මම ලියපු එක පෝස්ට් එකකට දේශාභිමානී සින්දුවක් කියල හිතල “තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්” සින්දුව දැම්මා….මගේ මේ පෝස්ට් එක දැකපු මගේ හොඳ යාලුවෙක් වෙන “බූපති කහතුඩුව” මට මැසේජ් එකක් දාල කියනවා
“මචන් අර සින්දුවේ තියෙන්නේ පොඩ්ඩක් වෙනස් තේරුමක් පොඩ්ඩක් හොඳට අහල බලපන්”…..
දැන් මේක වෙලා දවස් දෙක තුනක් වෙනවා…මම සින්දුව දෙතුන් පාරක් සින්දුවේ වචන එක්ක බැලුවම බූපති කියපු කතාව ඇත්ත…අපිට ඒකට වෙනම නිර්වචනයක් දෙන්න පුළුවන්…..
මේකට වෙනම තේරුමක් තියෙනවා නම් ඇයි අපි මේක හෙන ගැම්මෙන් දෙශ්භිමානි සින්දුවක් විදියට අහන්නේ???? සමහර විට එකේ මුලටම තියෙන බීට් එකට වෙන්න ඇති!!! සින්දුවේ වචන මොනවා උනත් ඒ බීට් එකේ හෙනම මොරාල් අප් වෙන ගැම්මක් තියෙනව…..
මේ සින්දුවේ දේශාභිමානයට වැඩ අපි දැන් රටක් විදියට වැටිලා ඉන්න තත්වේ ගැන හොඳටම කියනවා
හරි අපි දැන් සින්දුවේ මුල් ටික බලමු
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටවු
විළි වැද යති දැක හෙළයන් . . . . . . . . //
තුන් හෙලේ කැලෑ වල සිංහයෝ දැන් එකෙක්වත් නෑ….උන් ඔක්කොම රට ඇත ඇරලා දාල ගිහින්…
(තව කෙනෙක්ට මේක අනිත් විදියට විග්‍රහ කරන්න පුළුවන්..ඒ කියනේ අපේ සිංහ පැටව් කවදාවත් එහෙම රට අත ඇරලා දාලා යන්නේ නෑ කියලා)
කොටු කර යදැලින් ඇති සිංහ පැටව් විළි වැඩ යති දැක හෙළයන් එකෙන් කියා වෙන්න පුළුවන් දැනට හිර වෙලා ඉතුරු වෙලා ඉන්න උනුත් රට වැටිලා තියෙන තැන ගැන ලැජ්ජාවෙන් ජීවත් වෙනවා කියලා
දෙවෙනි වර්ස් එක බැලුවම
සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා වූ සිංහ පැටවු
තුටු වෙද අනුනගෙ ඉඳුලින් . . . . . . //
සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිඟති එතෙරින්….
මෙච්චර සම්පත් තියෙන, මෙච්චර සරු සාර පොළොවක් තියෙන සශ්‍රීක රටක අපි කිසිම වැඩක් ගන්නේ නැතිව අනෙක් රටවල් වලින් ණය අරන් හිඟා කන ජාතියක් වෙලා දැන්
“සිහ රදුනට දා වූ සිංහ පැටවු තුටු වෙද අනුනගෙ ඉඳුලින්”…. . සිංහ ලේ වලින් සිංහ පවුල් වල ඉපදුන අපේ මේ සිංහ පුත්තුන්ට සතුටු වෙන්න පුලුවන්ද මෙහෙම අනෙක් රටවල් වලින් ණයට උන්ගේ ඉඳුල් කද්දී???
අන්තිම පද පේලි ටික
අප ධජයේ ඉන්නා සිංහ පැටවු
පැන යන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුර’රින් . . . . . . . //
“අප ධජයේ ඉන්නා සිංහ පැටවු පැන යන්නට පෙර මෙරටින්” දැනට ඉතුරු වෙලා ඉන්න රටට කැක්කුමක් තියෙන සෙට් එකත් රට අත ඇරලා දාලා වෙන රටකට යන්න කලින්
“පිට රටුන් දොරින් දොර සිඟා නොකා…සිත අලස සුවය දුර’රින්…….. ” අපි තවත් පරක්කු වෙන්න කලින් මේ කම්මැලි, නීච, ගොබ්බ මානසිකත්වයෙන් මිදිලා දැන්වත් වෙන රටවල් ඉස්සර හිඟා කන්නේ නැතුව අපේ කියලම දෙයක් පටන් ගන්න ඕන!!
මේක ඉතින් එක මතයක් විතරයි…මේ සින්දුව අහද්දී මොරාල් අප වෙනවනම් එක හොඳයි…..දැන් මේක අහද්දී අපිට අපි ගැන ලජ්ජා හිතෙනවනම් තව හොඳයි…1948 ඉඳන් අද වෙනකම් අපිව පාලනය කරපු හැමෝම මේකට වග කියන්න ඕන… එහෙම බලද්දී අපිට වෙලා තියෙන දේ ගැන මේ සින්දුවෙන් හොඳටම කියවෙනවා
දැන් මේක කියවල රෙද්ද උස්සන් ෆයිට් කරන්න එන්න එපා…මේක එක මතයක් විතරයි.. “නෑ මේක දේශාභිමානි සින්දුවක්….මේ ලියල තියෙන එක වැරදි” කියල හිතෙනවනම් මේක කියවල අමතක කරලා දාන්න
සින්දුව ගැන හොයල බලන්න අදහසක් දුන්නට බූපති සහෝදරයට ස්තූතිය පිරිනමනවා!!!
සිංහයොන්ට ජයෙන් ජය!!!!