
හැමදේම දරන් හිටපු
අම්බානක බර ඇදපු
හොඳටම හයිය තියෙන
යකඩ උනත්
රත් උනාම තැලෙනවා
ඒ තැලිච්ච යකඩ
ඊට පස්සේ නැවෙනවා……
කලින් හිටපු විදිය
වෙනස් වෙනවා……
නැවිච්ච විදියට ආයේ
හයි වෙන්න බලනවා…
අලුත් විදියට වෙනස්
වෙලා ඉන්න බලනවා…..
අන්තිමට රත් කරලා
තලපු එකා
ඇවිත් කියනවා
“උබ වෙනස් වෙලා” කියල