නැවතීමෙ තිත තියෙන්න ඕන තැන්වලට
කොමා දාලා ලියාගෙන ගියාම ඉස්සරහට
ලියාගෙන යද්දි ඒක ආතල් උනාට
දැන් බලද්දි කිසි තේරුමක් නැති හෑල්ලකට
වෙලාව නාස්ති කරන් මුල්ගල තිබ්බ අපිට…….
දැන් ජීවිතේ ඉගෙන ගත්ත හොඳම පාඩම
කොමාව වෙනුවට තිත තියල නැවත්තුවම
ලස්සන තේරුමක් ඒකේ තියෙනව වගේම
වෙලාව ඉතුරුයි කියවන ලියන හැමෝගේම…..
