අපේ ජීවත- ඇන්තනීගෙ කතාව

තවත් එක දවසක්….

ගොඩ දවසකට පස්සේ ක්ලාස් නැති දවසක්…ටිකක් දවල් වෙනකම් නිදා ගන්න හිතුනත් වෙනද වෙලාවටම ඇහැරුනා…වැඩ අම්බානක ගොඩ ගැහිලා….ටියුට්ස් හදන්න, ලෙක්චර්ස් රෙකෝඩ් කරලා යවන්න..පොඩි රෙස්ට් එකක් ගන්න හිතුනත්, තව වැඩ ගොඩ ගැහෙන නිසා වොෂ් එකක් දාල වැඩ කරන්න පටන් ගත්තා

ලැප්ටොප් එක ඔන් කරලා වැඩේට බැස්සා…මොකක්ද මගුල් Update එකක් ඇවිත්…මමත් ඉතින් ගොනා වගේ ඕකේ කළා….ඔය අප්ඩේට් වලින් මොනව වෙනවද කියලනම් දන්නේ නැති උනාට පණ්ඩිතය වගේ ඕකේ කරන්න නම් මම දන්නවා……

රෙද්ද…පැය දෙකක් තිස්සේ Don’t turn off your computer කියාගෙන මගුල අප්ඩේට් වෙනවා….උදේ වරුවම ඉවරයි….ෆෝන් එක අරන් පොඩ්ඩක් මූණු පොත පැත්තට ගියා….අදත් notification ඇවිත් පුළුවන් නම් ඇවිත් ලේ දන් දෙන්න කියලා…..හැමදාම වගේ යන්න හිටියත් කොරෝනා එක්ක යන්න බැරි උන නිසා අදවත් යනවා කියල ඒකට යන්න ලෑස්ති උනා….

ලේ දීලා ඩ්‍රයිව් කරන එන්න එපා කියලා අම්ම කියපු නිසා පාරට ගිහින් ත්‍රීවීලර් එකක් සෙට් කර ගන්න මම පාරට ගියා..පාරට යද්දීම වගේ රතු පාට ටිකක් පරණ ත්‍රීවීලර් එකක් ආවා…මාත් ඇත දැම්මා

මම : “පුතා නාරාහේන්පිට ලේ බැංකුවට යමුද?”

ත්‍රීවීල් මල්ලි : “සර් මම යන පාර නම් දන්නේ නෑ”

මම : “හරි මම කියන්නම්” කියාගෙන මමත් ඇතුලට ගොඩ උනා…

මම දැන් පාර කිය කිය යනවා….පොරට හරවන්න කියන පාර හැමතිස්සෙම පැටලෙනවා….බොරු කියන්න ඕන නෑ මට තරහ ගියා…කට්ටකමට ගාණ කපන්න හදනවා කියලද මට හිතුන….

මොන වගේ ඩයල් එකක්ද කියලා බලන්න හිතුන නිසා මම traffic light එකක නතර කරපු වෙලාවක නිකන් කතාවට වැටුනා…

මම : පුතා මේක ඔයාගේ ෆුල් ටයිම් ජොබ් එකද?

පොරත් එතකොට කටහඬ අවදි කළා

“ඔව් සර් දැන් මේක තමා මගේ රස්සාව…..කලින් ගාමන්ට් එකක වැඩ කළා සර්….මම පාස්කු බෝම්බෙට අහු උනා….මේ කියලා

(මට පොරගේ වම් අත පෙන්නුවා…ඒක හොඳටම පිච්චිලා ගිහින්)

අවුරුදු හයේ ඉඳලා දිගටම අපි ගියේ කොච්චිකඩේ පල්ලියට….එදා මමයි නොනයි, බබාලා දෙන්නයි, අම්මයි තාත්තයි, අක්කයි, මස්සිනයි,බබයි ගියා….මස්සිනා එතනම නැති උනා සර්…එහා පැත්තේ හිටියේ එයාගේ බබා…මාස අටකට පස්සේ බබත් නැති උනා…අක්ක තනි උනා….මම මාස තුනක් ඉස්පිරිතාලේ හිටියේ සර්…..තාම ඇඟ ඇතුලේ යකඩ කෑලි 20ක් විතර තියෙනවා…අයින් කරන්න බැරිලු….මට ඇහැක් බද්ද කළා සර්…කන හරියට ඇහෙන්නෙත් නෑ සර්….

