මේ මාතෘකාව ගැන කතා කරන්න ගොඩක් දවසත් හිතන් හිටියත් මට ඒක කරන්න බැරි උනා…..මේ දවස් තමා හොඳම දවස් ටික….මොකද දැන් ගෙවෙන්නේ Pride month එක…මේක මම මෙහෙම පටන් ගන්නම්
මම ආසම ලස්සන සින්දුවක් තියෙනව
…පිටින් ලස්සන ආදර සින්දුවක් වගේ පෙනුනට මේකේ ඊට වඩා නොපෙනෙන තේරුමක් තියෙනව කියල මට හිතෙනව.. මම වැරදි වෙන්නත් පුළුවන්…
සිංදුව ලියපු යමුනා මාලිනි මහත්මිය කියන්නෙ ආදරෙ කියන්නෙ හැඟීමක් ඒක ක්‍රියාවක් නෙවෙයි..ආදරෙ කරන්න හේතුවක් හොයා ගන්න බෑ. ඒක කොහෙන් කොහොම ඇති වෙනවද කියල කියන්න බෑ..ඒක හැඟීමක් විතරයි
සිංදුවේ තියෙන පද පේලී එක්ක මේක වෙනස් විදියකට දකින්න පුලුවන්…මේක එක අර්ථ දැක්වීමක් විතරයි….මම වැරදි වෙන්නත් පුළුවන්…මේ අර්ථ දැක්වීමම මම තව තැන් වලත් දැකල තියෙනවා…වැරදියි කියල හිතෙනවනම් ඒක අමතක කරලා දාල ලස්සන ආදර කතාවක් කියල හිතල මේ සින්දුව රස විඳින්න
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
ගස්වල මල් පිපෙන්නෙ ඇයි? කෙළවරක් නැති ප්‍රශ්න ටිකක් ඔලුවේ වැඩ කරනවා….ඇයි මට උඹ ගැන ආදරයක් ඇති උනේ…..හිතා ගන්න බැරි විසඳ ගන්න බැරි ප්‍රශ්න අස්සේ දැන් මේකත් ඔලුවේ වැඩ කරනවා…නුඹට හිත බැඳී කාරණේ මම තවම හොයනවා? මට හොයා ගන්න පුළුවන් වෙයිද?
කතරේ වැලි කැට හිරුට පෙම්බැඳ
ඇතත් ලො දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්
ලෝකේ ස්වභාවේ අනුව හරි නම් කාන්තාරේ වැලි කැට ඉරට තමා පෙම් බඳින්න පුලුවන්…..ඉර අව්වට මේ ගිනියම් වෙන වැලි කැට එකකටවත් වැස්සට ආදරෙ කරන්න බැරිද?ඒ ආදරේ වෙන්න තියන සම්භාවිතව අඩු නිසා කාටවත් අනුමත කරන්න බැරිද?? මුළු ලෝකෙටම පේන්නේ නැති උනාට එහෙම වෙන්න බැරිද?? ඒ ආදරේ තහනම් එකක්ද?
සඳට සදහට සෙනේ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්රේමය
ඒ වගෙයි මනරම්
පුදුමවෙයි නුඹ නම්
තරු ඔක්කොම සෙනෙහෙ පාමින් හඳට පෙම් බැන්දට තරුවකට ආදරෙ කරන තව තරුවක් ඉන්න බැරිද? අපි දන්නවා ඉර කියන්නෙත් තරුවක්!!!! එහෙම කලාතුරකින් වත් වෙන්න බැරිද???? ඒක පවක්ද?
අපි අතරේ කී දෙනෙක් ඉන්නවා ඇතිද මේ යතාර්ථයට මූණ දෙන්න බැරුව!!!!
සමාජය මොනවා කියාවිද කියල බය වෙලා කොච්චර පීඩනයක ඉන්නවා ඇතිද????
මිනිස්සු හිනා වෙයි කියල එලියට එන්න බයෙන් කීදෙනෙක් ඇත්ද???
බොරු කියන්න ඕන නෑ …පොඩි කාලේ මමත් එහෙම අයට හිනා වෙලා තියෙනවා…අමුතු විදියට බලල තියෙනවා…මොන විකාරයක්ද කියල හිතිලා තියෙනව….සමහරවිට ඒ කාලේ අපේ ඔලුවට අපි දාගෙන තිබුන පටු සිතුවිලි නිසා එහෙම වෙන්න ඇති…..නැත්නම් ඒ කලේ සමාජේ මේක සම්පුර්ණ පවක් කියල අපේ ඔලුවට දාල තියෙන්න ඇති….
ඒ කරපු දේවල් වලට අද මම පසු තැවෙනවා සහ ඒකට සමාව ඉල්ලනවා ….
ඇත්තටම හිතල බැලුවොත් මේ සමහර දෙනා කොච්චර මානසික පීඩනයකින් ජීවත් වෙනවා ඇතිද හැඟීම් ප්‍රකාශ කර ගන්න බැරුව….තමන්ගේ ඇත්ත ස්වරූපය හංගන් කොච්චර අවුලෙන් ඉන්නවා ඇද්ද?….
