පැට්ටේරියෙ කතා-1

මේක උනේ 2014දී විතර…අපි ගාව වැඩ කළා සෝමා කියලා මැෂින් ඔපරේටර් කෙනෙක්….සෝමා අපේ හිටපු පරණම සේවිකාවක්. එයාගේ මහත්තය ගෙදර වෙනම පොඩි සිල්ලර කඩයක් කළා…තව සයිඩ් බිස්නස් එකක් විදියට සෝමා සල්ලි පොලියට දෙන වැඩෙත් කරන් ගියා…..ගිනි පොළියයි අමු ලෝභ කමයි නිසා තමා සෝමා හැමෝම අතරේ ප්‍රසිද්ද වෙලා හිටියේ…

දැන් මම අපේ අනිත් කතා නායිකාව ගැන කියන්නම්….ඒ තමා කාන්ති….එයා අලුතෙන් බඳවා ගත්ත ඔපරේටර් කෙනෙක්….අලුත් චරිතයක් නිසා කවුරුත් එයා ගැන දැනන් හිටියේ නෑ….

ආපු මුල් දවස් නිසා යාළුවො කවුරුත් හිටියේ නැති නිසා මෙයා සෝමා එක්ක ෆිට් උනා….ටිකෙන් ටික දෙන්න හොඳම යාළුවො උනා…කන්න යන්නේ එකට…තේ එක බොන්න යන්නේ එකට….පස්සේ අපිට ආරංචි උනේ නිවාඩු දවස්වලට කාන්ති සෝමා ලාගේ ගෙදර ගිහින් ගෙවල් දොරවල් අස් පස් කරලා කෑම බීම පවා හදල දීලා තියෙනවා

ඒ දවස්වල මගේ කැබින් එක තිබුනේ ෆැක්ට්‍රි එක තිබුන තට්ටුවෙමයි……එක දවසක් මට හෙන රණ්ඩුවක් ඇහුන නිසා මම කැබින් එකෙන් ඔලුව දාලා බැලුවා….ඒත් එක්කම මම දැක්ක අපේ ප්‍රොඩක්ෂන් මැනේජර් ලියනගේ මහත්තයා මගේ කැබින් එක පැත්තට එනවා…..

“අනේ සුරන් මහත්තය මට බෑ මුන් එක්ක වැඩ කරන්න. සෝමයි කාන්තියි රණ්ඩුවක්…… අපේ ඔලුවත් කනවා මුන්….”

මම: මොකක්ද වෙලා තියෙන්නේ

ලියනගේ : ඔබතුමාම අහල බලන්න

මම : හරි එන්න කියන්න ඒ දෙන්නට

මම දෙන්නම ගෙන්නුවා කැබින් එකට……සෝමා නිකන් පොලවේ පස් කන්න වගේ අඬනවා….ඕවර් ඇක්ටින්ග් දඟලානා උපරිම….කාන්ති පිට්ටු සීයක් කටේ දාගෙන වගේ නෝ කතා නෝ සිනා….

මම : මේක ආයතනයක්….අපි මෙතන විනය තියාගෙන වැඩ කරන්න ඕන….දැන් මොකක්ද මෙතන උනේ?

සෝමා ආයේ තව හයියෙන් අඬන්න ගත්ත….අර පුසෝ අඬන්නේ අන්න ඒ විදියට

“සර් මේකි මාව රැවට්ටුව..මගෙන් සල්ලි වගයක් පොලියට ගත්තා…ලක්ෂ 3ක්…දැන් සල්ලි ඉල්ලුවම මාව මග අරිනවා සර්…..මාස තුනකින් පොලි ගෙවලා නෑ….

(මගේ ඔලුව ඇතුලේ :”අඩේ…සෝමට එච්චර සල්ලි තියෙනවද….මාර ඩයල් එකක් නේ….”)

මම : ඉතින් සෝමා ඔච්චර සල්ලි දෙනකොට ඇපේට මුකුත් තියා ගන්නේ නැද්ද?

