
මේ සිද්දිය උනෙත් දැනට ගොඩක් දවසකට කලින්…..
ගමේ තරුණ සමිතියේ කොල්ලො ටික තීරණය කරලා ශාස්ත්රීය ප්රසංගයක් තියන්න.. උන් වැඩක් කලොත් ඒක අල
ඉස්සර හැම වෙසක් එකටම වගේ බීම දන්සැලකට කියලා සල්ලි එකතු කරනවා…දන්සල පටන් අරන් විනාඩි පහක් යන්නෙ නෑ දන්සැල ඉවරයි….උන්ම බීම හදන් උන්ම බීලා විනාඩි පහක් යන්න කලින් බඩු ඉවරයි….ලොවෙත් පිටින් එකෙක්ට බොන්න වෙන්නෙ නෑ…..
තව පාරක් වෙසක් එකට…හොල්මන් මන්දිරයක් දාලා….පිටින් ආපු කොල්ලො සෙට් එකකින් හොඳටම කෑවා උන් එක්ක ආපු කෙල්ලොන්ගෙ එහෙන් මෙහෙන් ඇල්ලුවා කියලා
හරි දැන් මේ සීන් එක බලමු….
දැන් මුං ෆුල් මොරාල් එකේ ගේමට බැහැලා වැඩේ කරන්න!!!! ස්පොන්සර්ස්ලා හොයන්න ගම වටේම මුන් ඇවිදිනවා….
“අයියෙ ටිකට එකක් ගන්නකො….මචං ඔෆිස් එකෙන් ස්පොන්සර්ශිප් එකක් අරන් දියන්කො….මල්ලි ටිකට් එකක් ගනින්කො”
පාරෙ බැහැල යන්න බෑ
කොයින් කෝමහරි මුන් සල්ලි ටිකක් සෙට් කරන්….හැබැයි හොයාගත්ත සල්ලිවලින් භාගයක් විතර ඉවරයි මුන් හැමදාම මීටින් කිය කිය හවසට සෙට් වෙලා බොනව…
දැන් ටික ටික ශෝ එකේ දවසත් ළං වෙනවා….මුන් දැන් දසඅතේ කල්පනා කරනව කොහොමද මැච් එකක් ගහන්නෙ කියලා…ඇයි ඉතිං මුන් දෙන්න හදන ගණන්වලට ලොවෙත් ඔරිජිනල් ආර්ටිස්ට් කෙනෙක් කැමති වෙන්නෙ නෑ….ඔය අස්සෙ කල්පනා කර කර ඉද්දි දුලංගයා කියලා
“මචං මම දන්න ඩයල් එකක් ඉන්නවා…පොඩි බෑන්ඩ් එකෙක සිංදු කියන…පොර කියන්නෙ නන්දා මාලිනිගෙ සිංදු විතරයි…අපි පොර දාලා ශෝ එක කරමු…පොඩි ගාණක් ගෙව්වම ඇති….අපිට තා ෆන් එකක් දාන්න පුලුවන් කියලා…
ඔක්කොම එක පයින්ම දුලංගයගෙ අදහසට කැමති උනේ තව ගාණක් ඉතුරු කරන් බොන්න පුලුවන් වෙන නිසා…. දැන් ඉතිං ඔක්කොම ෆුල් හැපී
දුලංගය අර කොල්ලට කතා කරලා මුලු ශෝ එකේම සිංදු කියන්න රුපියල් 20000ට කැමති කරවන්…දැන් උන් ෆුල් මොරාල් සල්ලි ඉතුරු නිසා….
ඊටපස්සෙ මුලු ගමේම ෆුල් පෝස්ටර් ගහලා නන්දා මාලිනි ශෝ කියලා…
ෆුල් ගැම්ම ඉතිං….නන්දා මාලිනි මැඩම් අපේ ගමට එනව කියන්නෙ…ගමේම කතා වෙන්නෙ මේක…
දැන් ශෝ එක දවසත් ආවා….
ගමේ හැමෝම වගේ හන්දියෙ පිට්ටනියෙ… සූ ගාලා සෙනග….
ඒ අස්සෙ තව බුලක්…එනවුන්ස් කරන ඩයල් එකකට එන්න කියන්න මුන්ට අමතක වෙලා.. කෝමහරි සම්තියේ “කසුන්”ව කැමති කරන් වැඩේට
ශෝ එකේ ඕපනින් එකට පොල් තෙල් පහන පත්තු කරන්න කියලා ගමේ මුදලාලි ල සෙට් එකත් එකතු කරන් එතනින් තව ගාණක් කපා ගෙන….
දැන් තමා හැමෝම පුන පුනා බලා හිටපු වෙලාව….
