පැණි “අඹ” වගේ තිබුන ජීවිතේට
අල්පප්‍රාණ “බ”යන්නක් දාලා
“අබ” කරලා……….
“ඇණ” ගහල රැකගත්ත ආදරෙට
දන්තජ “න” යන්නක් දාලා
මාව “ඇන” කරලා……..
හැමතිස්සෙම “කන” දීලා හිටපු මට
මුර්ධජ “ණ”යන්නක් දාලා
“කණ” කරලා….
“කෙළ”වරක් නැතිව කරපු ආදරේට
දන්තජ “ල”යන්න දාලා
“කෙල” කරලා…
යන්න ගියා උබ,
මට උන් හිටි තැන්
නැති කරලා…….