උන් එහෙම කිව්වම මම කිව්වා
“ලක්ෂ්මන් යාපාට කියපන් මේක සුරන්ගෙ කාර් එක” කියල
උන්ට දැන් රෙවෙන්න වගේ…උන්ගෙ මූණුවලින් ඒක හොඳට පේනවා…බයවෙලා…උන් හිතන්න ඇති යකෝ මූ මාර පොරක්..ඇමතිතුමාවත් හොඳට දන්නව ඇති මේම කතා කරන්න කියලා
මටත් ඉතිං ඒ වෙලාවෙ මගේ ඇඩ් එක දාගත්ත නිසා හිතේ පොඩි කික් එකක් තිබුනා..
අයියෙ අයියට අලුත් ලයිට් එකක් දාන්න කීයක් යාවිද කියල එකෙක් ඇහුව….
“මට තමුසෙලාගෙ සල්ලි ඕන නෑ ඕයි” කියලා අන්තිම පොර ටෝක් එකත් මම ඉශූ කරලා කාර් එක හරවන් හෝටලේට ගියා….
අන්තිමට දීපු පොර ටෝක්ස් ටිකත් #කේ ගහන්….අතින් 18000ක් දීලා ලයිට් එක හදා ගත්තා….
උන් වැරැද්ද පිළි අරන් හොඳට කතා කලා නම් මෙහෙම නොවෙන්න තිබුනා….
ඒක නෙවෙයි හොඳම සිද්දිය….උන් එදා ගිහින් ලක්ෂ්මන් මහත්තයාට සීන් එක කිව්වනම් පොර අද වෙනකම් කල්පනා කරනව ඇති “කව්ද යකෝ සුරන්” කියන්නෙ කියලා