
- ලංකාවේ හොඳම zoom ආතල් දැක්කද?
- ගිය මාසේ zoom classes වල වෙච්ච පට්ට සිද්ධි දැක්කද?
- මේවා තමා zoom claases වල හොඳම ආතල්
Youtube එකේ අම්බානක videos මේවා ගැන….නිකමට වගේ click කරලා බැලුවා…
- අපේ අම්මලාගේ වගේ වයසක ගුරුවරියක් උගන්වනකොට ඒ උගන්වන බෝඩ් එක කඩන වැටෙනවා….ආ මේක තමා ඒ ආතල් එක!!! නිකමට හිතල බැලුවද ඒ අම්මා කොච්චර මහන්සි වෙන්න ඇද්ද ඒක හදන්න….මහන්සිය පැත්තකින් තියන්න….Online උගන්වන එක පුරුදු වෙන්න කොච්චර කට්ටක් කන්න ඇද්ද? ඒක පුරුදු වෙන එක ලේසි දෙයක් නෙවෙයි…වයස එක්ක එහෙම දෙයක් කරන්න ට්රයි කරන එක කොච්චර දෙයක්ද?
- සර් උගන්වන වෙලාවේ එක එක ගොන් පාට් සද්ද දාලා සර්ව අපහසුතාවයට පත් කරලා උන් හිනා වෙනවා….කතා කරන මමත් සර්ව සම්පූර්ණ නෑ…අපිත් ඒ දවස්වල පොඩි කාලේ ගොන් පාර්ට් දාලා තියෙනව….හැබැයි කවදාවත් උගන්වන ගුරුවරයා විහිලුවට අරන් පාච්චල් කරලා නෑ….
- ක්ලාස් එකේ ඉන්නකොට අහම්බෙන් මයික් එක On වෙන එක, Camera එක On වෙන එක වෙනම දෙයක්…එක record කරලා ගොන් ආතල් ගන්න එක තව දෙයක්
- තව video එකක කොල්ලෙක් මයික් එක on කරලා කියනවා… “සර් මොනවද ඔය උගන්වන්නේ? අපිට මුකුත් තේරෙන්නේ නෑ …ඔයා වෙලාවට සල්ලි ගන්න එකනම් කරනවා කියල”
ඒක Phyiscal class එකක් උනා නම් ඔය කතා කරපු කොල්ල ඔහොම කියාවිද?? පොරට එහෙම class එකක ඉස්සරහට ඇවිත් කියන්න ගටක් තියේවිද?? එහෙම තේරෙන්නේ නැති ප්රශ්නයක් තියෙනවනම් ඒක කතා කරන්න විදියක් තියෙනවා…හැමෝම ඉස්සරහ ගුරුවරයා අපහසුතාවයට පත් කරන එක නෙවෙයි වීරකම - අමුතු අමුතු ගොන් පාර්ට් ගොඩයි….ඉඳල හිටලා හැමෝටම හිනාවෙන්න රසවිඳින්න විහිළුවක් කරන එක වෙනයි…තව කෙනෙක් අපහසු තාවයට පත් කරන එක වෙනයි
මම ඉස්සෙල්ල කිව්වා වගේ Online උගන්වන්න හුරු වෙන එක ලේසි නෑ….අපිත් ගොඩක් දඟලලා තමා මේක ඉගෙන ගත්තේ….ඒක නිසා ටිකක් වයසින් වැඩි ගුරුවරු දාන උත්සාහය අගය කරන්න බලන්න
මම Lecturing වලට ගොඩක් කැමති මට ළමයි එක්ක connect වෙලා වැඩ කරන්න පුළුවන් වෙච්ච නිසා…එත් මේ Online classes
එක්ක එහෙම ළමයෙක් එක්ක connect වෙන්න මාර අමාරුයි….මේක මගේ පෞද්ගලික මතය විතරයි….මට දැන් පෙන්නේ ළමය මේක දකින්නේ නිකන්ම නිකන් service එකක් විදියට විතරයි කියලා….ඉස්සර වගේ “ගුරු ගෝල” සම්බන්දයක් දැන් ඇති වෙන්නේ නෑ…සමහරවිට මම දැන් ළමයෙක් එක්ක connect වෙන්න පුළුවන් වයස පහු කරලත් වෙන්න ඇති…එකත් එක හේතුවක් වෙන්න පුළුවන්…….
ළමයා එක්ක හොඳට connect වෙන්න ඕන කියලා theory එකක් කොහෙවත් නැතුව ඇති..ළමය ඉගෙන ගෙන හොඳ මනුස්සයෙක් වෙනවනම් එච්චරයි ඕන…..ඒ වුනාට දැන් ඒ ආත්ම තෘප්තිය නැති වෙන්න පටන් අරන් තියෙන්නේ….
මම මේකෙන් කියන්නේ නෑ Online clas ses වැඩක් නෑ කියලා…අපිට වෙලාවේ හැටියට තිබුන එකම විසඳුම මේක….මේකෙන් ගොඩ ගිය ළමයි ගොඩක් ඉන්නවා…
ළමයාගේ පැත්තෙන් ගත්තත් ලේසි නෑ…screen එක දිහා පැය දෙකක් බලන් ඉන්නවා කියන එක…ගුරුවරයාගේ පැත්තෙනුත් ලේසි නෑ පැය දෙකක් screen එක දිහා බලන් කියවන එක!!! එක දෙගොල්ලොන්ටම Boring ඕක දෙපැත්තෙන්ම තේරුම් ගන්න ඕන….. අතරින් පතර විනාඩි 2-5 පොඩි පොඩි විවේකයක්/විරාමයක් දෙන්න ඕන
මොනවා උනත් මේ කරදර ඉක්මනට ඉවර වෙලා ආයේ Physical Classes ඉක්මනටම පටන් ගන්න පුලුවන් වේවා කියල මම ප්රාර්ථනා කරනවා
Well said sir
LikeLike