ලංකාවෙ වාහන මාකට් එක මොන වගේද??

තමන්ගෙම වාහනයක් ගන්නව කියන එක ගොඩ දෙනෙක්ගෙ තියෙන අහිංසක ලස්සන හීනයක්…ඒත් දැන් නම් ලංකාවෙ තියෙන මිළ ගනන් එක්ක මේක ඇත්තටම ළඟා කරගන්න අමාරු හීනයක්…..

බොරු ගණන් කියන්නෙ….ආනයන සීමා කරපු එකෙන් අලුතෙන් වාහන ගෙන්නන්න බැරි නිසා තියෙන වාහන වල මිළ අම්බානක වැඩිවෙලා…. ආනයන සීමා අඩු කරපු ගමන් මිළ බහිවී හොඳට

ඉන්දියාව ටාටා නැනෝ කාර් එක අඳුන්වල දුන්නේ හැමෝටම කාර් එක්ක් කියන සංකල්පෙකට ඉන්දියානු රුපියල් ලක්ශෙකට…මේක ලංකාවෙ සල්ලි වලින් දැන් ලක්ශ 16ක් විතර වෙනවා…

අනිත් එක සමහර සේල්කාරයෝ මිනිස්සු අන්දන හැටි….. මම එක සිද්දියක් කියන්නම් මට වෙච්ච

මේක උනේ 2015 ඔක්තෝබර් 19…මම එතකොට පාවිච්චි කලේ Toyota Aqua කාර් එකක්…වැඩකලේ මාතර ඔෆිස් එකක…එදා හවස වැඩ ඉවරවෙලා මම කොළඹ එන්න කලින් වැලිගම මහ ගෙදර ගිහින් අම්මටයි තාත්තටයි කියලා එන්න ගියා…කොහොමහරි වැලිගම ගෙදරින් පිටත් වෙනකොට රෑ 8.00විතර වෙලා..
මම යනව කිව්වම තාත්තා මට තුන්පාරක් කිව්වා අද යන්න එපා ඉඳලා උදේට යන්න කියලා….වෙනද මම යනව කිව්වම ගෙදරින් එළියටවත් බහින්නෙ නැති තාත්තා කාර් එක ළගටත් ඇවිත් කිව්වා අද ඉඳලා හෙට උදේට යන්න කියලා…ඒත් මම ඇහුවෙ නෑ..

කොහොමහරි පොඩි වැස්සකුත් තිබුනා..ගැලනිගම පහුවෙනකොට මට ඉස්සරහින් Prado එකක් ගියා…මම ඒක ඕවර්ටේක් කරලා ආයෙ වම් පැත්තෙ ලේන් එකට දාලා බලද්දි අඩි 40 කන්ටේනර් එකක්….ඒකෙ පිටිප්ස්සෙ ලයිට් වැඩ කරන්නෙ නෑ….මම ගිහින් කන්ටේනර් එකේ පිටිපස්සෙන් වැදුනා ලෝඩ්වගේ….

මට මතකයි අර මම ඕවර්ටේක් කරපු Prado එකේ සෙට් එක ඇවිත් මාව කාර් එකෙන් එලියට ගත්තා…මම ඇඳන් හිටිය කලුපාට ටීශර්ට් එක සුදුපාට වෙලා..වැදිච්ච පාරට වින්ඩ්ස්ක්‍රීන් එක කුඩුවෙලා ඒකෙ වීදුරු කෑලි…ඇස් දෙක අරින්නත් අමාරුයි වීදුරු කටු….

විනාඩි දහයක් විතර ඇතුලත ඇම්බියුලන්ස් එකක් ආවා…මාව කෙලින්ම හෝමගම හොස්පිට්ල් එකට ගෙනාවා…මගේ ඇස් දෙකෙන් වීදුරු කටු 11ක් අයින් කලා මට මතකයි…දෙයියන්ගෙ පිහිටෙන් වෙන මුකුත් තුවාලයක් මට තිබුනෙ නෑ….මම වෝඩ් එකට දැම්මම තාත්තා මගේ ළඟට ඇවිත් කිව්වා

“පුතේ මට වෙනසක් දැනුනා….මම ඒකයි පුතාට යන්න එපා කිව්වෙ”

කොහොමහරි මම හොස්පිට්ල් එකේ ඉද්දිම තාත්තා කාර් එක ටොයෝටා ලංකා එකට යවල තිබුනා… එතනින් වාහනේ චෙක් කරලා ලියුමක් දුන්නා වාහනෙ Total loss කියලා…එයාලට වාහනේ ආයෙ ඔරිජිනල් කන්ඩිශන් එකට ගන්න බෑ කියලා….
ඉතිං ඒ ලියුම ඉන්ශුවරන්ස් කොම්පැනියට දුන්නම උන් කියනවා වාහනෙ හදන්න පුළුවන් කියලා….

