මකුළුවයි උගේ දැල කඩපු එකයි

මකුළුවගේ සිතුවිලි

පුංචි පැටව් එන දින දැන් ලං වෙනවා
අඳුරු දවස් ජීවිතයෙන් ගැලවෙනවා
නව අරුතක් ජීවිතේට එක් වෙනවා
ටික දිනකින් මයේ ගෙදරත් එලි වෙනවා

මතකද උඹට එක දවසක් අපි හිතුවා
පැටව් හදල දැල එලි වේවා පැතුවා
සතුටු කඳුළු නෙත් අස්සෙන් වැගුරුවා 
හීන ගොඩක් අපි දෙන්නා මැව්වා

බිජුලපු දිනේ සිට මේ  අද දක්වා
ඇස් දෙක වගේ ඔබ ඒවා රැකුවා
මගේ දුක සැපත් ඒ අස්සේ බැලුවා
අම්මා උඹයි මතු දවසක බුදු වේවා

පුංචි පැටව් මේ ලොව එලි දුටුවාම
වැඩ නම් වැඩි වෙයි මට හැමදාම
කෑම හොයනවා උන් බඩ පිරෙන්නම
හොඳම තාත්තා වෙනවා ලෝකෙන්ම

කෑම අරන් මා ආ විට හවස් වෙලා
වෙනද තිබුණු අඳුරු ගතිය නැති වීලා
ඇයිද අනේ මේ සේරම වෙනස් වෙලා
කූඩුව මගේ සී සී කඩ කැඩිලා


වේගෙන් ගිය මම කුස්සිය දෙසට
දුටුවා කොස්ස හේත්තු වී බිත්තියට
පැටව් ටිකත් තුරුලු කරන් නුබේ ළයට
අවසන් හුස්ම හෙලලා එක නිමේශේට

වාවනු බෑ මට මේ මහා දුක් ගින්න
සමාවෙයන් මට බැරි උනා බේරන්න
පතමින් නැවත එක තැනකදී හමුවෙන්න
මැරෙනවා මමත් මට බෑ මෙය ඉවසන්න

මකුළු දැල කඩපු එකාගේ සිතුවිලි

සපුරාගෙන අපෙ දහසක් හද පැතුමන්
අඳුරු අපේ මුළු ගෙදරම එලිය කරන්
අලුත් ලොවක නව සිරියක් ගෙනත් දෙමින්
මෙලොව එලිය දුටුවා අද පුතු පැටියන්

මොන බාධා ආවත් මගේ ජීවිතේට
ගෙනියනවා මම උබ නම් ඉස්සරහට
ලෙයින් ලියා තබනෙමි මම අද දිනට  
ලෝකෙ හොඳම තාත්තා වෙන්ට

කාටවත්ම බෑ උබ හට ලං වෙන්න
මැසි මදුරුවෙකුටත් බෑ බේරෙන්න
අස් පස් කරමි ගේ ලස්සන වෙන්න
ලෑස්ති උනෙමි උබ මේ ගෙට පිළිගන්න

දුවලා ගොහින් කොස්සක්  මම ගෙන අතට
පිහිදුවා මම මුළු ගෙදරම ලස්සනට
මකුළු දැල්ද කැඩුවෙමි වෙර ගෙන අතට
කැඩුවෙමි මුළු කූඩුවම සුන් බුන් වෙන්ට

දුටුවා මම කොසු දැල් වල රෝල් වෙලා
සිටිනා එක පවුලක් දිවි තුරුල් වෙලා
මගේ පවුල බේරා ගන්න ලෝභ වෙලා
සමාවෙයන් මකුණෝ මම පවක් කළා

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s