වෙනස් වෙච්ච යාලුවට

අවුරුද්දට ගමේ ආවා
ඔක්කොම වෙනස් වෙලා බං…
ක්‍රිකට් ගහපු පිට්ටනි කෑල්ල
දැන් ලොකු හොටෙල් එකක් බං..
සෙට් වෙලා කයිය ගහපු
බකිණි ගහ ගාව
හතර වටෙන් වැටවල් ඇදලා…
හවසට මුහුදෙ නාපු තැන
වැටවල් බැඳල බං….

ඒක නෙවෙයි බං තියෙන දුක
කවදාවත් වෙනස් නොවෙයි
කියලා හිතපු අපේ යාලුකම්
මෙහෙම වෙනස් උන එකට….

මාත් වැරදියි ..උබත් වැරදියි
දැන් ඉස්සර වගේ නෙවෙයි
බිල් වලට අපි හිරවුණා බං
එකක් ගෙවල ඉවර වෙද්දි
තව එකක්…
ඒකට පස්සෙ තව එකක්!!!

උබව බලන්න විතරයි බං ඕන උනේ….
පොඩි කාලෙ හිටියා වගේ සෙට් වෙලා බොරු කිය කිය ඉන්න…
සෙට් වෙලා පංසල් වත්තෙ කුරුම්බා කඩන්න….
දොළපිදේනි උස්සන් ගිහින් ගෙවල් ඉස්සරහ තියන්න…..

ඊළඟ අවුරුද්දෙත් හිටියොත්
මම එන්නම් ආයෙත්..
පොඩිම පොඩි වෙලාවක් දීපන්
පුළුවන් නම්…
සෙට් වෙලා කතා කරමු බං
අපි ජීවිතේ වරද්ද ගත්ත හැටි!!!

උබේ සතුටෙදි උබ ළඟ
නොහිටියත්….
දුකේදි උබ ළඟ ඉන්නම්…
මටත් සමාවෙයන්!!!

යාලුවා!

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

One thought on “වෙනස් වෙච්ච යාලුවට”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s