
කඳු මුදුනෙ දැවටෙන වළාකුළ
හැමදාම කඳු මුදුන සිප ගත්තා…
හැමදාම එන හන්දා කඳු හිතුවා
වළාකුළට මං නැතුව බෑ කියලා….
කඳු මුදුනෙ දැවටෙන්න….
තද හුළඟේ ඈත නොයන්න
කන්ද ළඟින් ඉන්න
වළාකුළ වෙර දැරුවා…
දවසක මම ආයෙ නාවොත්
කන්දට පාළු හිතෙයිද?
මම නැතුව ඉන්න එයාට පුළුවන්ද?
පුරුදු උණුහුම නුපුරුදු වෙයිද……
දවසක ආපු තද හුළඟකට
වළාකුළ ගියා ඈතටම….
වෙන වළාකුළක් කන්දට ළං උනා
පුරුදු විදියට කන්ද දැවටුනා
වළාකුළ ඉකිබින්දා
මහා වැහි ඇද වැටුනා…
ගංගාව දුක අහලා
වළාකුළ ආදරෙන් පිළි ගත්තා