“තියෙනවා සර්…මම එච්චර මෝඩ නෑ…..මේකිගේ මිනිහගේ “වාහනේ පොත” ඇපේට තියන් තමා මම සල්ලි දුන්නේ….මම හොඳ පාඩමක් උගන්වනවා මේකිටයි මිනිහටයි……

මම : මොකක්ද වාහනේ?

සෝමා: ඩිමෝ බට්ටෙක් සර්….ඉන්න මම සර්ට පෙන්නන්නම්

කියලා සෝමා ෆැක්ටරි එක පැත්තට දිව්වා බෑග් එක අරන් එන්න….ඔය අතරේ මම කාන්ති දිහා බැලුවම දැක්කේ…කාන්තිගේ මමූඩ් දැන් ෆුල් අවුල්…

සෝමා : මේ තියෙන්නේ සර් පොත

කියල සෝමා මගේ අතට ෆයිල් එකක් දුන්නා…..

හත් ඉලව්වට ගහපු කලාබර කිව්වලු…..

හත්ඉක්කේ දෙයියනේ…..

වාහනේ පොත කියලා කාන්ති සෝමට දීලා තියෙන්නේ…..ඩිමෝ බට්ටාගේ Product Catalogue එක…. ඒකෙ තියෙන්නේ….ඩිමෝ බට්ටා වාහනේ එක එක ලස්සන ෆොටෝස්, වාහනේ තියෙන එක එක අංග උපාංග…නැතුව වාහනේ CR කොපි එක නෙවෙයි….

(මගේ ඔලුව ඇතුලේ : අයිසේ කාන්ති ඔයා නියම ගේම් කාරයේක් නේ)

මම ෆයිල් එක බලන ගමන් කාන්ති දිහා බැලුවා ආයේ….දැන් එකී ටැප් එක ඇරියා වගේ අඬන්න ගත්තා…ඕවර් ඇක්ටින්ග් ද්න්ගලානා පාට් 2

සෝමත් ඉතින් අර ලස්සන ලැමිනේට් කරපු ෆයිල් එකට රැවවෙන්න ඇති….ඕකට තමා කියන්නේ තණ්හාය ජායති සෝකෝ කියලා…වැඩි තණ්හාවට ගියාම ඕක තමා වෙන්නේ….

ඔය ප්‍රශ්නේ ඉතින් අපිට විසඳන්න පුළුවන් දේවල් නෙවෙයි නේ….ආයතනය ඇතුලේ හරියට විනය තියාගෙන ඉන්න කියලා දෙන්නටම අවවාද කරලා මම යැව්වා….

කොහොමහරි ප්‍රශ්නේ ඒ දෙන්න විසඳ ගත්තේ පොලිසි ගිහින්…දීපු සල්ලි වලින් භාගයක් විතර සෝමා ආයේ හොයා ගෙන තිබුනා….එක පාරම කාන්ති මිසින්ග් උනා….ගෙවල් අත ඇරලා වෙන පැත්තක පදිංචියට ගිහින් තියෙන්නේ මේ වගේ තව ගේම් හතරක් පහක් දීලා කියලා පස්සේ ආරංචි උනා

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

3 thoughts on “පැට්ටේරියෙ කතා-1”

  1. අම්මටසිරි මාර මිනිස්සු තමා ඉන්නෙ අම්මොහ්.
    ඕනිවට වඩා අනිත් අයත් එක්ක සුහදශීලී නම් පොඩි ගේමක් දීමේ සම්භාවිතාවය වැඩිද මන්දා..
    ණය දීපු කෙනාගෙ තණ්හාව කියලා ගේම ගහපු එක සාධාරණීකරණය කරලද මන්ද😑

    Liked by 1 person

      1. හ්ම්ම්ම්ම්👌

        මිනිස්සු තේරුම් ගන්න එකත් ලේසි නෑ බලාගෙන ගියාම නේද🙄

        Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s