එහෙම තමන්ගේ ඇත්ත ස්වරූපය පිළි අරන් සමාජයට ඇවිල්ල කී දෙනෙක් පසු තැවෙනවා ඇද්ද සමාජය එයාලාව පිලි ගත්තේ නැති නිසා…
මම දන්නා එක ළමයෙක් ඉන්නවා….එයා තමන් තමන්වම පිළි අරන් සමාජෙට ගියා….හැමෝටම එයාව විහිළුවක් උනා..අම්බානක ප්‍රෙෂර් කලා..අන්තිමට දැන් ඩිප්රේෂන් හැදිලා එකට බෙහෙත් බොනවා…..
මේ තියෙන්නෙ ඒ ළමයා මාත් එක්ක කියපු දෙයක්
“පවුලෙ අයත් ගොඩක් වෙලාවට පිලිගන්නෙ නෑ. අම්මා මුලින්ම දැනගත්ත වෙලේ මට ගෙදරින් යන්න කිව්වා. තාත්තා තාමත් හරියටම දන්නෙ නෑ. ඒත් මොකක් හරි වෙනසක් දැක්ක ගමන් බනිනවා එයාට තාත්තා කියන්න එපා කියලත්. අක්කට කියලා කියලා ඇති වෙලාම එයා පැත්තකට වුනා. Comming out එක ගොඩක් අමාරුයි. වටේ ඉන්න මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා. හිටපු යාලුවො ගොඩක් නැති වුනා. හරියට card වදිනවා හැමතැනම. මගෙ යාලුවෙක් වෙනුවෙන් මං කතා කලා කියලා ඒ යාලුවට gay කියලා card එකක් ගැහුවා. Trans කෙල්ලෙක් ඉන්නවා campus එකට එන්න බය වෙලා. ලමයි කොහොම පිලිගනීද කියලා හිතේ ලොකු බයකින් ඉන්නෙ. Campus එන්න ඕන නිසාම ඉක්මනට ID එක වෙනස් කරගත්තා එයා. ඒත් හැමදාම photos එවලා මගෙන් අහනවා මේ වගේ ආවොත් හොඳයි නේද මට මොකුත් වෙන එකක් නෑ නේද කියලා. මාර pressure එකකින් ජීවිත් වෙන මිනිස්සු ඉන්නවා”
ගොඩක් අය මේකට කැමැත්තෙන් යොමු වෙච්ච දෙයක් නෙවෙයි…ඒක එයාලා උප්පත්තියෙනම ආපු එකක්…හිතල කරන එකක් නෙවෙයි!!! එක උපතින්ම එන එකක්…
උපතින්ම කායිකව Differently abled කට්ටියව අපිට සමාජෙට පිළිගන්න පුළුවන් නම්? ඇයි අපිට උපතින්ම මෙහෙම වෙන අයව පිළිගන්න බැරි….
මේවා පිළිගන්න අපි අකමැති වෙන්නේ අපි ඔලුවෙන් හදා ගත්ත fixed mindset එකක් තියෙන නිසා…සමහරවිට ඒක අපිට ඔලුවට දාන්න ඇත්තේ අපේ ගොඩක් කලින් හිටපු වැඩිහිටි පරම්පරාව වෙන්න පුළුවන්….ඒ පරම්පරාව කවදාවත් මේක පිළිගන්නේ නැති වෙන්න පුළුවන්…ඒ පරම්පරාවේ වචන වලින් කියනවා නම් මේක පවක්
ඔය කණ්නාඩිය ගලවලා මේක දිහා බැලුවොත් මෙතන කිසිම වෙනසක් නෑ….අපිත් ආදරේ විඳින්න බලනවා…එයාලත් ආදරේ විඳින්න බලනවා..ආදරෙ කියන්නෙ එක හැඟීමක්…මේ හැඟීම නිසා ඇතිවෙන බැඳීම් වලට සීමාවක් නෑ..අපි උපතින්ම ආපු දෙකට විරුද්ද ලිංගිකයන්ට ආකර්ෂණය වෙනවා…එයාල සමලිංගිකයන්ට ආකර්ෂණය වෙනවා…..අන්තිමට ගත්තොත් එයාලත් මිනිස්සු අපිත් මිනිස්සු…..මෙතන මම දකින විදියට කිසිම වෙනසක් නෑ…
අනික නිකමට හිතන්න….මෙහෙම දෙයක් අපේ පවුලේ කෙනෙක්ට උනොත් අපි කොහොම හැසිරෙයිද??? හැම තිස්සෙම කියන්න වගේ “ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනික වේ”
මේ ලියපු එකෙන් මට කිසිම මතයක් සමාජගත කරන්න උවමනාවක් නෑ..මේකට සහයෝගය දෙන්න කියල මම කියන්නෙ නෑ…මට කියන්න ඕන උනේ මගේ මතය විතරයි…අනිත් එක අපි හැමෝම මිනිස්සු….මම මේ community එකට විරුද්ධ නැ!!! එයාල එක්ක ඉන්නවා ❤
👍
LikeLike