
“මට උඹ ගැන දුකයි”
කුණු ඇලේ ඉවුරෙ ඉන්න
ජපන් කොරලියට මම කිව්වා
ඇයි? ඌ ඇහුවා
උඹ දුක හිතිලා අඬද්දි
කඳුළු වතුරෙ දියවෙලා
කාටවත්ම
පේන්නෙ දැනෙන්නෙ නැති නිසා
උඹ දන්න ඉටිගෙඩිය
මට ඊට වඩා ප්‍රශ්න බං
උඹට පේන්නෙ නැද්ද???
මම ඉන්නෙ කුණු ඇලක!!
මෙතන පට්ට ජරාව!!
මම මැරෙන්නෙ ඇමක් ගිලලා!!!
ඒ මැරෙන්නෙත් මගේ හුස්ම හිර වෙලා
ඒවා තමා මට තියෙන ප්‍රශ්න
ඌ මට කිව්වා….
මට කට උත්තර නැති උනා….
ඌ ආයෙ මගේ දිහා බලලා
“උබ කියන කතාවත් ඇත්ත”
මම දැන් ඒ ගැනත් හිතන්න ඕන
ඌ දුකෙන් කිව්වා
උගේ ප්‍රශ්නෙ දන්නෙ නැතුව
ඌට නැති ප්‍රශ්නයක් ගැන
මාත් හිතලා කල්පනා කරලා
පොරට නැති ප්‍රශ්නයක් ඇති කරලා
ඩිප ගහල නන්නත්තාර කරවලා
මම ගෙදර ආවා