
එක තැන ඉඳල වැඩක් නැති නිසාවට
අත ගැහුවා මුදලි මරු බිස්නස් එකකට
ඉතුරු කරපු සල්ලි ඔක්කොම ගෙන අතට
ගත්තා ලොකු අලි දෙන්නෙක් ගැම්මට
එකෙක් දැම්මා පාරේ කොටන් අදින්නට
අනිකා දැම්මා පැරහරේ යන්න ලස්සනට
කොටන් ඇදල සල්ලි ආවත් යහමින් අතට
පෙරහරෙන් ආවේ නම්බුව විතරයි හිතට
කොටන් ඇදලා හම්බවුනු සල්ලිවලට
මැහුවා ලස්සන රෙදි පෙරහරේ යන එකට
දිලුනත් ඒ ඇතා පෙරහැරේ ලස්සනට
වැහැරුනා අනිකා පැත්තක හිතේ දුකට
බැලුවේ නැති නිසා දුක සැප හැමදාම
එපා උනා බර ඇදි එකාට හැමදේම
පෙරහැර දවසේ හොරෙන් හැමෝටම
වනගත උනා කාටවත්ම නොකියාම
පෙරහැර ඉවර වී ටික දවසක් ගත වෙත්ම
ගොව්වට තේරුනා සිද්දියෙ බරපතලකම
නම්බුවෙන් කන්න බැරිබව වැටහෙනකොටම
පමා වැඩියි මුදලි දැන් නම් හොඳටෝම