(කන හරියට ඇහෙන්නේ නෑ කිව්වම මගේ නිකන් කනට ගැහුවා වගේ…මම හිතුවේ පොර බොරුවට ඇහෙන්නේ නැතුව ඉඳන් මගේ ගැන කපන්න හදනවා කියල…මට මම ගැනම පුදුම ලැජ්ජාවක් ආවා)

දොස්තරලා කිව්වා ආයේ ගාමන්ට් එකේ වැඩට යන්න එපා කියල…මම ඉතින් ත්‍රීවීලර් ජොබ් එකට බැස්ස සර්….ජීවත් වෙන්නත් ඕන නේ……

විනාඩි දෙකකින් විතර කියපු විස්තරේට මගේ ඔළුවම පිරිලා ගිහන් පුදුම කලකීරීමක් ආවා අපේ රට ගැන

ලේ බැංකුව ගාවට ඇවිත් වාහනේ නවත්තුවම…මම බැහැල නියමිත ගාණට වඩා වැඩි ගානක් දුන්නා…

එපා සර් මේක තියා ගන්න….

නෑ කමක් නෑ පුතා ඔයා තියා ගන්න….මට ඔයාගේ නම්බර් එක දෙනවද කියල?

මම නම්බර් එක ඉල්ල ගත්තේ ආයේ උදව්වක් කරන්න බලාපොරොත්තුවෙන්….මම ෆොටෝ එකකුත් ගහ ගත්තා

(මේ පෝස්ට් එක එක්ක මම ෆොටෝ එක පල නොකරමි…..එය ඔහුගේ ආත්ම්භිමානයට කැළලක් වේවි යැයි මට සිතෙන නිසා….එත් උදව් කරන්න කැමති කවුරුහරි ඉන්නවනම් මැසේජ් එකක් දාන්න….මම විස්තර දෙන්නම්)

ලේ බැංකුව ඇතුලට ගියා ආපු වැඩේ කරන්න….රෙජිස්ටර් වෙලා ඔක්කොම කරලා ඩොක්ටර් ගාවට ගියාම කියනවා කොව්ඩ් වැක්සීන් එක ගහපු නිසා මාසයක් යනකම් ලේ දෙන්න බෑ කියලා…. ඒ වැඩෙත් හරි ගියේ නෑ….මහ මස්තබාල්දුම දවසක්…

ගෙදර ඇවිත් මම ආයේ ඇන්තනීගේ කතාවේ අතරමන් උනා!!!!!

කිසිම සාදරනයක් ඉෂ්ට නොවෙච්ච ඇන්තනී වගේ මිනිස්සු තව කීදෙනෙක් ඇද්ද??

මොනවමහරි කරලා ජීවිතේ ගැට ගහගන්න දඟලන ඇන්තනී වගේ අය හිටියට…මේ සිද්දියෙන් අන්ත අසරණ වෙච්ච මින්ස්සු කොච්චර ඇද්ද??? පව්ලේ මිනිස්සු නැති වෙලා එක ගැන හිත හිත මැරි මැරී උපදෙන කීදෙනෙක් ඇද්ද???

අදින් පසු සිට මම කිසි දිනක “ප්‍රෞඩ ශ්‍රී ලාංකිකයෙක්” කියන වචනය නොදමමි!!! අවුරුදු 2500 ඉතිහාසය ගැන කියවගෙන එන උන්ට ඒක රෝල් කර *කේ ගසා ගන්න කියමි……..නිදහස් අධ්‍යාපනයෙන් මා රටට වූ ණය ගෙවමි!!!! ඉතිරිය ඊටපස්සේ තීරණය කරමි

පින්කෙත හෙළ රන් දෙරණේ යලි නොඉපදෙවායයිද ප්‍රාර්ථනා කරමි

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s