වාහනෙ හදපු කම්පැනියෙන් කියනවනම් වාහනේ හදන්න බෑ කියලා මට වාහනෙ එපා මගේ ක්ලේම් එක දෙන්න කියලා මම කිව්වා…කොහොමහරි කාලකණ්ණි මාස තුනක් විතර ඇදලා මට ක්ලේම් එක ගෙව්වා….

වන්දිය ගන්නකොට වාහනෙ එයාලට බාරදෙන්න ඕනනෙ….ඒක අත්සන් කරද්දි Open Papers අත්සන් කරන්න කිව්වා දවස දාන්නෙ නැතුව (මගේ වැරැද්ද…ඒත් ක්ලේම් එක ගන්න ඕන නිසා මම එහෙම කලා)

කොහොමහරි මේ සිද්දියෙන් අවුරුද්දකට විතර පස්සෙ මගේ යාලුවෙක්ගෙන් කෝල් එකක් ආවා…

“මචං උබේ පරණ කාර් එක KY **** නේද?

මම : ඔව්

මචන් වාහනෙ විකුණන්න දාලා තියෙනව වැල්ලවත්තේ සේල් එකක..උබ වාහනේ රෙකම්න්ඩ් කරනවද?

මම : එපා මචං…මම ගාව ටොයෝටා ලංකා එකෙන් දීපු ලියුම තියෙනව…ගන්න එපා…

“උබට පුලුවන්ද මෙතනට පොඩ්ඩක් එන්න”

මමත් එතනට ගියා…..වාහනෙ නියමට හදලා…..

සේල් එකේ කොල්ලා දැන් මට වාහනේ පෙන්නනවා….

“බලන්න සර්..ඔරිජිනල් කන්ඩිශන්….පොඩි ඇක්සිඩන්ට් එකක්වත් නෑ…. 29000kmදුවල තියෙන්නෙ (මම ඇක්සිඩන්ට් වෙද්දිත් 64000km දුවලා තිබුනා. ඒකත් කරකවලා) ෆස්ට් ඕනර් සර්…අඩුවට දෙනවා මේක… මේක අපේ කොම්පැනියේ මැනේජර් කෙනෙක්ගෙ වාහනෙ..එයා ප්‍රශ්න වගයක් දාගත්ත නිසා අපි අයින් කලා…එයාගෙ ණය වගයක් තියෙනවා ඒක සෙට්ල් කරන්න අපි මේක විකුණනවා”

මම : පොඩ්ඩක් මට අයිතිකාරයගෙ නම කියන්න පුලුවන්ද?

පොර පොතෙන් බලලා මගේ මගේ නම මටම කියපි…

(මම පොලීසියෙ පැමිණිල්ලක් දාලා…RMV එකටත් ලියුමක් යවලා මගේ කිසිම අයිතියක් නෑ කියලා දැනුම් දුන්න)

ඔන්න ලංකාවෙ වාහන මාකට් එක…

හැබැයි වාහනෙ ගන්න කෙනේ ටොයෝටා ලංකා දැම්මනම් අහුවෙනවා මේක…ගන්න කෙනා පව් ඉතිං….

(පිටිපස්සෙන් ගිහින් වැදුනම මගේ වැරැද්ද..මට ඊට වඩා සැලකිලිමත් වෙන්න තිබුනා….මම සම්පූර්ණයෙන් හරි කියන්නෙ නෑ….ඒත් මට කන්ටේනර් එකේ ලයිට් තිබුනේ නෑ කියල ඔප්පු කරන්න විදියක් නෑ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ඒකෙ ලයිට් කුඩු වෙලා..හැමෝම බැලුවෙ මගේ පැත්තට වැරැද්ද දාන්න…මොකද ලයිට් නැති වාහනයක් හයිවේ එකට දාන්න දුන්න නිසා එයාලා වැරදිකාරයො වෙන නිසා)

කොහොම උනත් ලංකාවෙ වාහනයක් ගන්න ඉන්නවනම් වාහන ගැන දන්න කෙනෙක්, හොඳ බාස්කෙනෙක් එක්ක ගිහින් හොඳට චෙක් කරල ගන්න…මොකද අපි වාහනයක් ගන්නෙ හීන ගොඩක් තියාගෙන…

ප.ලි
මේකෙන් ගන්න තියෙන හොඳම පාඩම තමා….අම්මයි තාත්තයි කියන එක අහන්න…එදා තාත්තා කියපු එක අහලා මම නොගිහින් හිටියානම් මේ මුකුත් වෙන්නෙ නෑ

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s