
ඈත අහසේ තිබුන වලාකුලකට, මුහුදු රැල්ලක් රහසින්ම පෙම් බැන්ද…..
ඒත් ඒ දෙන්න අහල තිබුනේ අහසයි මුහුදයි එකතු වෙන්නේ සිතිජයෙදී විතරයි කියලා ……
ඉතින් මේ දෙන්නත් සිතිජය හොයා ගෙන පස්සට ගිහින් එතැනදී ආදරෙන් එකතු උනා….
සිතිජය කියන්නෙත් මායාවක් විතරයි….
එතන හැමදාම රැඳිලා එක විදියට ඉන්න බෑ…..
ඉස්සරහට යන්නම ඕන….
එක තැන ඉන්න බෑ කියල දෙන්න තේරුම් අරන් ඉස්සරහට යමු කියල තීරණේ කළා……
සිතිජයේ ඉන්න බැරි නම් ගොඩ බිමදී හරි එකතු වෙමු කියල හිතල හිත් රවට්ටන් ඉස්සරහට ගියා…..
වෙරළ ගාවට ආවම රැල්ල එතනින් නැවතුනා……
වළාකුලට නවතින්න බැරි උනා..
එයා ඉස්සරහටම ගියා……
හිතේ මහමෙරක් වගේ තියන් හිටපු ආදරේ තද කරන් රැල්ල මුහුදු වෙරළේ අවසන් හුස්ම හෙළුවා…..
තමන්ට මෙච්චරට ආදරේ කරපු රැල්ල අන්තිම හුස්ම හෙලද්දී ඒක දිහා බලන්නෙත් නැතුව ඉස්සරහට එයාගේ ගමන ගියා….
හැමෝම වලාකුලට බනින්න ගත්ත…..
ඒත් රැල්ල දැනන් හිටියා එයාට වෙරළෙන් එහාට යන්න බැරි බව…..
වළාකුල දැනන් හිටියා එයාට වෙරළේ නවතින්න බැරි බව….
නවතින්නෙ නැතුවම ඉස්සරහට ගිය වළාකුළට තේරුනා එයා ඉස්සරහට ගියා වැඩියි කියලා….
රැල්ලෙ මතක අස්සෙ එයා ආයෙ තනිඋනා….
මතකයන් බර වෙලා බිමටම කඳුළු වැස්සක් වෙලා බිමට වැටිලා මහ පොළවෙ අන්තිම හුස්ම හෙළුවා…..
හමු වෙලා එකතු උනු තැන්වල
එකතු වෙලා වෙන් උනු තැන්වල
වෙන්වෙලා මියදුන තැන්වල
එකතු නොවී දුක් වුනු තැන්වල
ඈත ඉඳන් බලන් හිටපු තැන්වල
හැමතනම තිබුනේ ප්‍රේමය ❤️