හසලක ගාමිණි

ෆැන්ටසි ලෝකෙක ජීවත් වෙන අපිට අද වීරයින් වෙලා ඉන්නේ සුපර් මෑන්, ස්පයිඩර් මෑන්, බැට් මෑන් වගේ සෙට් එකක්…අද පොඩි එකෙක්ගෙන් ඇහුවොත් මුන්ගේ ඉතිහාසයම කියවාවි….DC හොඳයි, Marvel හොඳයි කියාගෙන පැය ගණන් රණ්ඩු කරාවි….

ඒත් අපේ ඇත්ත ලෝකේ සුපර් මෑන් ල ගැන අහල තියෙන කට්ටිය ගොඩක් අඩුයි….අපිට හිටපු සුපර් මෑන්ලාගෙන් උඩින්ම ඉන්න කෙනෙක් තමා හසලක ගාමණි කියන්නේ!!!! DC නෙවෙයි, Marvel නෙවෙයි!! අපේ Army එකේ කොල්ලෙක්

කවුද මේ හසලක ගාමිණි කියන්නේ??

ගාමිණී කුලරත්න ඉපදෙන්නේ 1966දී හසලක ගමේ…සහෝදර සහෝදරියන් පස් දෙනෙක් ඉන්න පවුලක දෙවෙනියා….ගාමිණි ගේ පොඩි කාලේ ජීවිතේ ලේසි එකක් නෙවෙයි….අග හිඟකම් මැද ජීවිතේ ඉස්සරහට ගෙනි යන මේ පවුලේ තාත්තා නැති වෙනකොට ගාමිණීට වයස 15යි..එතනින් පස්සේ මේ පවුලේ බර අදින්න ගන්නේ අම්මා තමා…ගාමිනිලගේ එකම ජීවිකාව උනේ ගොවිතැන….ඉස්කෝලේ ඉගෙන ගන්න ගමන් අම්මගේ ගොවිතැන් වැඩවලටත් ගාමිණි පුළුවන් තරම් උදව් උනා….කොහෙන් කොහොම හරි උසස් පෙළ සමත් වෙන ගාමිණි අම්මගේ ආශිර්වාද අරන් ආමි එකට බැඳෙන්නේ 1986දී

අම්පාර, පලාලි, කන්කසන්තුරේ තමන්ට උප්රිමෙන්ම රටට සේවය කරලා අන්තිමට ගාමිණි එන්නේ අලිමංකඩට..මේ දවස් වෙද්දී අලිමංකඩ තත්වේ හොඳටම දරුණු වෙලා තිබුනේ…අලිමංකඩ ඇරෙන්න අනෙත් ඔක්කොම වගේ (උතුරු පළාතේ) කොටි අල්ලන් තිබුනේ…..අලිමංකඩ අල්ලගන්න කොටි ගහපු නැති ගේමක් නෑ…මේක වටිනාම තැනක්

ඇයි අලිමංකඩ අල්ල ගන්න එක ඔච්චර වැදගත්???
පටු බිම් තීරයක් තියෙන අලිමංකඩ කියන්නේ A9 පාරට තියෙන පිවිසුම් දොරක්….මේක අල්ලන්න කොටි සටන් කරන්න පටන් ගත්තේ 1991 ජුලි 10!!! අගෝස්තු 04 වෙනකම් එක දිගට යුද්ද කළා…අන්තිමට පරාද වෙලා පසු බැස්සා….මේ කාලේදී වැඩිම කොටි මරුනෙත් අලිමංකඩ ෆයිට් එකෙන් තමා….

කොහෙන් කොහොම හරි මේ සටන උග්‍ර වෙනකොට කොටි අලිමංකඩ කෑම්ප් එක වට කරලා ගොඩබිමෙන්, මුහුදෙන් දෙකෙන්ම….මේ ෆයිට් එකට කොටි 5000ක් විතර ඇවිත් කෑම්ප් එක වට කරලා පහර දෙන්න පටන් ගද්දි කෑම්ප් එකේ ඉඳල තියෙන්නේ අපේ සෙබළු 600ක් විතර…. 600 Vs. 5000!!!!