කසුනයා මයික් එක අරන් තටම තටම කතාව පටන් ගත්තා
“හොඳයි මිත්රවරුණි…ඒනම්…අපි තව කල් අරගන්නෙ නැතුව මේ වේදිකාවට ආරාධනා කරමූ ඒ අසහාය….අද්වීතීය…ළයාන්විත…මියුරු…හදට දැනෙන සොඳුරු ගීතාවලියක හිමිකම් තියෙන නන්දා මාලිනි මහත්මියගේ කටහඬින්ම ගී ගයන……. … (කියලා අර පොඩි කොල්ලව ස්ටේජ් එකට ගෙන්නුවා)
දැන් ගමේ මිනිස්සු ෆුල් අවුල් ගිහින්…ඔක්කොගෙම හෝප්ස් නැති උනා වගේ!! (මුන්ගෙන් ඉතිං මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ)
පොර ස්ටේජ් එකට නැග්ග විතරයි භාගයක් විතර සෙනග ගෙදර ගියා….සිංදුව පටන් ගත්තා විතරයි…ඉතුරු භාගෙත් ගෙදර ගියා…
අන්තිමට ඉතුරු උනේ මායි, සමිතියේ සෙට් එකයි, සවුන්ඩ්ස් ගෙනාපු ලොරියෙ උනුයි, තව තුන් හතර දෙනෙකුයි (මාත් ගෙදර යන්නෙ නැතුව හිටියෙ කෝමත් ගෙදර ගියත් මේ කන්දොස්කිරියාවට නින්ද යන්නෙ නැති නිසා)
සමිතියේ උන්ට වගක් නෑ…උන් කුණු වෙන්න බීලා ස්ටේජ් එක ඉස්සරහ පිස්සුවෙන් වගේ නටනව…තව උන් ටිකක් බීලා වැටිලා….
කොල්ලා දෙවැනි සිංදුව පටන් ගත්තා
“අම්මාවරුණේ”
දේශානයයි, දුලංගයයි, දනුශ්කයයි ශර්ට් ගලවන් ඒ සිංදුවටත් උඩ පැන පැන නටනවා….
සවුන්ඩ්ස් ගෙනාපු ලොරියේ එකා බෙරිහන් දෙනවා අනේ බුදු මල්ලියේ බෆල් එකෙන් බැහැපන් කිය කියා
තුන්වෙනි සිංදුව….
“උඩඟු ලියන්”
දැන් කට්ටියම ෆුල් හන්තර් වෙන්න ගහලා ඉන්නෙ… ඔය සිංදුව යන වෙලාවෙ ස්ටේජ් එකේ ෆුල් ගැම්මෙන් මොරාල් එකේ නට නට හිටියේ රවීනයයි, චන්දිමයයි, තරිඳුවයි…. හෙනම ජාතිආලයෙන් නට නට හිටියා….
මටත් ටිකක් කම්මැලිකමක් ආපු නිසා මම ෆෝන් එක ඔබ ඔබ හිටියෙ…
ඒ සිංදුව ඉවර වෙනවත් එක්කම වගේ දඩාස් ගාලා සද්දයක් ආවා….ඒ එක්කම බුදුඅම්මෝඕඕඕ කියලා මර ලතෝනියකුත් ඇහුනා….මමන දඩබඩ ගාලා ස්ටේජ් එක ගාවට දිව්වා…
දෙයියනේ අර සිංදු කිය කිය හිටපු පොඩි කොල්ලා කටින්, ඔලුවෙන් ලේ පෙරාගෙන පාර මැද වැටිලා…
පොර අඬ අඬ කියනව
“ඇයි අයියෙ ඔහෙලා මාව උස්සල වීසි කලේ….සිංදු කැතයි කිව්වනම් මම සිංදුව නවත්තනව නේ…..
ඔය අස්සෙ චන්දිමයා බෙරිහන් දෙනව….
“ඉතිං ඔහේ නෙ බෙරිහන් දුන්නෙ…එමගට මා විසි කරන්න කියලා”
එතකොට තමා මට සීන් එක මීටර් උනේ….ඔය සිංදුවේ ක්ලයිමැක්ස් එකේදි කියනවා
“එමගට මා විසි කරන්න කියලා”
බීලා බීලා ෆුල් කික් එකේ හිටපු රවීනයයි, චන්දිමයයි, තරිඳුවයි සිංදුවේ ඒ කෑල්ල යද්දි මේ කොල්ලව උස්සලා ස්ටේජ් එකෙන් වීසි කරලා…
බීලා හිටපු නිසා එකෙක්ටවත් සිහියක්වත් නෑ..
මම ටග්ගාලා වීල් එකක් ගෙන්නන් අර කොල්ලව අරන් ඉස්පිරිතාලෙට ගියා….
සින්දු තුනයි….ශෝ එක ඉවරයි…..කොල්ලට ඔලුවට මැහුම් හතයි….දත් තුනක් කැඩිලා….මට වීල් එකට 800යි!