
තද වැස්ස පොළොවට බරක්ද???
මම දවසක් පොළොවෙන් ඇහුවා
“මම ආසම තද වැස්සට”
පොළොව මට කිව්වා
ඇයි ඒ? මම ඇහුවා
ඉඩොරේ ඉවරයි කියලා
මට කියලා දෙන්නේ එයා
තද බින්දු එක පිට එක
වැටෙනකොට
මටත් අමාරුයි දරා ගන්න
ඒත් මහා මෙරක් වගේ දරන්
ඉන්න පුරුදු කලෙත් එයා
මහා තද වැස්සට
පස්සේ එන
පුර හඳ ලස්සනයි කියලා
මට පෙන්නුවෙත් එයා
“ඇයි එහෙම ඇහුවේ?
පොලව මගෙන් ඇහුවා
මම හිතුවෙ උබට
ඉවසන්න අමාරුයි කියලා
පොළොව මට හිනා උනා
දාලා යන්න එක හේතුවක්
හොයද්දි
රැඳිලා නවතින්න හේතු සීයක්
මම දැක්කා
Again headshot for the society sir wish u all the best
LikeLike
Beautiful poem with deep meaning.
LikeLike