
තාත්තා
අත්තිවාරම හොඳට බැඳලා
මම හැදුව උබේ ජීවිතේ
සිවිලිමත් අද ඉරි තැලීලා
කුමක් වීදැයි නොමදැනේ…….
හදපු හැමදේ කැඩිලා යනවා
ඒ තමයි ලෝ සොබාවේ
හිතුවේ නෑ උබ වෙනස් වේ යැයි
හීනෙකින්වත් මම පුතේ….
අලුතෙනුත් උබ හදනවනම්
තවත් ගෙදරක් අද දිනේ
සැටලිමක් වී වාරු දෙන්නම්
හයිය වෙනතුරු බදාමේ….
හයිය උන පසු වීසි කරපන්
සැටලිමත් උබේ ජීවිතේ
වීසි කෙරුවත් මාව ඈතට
කිසිදු කහටක් නෑ හිතේ
මගේ ජීවිතේ දිය කරාලා
පාට ගෑ උබේ ජීවිතේ
බැබලියන් උබ උඩට වීලා
සතුටු වෙමි මා හැම දිනේ……
🥺🥺
තාත්තලාට වරදින්නෙ උගන්නල ලොකු මිනිස්සු කරාට මනුස්සකම් උගන්න බැරි වෙනව ගොඩක් වෙලාවට.
අනික බටහිර වගේ හිතන්න පුරුදු උනාමත් ඕක වෙනවා…..
LikeLike