අනන්තෙක ප්‍රශ්න

මගේ ආදරේ
සීමාවක් නැති
අනන්තයක්……..
උබේ ආදරේ
ලප් තැනම ලොප් වෙන
බිංදුවක්……..
මගේ ආදරේ උබට බෙදුවම
අනන්තයයි ……..
උබේ ආදරේ මට බෙදුවම
බින්දුවයි ……
එහෙම හිතල වෙන
නොම්බර වලට
ආදරේ කළා……..
අනන්තෙක මගේ ආදරේ
උන්ට බෙදුවම අනන්තයි…..
උන්ගේ ආදරේ මට බෙදුවම
හැමදාම බින්දුවයි……
අවුල තියෙන්නේ
මගේ අසීමාන්තික
ආදරේ මිසක
උබලගේ නෙවෙයි…..
උබල ඔක්කොම එක අන්තෙක
මම තවත් අන්තෙක
තවත් අනන්තයක්
හොයලා
මම ආදරේ කරන්න ගියාම
මට කියනවා
එහෙම ආදරයක්
කොහෙවත්
අර්ථ දක්වල නැතිලු

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

One thought on “අනන්තෙක ප්‍රශ්න”

  1. ආදරේ කියන්නේ පරිත්‍යාගයක්.
    කවුරු කොහොම මොනවා කිව්වත් ඒක එහෙමයි. ඒක ඔයාටත් එහෙමයි මටත් එහෙමයි එයාටත් එහෙමයි අරයටත් එහෙමයි.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s