කොහොමහරි අපේ සෙබළු සටන අත ඇරියේ නෑ..එක දිගටම ෆයිට් කළා….බැකප් ඉල්ලන්නත් අමාරුයි…මුළු කෑම්ප් එකම කොටි වට කරලා නිසා….දිගටම වට කරලා ගහනවා…..සප්ලයි දෙන්න උනෙත් ගුවනින්!!…..ටික ටික යද්දී අපේ කොල්ලොන්ගේත් මොරාල් බහින්න ගත්ත…ඔය අස්සේ ඒකෙන් වාසිය ගන්න කොටි උන්ගේ තුරුම්පුව ගහන්න ගත්තා

කොටි බුල්ඩෝසරයක් මොඩිෆයි කරලා යුද්ද ටැංකියක් වගේ හදලා….වෙඩි නොවදින්න තහඩු හයි කරලා….කවුරුත් මීට කලින් ජීවිතේට දැකල තිබුන දෙයක් නෙවෙයි මේක…

මේක දැන් කෑම්ප් එකට දකුනු පැත්තෙන් ටික ටික කැම්ප් එකට ලං වෙනවා…..මේක කෑම්ප් එකට ආවොත් වෙන විනාසය ගාමිණීට මැවිලා පෙන්න ඇති…..හතර වටෙන්ම වෙඩි වැදිලා තුවාල වෙලා ඉන්න කොල්ලෝ….මේක කෑම්ප් එක ඇතුලට ආව කියන්නේ කැම්ප් එක ඉවරයි….

ගාමිණි දෙපාරක් හිතුවේ නෑ.. අත් බෝම්බ දෙකක් අත් දෙකට අරන් වෙඩි තියාගෙන ඉස්සරහට එන බුල්ඩොසරේ ඉස්සරහට දිව්වා….කොහොම ගටක් එන්න ඕනද එහෙම දෙයක් ඒ වෙලාවට කරන්න!!!! තමන් මැරෙනවා කියල දැන දැන වෙඩි කාගෙන ඉස්සරහට දුවන්න…. වෙඩි කාගෙන ගාමිණී කොහොමහරි බුල්ඩොසරේ ඉනිමගෙන් නැගල ඒක ඇතුලට බෝම්බ දාල පුපුරුවල නවත්තනව….පිපිරෙන්වත් එක්කම ගාමිණිත් මේ ලෝකෙන් සමු ගන්නවා!!

මේක දැකපු අපේ කොල්ලොන්ගේ මොරාල් අප් වෙන්නේ නොහිතපු විදියකට.ආයේ පස්ස බලන්නේ නෑ කියලා වැඩේට බහිනවා ….ඒකෙන් කොටි පසු බාන්න පටන් ගන්නවා!!!! ෆයිට් එක අපේ කොල්ලෝ දිනල අලිමංකඩ බේරා ගන්නවා

ලංකාවේ පුද්ගලයෙකුට වීරත්වය වෙනුවෙන් දෙන උපරිම සම්මානය වෙන “පරම වීර විභුෂණ සම්මානය” පලවෙනියටම හම්බවෙන්නේ ලාන්ස් කෝප්‍රල් ගාමිණි වෙනුවෙන් එයාගේ අම්මට

මේ ඔක්කොම සිද්දියෙන් පස්සේ හසලක ගාමිණි වීරයා එයාගේ අම්මට ඉන්න තැනක ඉඳන් ලියුමක් ලියුව නම් ඒක මේ විදියට වෙන්න ඇති කියලා මට හිතුනා

ආදරණීය අම්මේ,

අම්ම හොඳින් ඉන්නවා නේද? මට සමාවෙන්න අම්මේ, ගිහින් එන්නම් කියල ගෙදරින් අම්මට වැඳලා ආපු මට ආයේ ගෙදර එන්න බැරි උන එකට….මට ඒ වෙලාවේ වෙන දෙයක් කරන්න තිබුනේ නෑ අම්මේ….අම්ම දන්නවද මට අන්තිම හුස්මේදීත් අම්මව මතක් උනා…මම දන්නවා අම්මට දුකයි කියලා….ඒ වුනාට අම්ම මම ගැන ආඩම්බර වෙනවා කියල මම දන්නවා…මම වෙනුවෙන් අම්ම අඬන්න එපා….මට මෙහේ පාලු නෑ අම්මේ. අම්ම දුක් වෙන්න එපා, තාත්තා ඉන්නවා මාත් එක්ක මෙහෙ…අම්මට පුළුවන් වෙලාවක මගේ සොහොනට ගියොත් හැමදාම තියනවා වගේ මල් ටිකක් තියල යන්න….මම උපන් බිමට ණය නෑ අම්මේ!!!….මම මේ මහා පොළවේ හැම වැලි ඇටේකටම ණය ගෙවල තියෙන්නේ!!!! ඒ පිනම ඇති අම්මටත් මෙතනට එන්න එක්කම….අම්ම මම ගැන දුකින් ඉන්න එපා….අම්ම කැමති දවසක් ඔහේ ඉඳල මෙහෙට එන්න….ආවම මමයි අම්මයි තාත්තයි එකතු වෙලා ආගිය තොරතුරු කතා කරමු…අපි ආයේ පටන් ගමු අම්මේ…..මයේ අම්මට තිස් තුන් කෝටියක් දේවතාවන්ගේ පිහිටයි!!! පරිස්සමෙන් ඉන්න අම්මේ…මම නවතින්නම්

පුතා
ගාමිණී

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s