කාශ්‍යපට ඇත්තටම පෙම් බැන්ද එක සීගිරි සුකුමාලියෙක්

අනේ කාශ්‍ය්ප
කවදහරි
මම මේකේ බිතුසිතුවමක් වේවි
උබ මේකේ කලාකාමීයෙක් වේවි
මගේ කඳුලු මේ ගලේ වියලී යාවි
උබේ ජය මේ ගලේ කෙටිල තියේවි……

උබේ ආදරයට
මම හෙළපු
කඳුලු කාටත්ම නොපෙනේවී
හිනාව පමණක් උන් දකීවී
උබේ ගුණ පමණක්ම වයාවි
ඒ අස්සෙ මගේ දුක හැංගේවි……..

උබව විශ්වාස කරලා
මම ලියපු
සින්නක්කර පතිවත කව්රුත්ම නොදකීවී
අන්තප්පුරේ තව එකියක් විතරක්ම වේවි
මට මවල දීපු හීන උන් නොදකීවි
උබේ කාසිවලට රැවටුණු බඩුවක්ම වේවි

ගොඩදෙනෙක්ගෙ
හිත් අස්සෙ
උබ නම් හැමදාම වීරයෙක් වේවි
කවි ගී වැල්නම් ලියවේවි
මම නම් මහමෙරක දුක හංගන්
ආදරයෙන් නිහඬ වෙමි

-උබට ඇත්තටම ආදරෙ කරපු එක සීගිරි සුකුමාලියෙක්-

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

One thought on “කාශ්‍යපට ඇත්තටම පෙම් බැන්ද එක සීගිරි සුකුමාලියෙක්”

  1. රස්තියාදුකාර ඇදුරුතුමා හදවතට කතා කරන මොහොතක් ❤️❤️❤️

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s